“එක එක කණ්ඩායම්වලට ඕන ඕන විදිහට රගර් ගහන්න බෑ” SLSRFU සභාපති

2302

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මේ සතියේ දී ආරම්භ වීමට නියමිත අතර සාන්ත පීතර විදුහල, සාන්ත ජෝසප් විදුහල, වෙස්ලි විදුහල, ඉසිපතන විදුහල, කිංග්ස්වුඩ් විදුහල හා විද්‍යාර්ථ විදුහල මෙවර තරගාවලිය සඳහා සහභාගී වේ. 

මයිලෝ ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම රග්බි ක්‍රීඩාවේ ජීව ගුණය ඉහළ දැමීමේ හා ක්‍රීඩාවේ හරය ආරක්ෂා කිරීම පෙරදැරි කර ගනිමින් 27 වැනි වතාවටත් ශ්‍රී ලංකා පාසල් රග්බි පිටිය සමඟ අත්වැල් බැඳගන්නේ මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වමිනි. 

​විද්‍යාර්ථයින් කෙළින්ම අවසන් පූර්ව වටයට!

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ ……..

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම මෙන්ම කුසලානය එළිදැක්වීමේ මාධ්‍ය හමුව ඊයේ CR&FC හිදී පැවැත්විය.

එහි දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ (SLSRFU) සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා පවසා සිටියේ ක්‍රීඩාවේ හරය නැවත ඔප්නංවා ගැනීමට නම් සියලු කණ්ඩායම් අනෙක් කණ්ඩායම්වලට ගෞරව කළ යුතු බවයි. එමෙන්ම පාසලකට ලීග් ශූරතාවයට වඩා වැදගත් වන්නේ පිළිමළුන් පිටුදැකීමේ ශූරතාව බවත්, පාසලේ නාමය වෙනුවෙන් පමණක් නොව ක්‍රීඩකයාගේ වර්ධනයට ද ක්‍රීඩා කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

“අපි ඒ දවස්වල මෙම තරග සංවිධානය කරන විට එය සැණකෙළියක මුහුණුවරක් ගත්තා, නමුත් දැන් එහෙම නෑ, එක එක පාසල් තමන්ට උවමනා විදිහට සහභාගී වෙනවා, ඒ වගේම ලීග් ශූරතාවයෙන් පසු පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවයට සමහර පාසල් ක්‍රීඩා කරන්නේ නෑ, ලබන වසරේ දී අපි නව නීතියක් ගෙන එනවා ලීග් ශූරතාවයෙන් පසු පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවලියට සහභාගී නොවුනොත් ඊට පසු වසරේ දී ඒ පාසල්වල ලීග් ශ්‍රේණිගත කිරීම් වලට එය බලපාන ආකාරයට, එක එක කණ්ඩායම්වලට ඕන ඕන විදිහට රගර් ගහන්න බෑ” වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය. 

එසේම සභාපතිවරයා මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ පාසල්වල රග්බි නායකයින් දෙස බලමින් සඳහන් කර සිටියේ, සෑම කණ්ඩායමක් සෑම ක්‍රීඩකයෙකුම හොඳ විනයකින් ක්‍රීඩා කළ යුතු බවයි.

රාජකීයයින් තෙවැනි වරටත් රග්බි පිටියේ බලය තහවුරු කරගනී

අතිශය තරගකාරී මුහුණුවරක් ගත් 2019 සිංගර් …….

මයිලෝ ශ්‍රී ලංකා ආයතනයේ සන්නාම කළමනාකරු මොහොමඩ් අලි මහතා මාධ්‍ය හමුවේ දී පවසා සිටියේ, 

“ක්‍රීඩාවේ සැබෑ වටිනාකම හෙළි කළ හැක්කේ එකිනෙකාට ගරු කිරීමෙන් පමණි, මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය නැවතත් අපව ක්‍රීඩාව තුළට ගෙන ක්‍රීඩාවට හා අපට ඇති බැඳීම තවත් ශක්තිමත් කරාවි” ලෙසයි.

