​විද්‍යාර්ථයින් කෙළින්ම අවසන් පූර්ව වටයට!

1090

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