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජූලි 4 වැනිදා සිට 20 වැනිදා දක්වා සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේ දී හා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

එසේම ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට සමගාමීව ප්‍රිමියර් කුසලාන තරගාවලිය හා සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ද උදෑසන 9.15 සිට පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන් පහතින්.

ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය

අර්ධ අවසන් පූර්ව තරගය – 1 ජූලි 4 රාජකීය විදුහල (Walkover) විද්‍යාර්ථ විදුහල සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 4.15 
අර්ධ අවසන් පූර්ව තරගය – 2 ජූලි 5 සාන්ත තෝමස් විදුහල (walkover) වෙස්ලි විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය ප.ව 4.15
අර්ධ අවසන් පූර්ව තරගය – 3 ජූලි 6 සාන්ත ජෝසප් විදුහල ඉසිපතන විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය ප.ව 4.15
අර්ධ අවසන් පූර්ව තරගය – 4 ජූලි 7 කිංග්ස්වුඩ් විදුහල සාන්ත පීතර විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය ප.ව 4.15
අවසන් පූර්ව තරගය – 1 ජූලි 12 වෙස්ලි විදුහල විද්‍යාර්ථ විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 4.15
අවසන් පූර්ව තරගය – 2 ජූලි 13 Winner QF 3 Winner QF 4 රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 4.15
අවසන් මහා තරගය  ජූලි 20 Winner SF 1 Winner SF 2 රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 4.15

අන්තර් සමාජ සත් සාමාජික රග්බි ශූරතාවය මහනුවරට

2019 ‘Dialog’ අන්තර් සමාජ සත් සාමාජික ……..

ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය 

අර්ධ අවසන් පූර්ව තරගය – 1 ජූලි 4 ලුම්බිණි විදුහල දේවපතිරාජ විදුහල සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 2.15
අර්ධ අවසන් පූර්ව තරගය – 2 ජූලි 5 ආනන්ද විදුහල සාන්ත ඇලෝසියස් විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය ප.ව 2.15
අර්ධ අවසන් පූර්ව තරගය – 3 ජූලි 6 වේල්ස් කුමර විදුහල සාන්ත සිල්වෙස්තර විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය ප.ව 2.15
අර්ධ අවසන් පූර්ව තරගය – 4 ජූලි 7 තර්ස්ටන් විදුහල පිළියන්දල මධ්‍ය මහා විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය ප.ව 2.15
අවසන් පූර්ව තරගය – 1 ජූලි 12 Winner QF 1 Winner QF 2 රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 2.15
අවසන් පූර්ව තරගය – 2 ජූලි 13 Winner QF 3 Winner QF 4 රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 2.15
අවසන් මහා තරගය  ජූලි 19 Winner SF 1 Winner SF 2 රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 2.15

 

සභාපතිගේ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය

අර්ධ අවසන් පූර්ව තරගය – 1 ජූලි 4 සාන්ත ජෝන් විදුහල අශෝක විදුහල සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය පෙ.ව 9.15
අර්ධ අවසන් පූර්ව තරගය – 2 ජූලි 5 කේරි විදුහල මාතලේ සාන්ත තෝමස් විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය පෙ.ව 9.15
අර්ධ අවසන් පූර්ව තරගය – 3 ජූලි 6 පානදුර ශ්‍රී සුමංගල විදුහල ලලිත් ඇතුලත්මුදලි විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය පෙ.ව 9.15
අර්ධ අවසන් පූර්ව තරගය – 4 ජූලි 7 නාලන්ද විදුහල ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහල    රාජකීය ක්‍රීඩා සංකීර්ණය පෙ.ව 9.15
අවසන් පූර්ව තරගය – 1 ජූලි 12 Winner QF 1 Winner QF 2 රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය පෙ.ව 9.15
අවසන් පූර්ව තරගය – 2 ජූලි 13 Winner QF 3 Winner QF 4 රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය පෙ.ව 9.15
අවසන් මහා තරගය  ජූලි 19 Winner SF 1 Winner SF 2 රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය පෙ.ව 9.15

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<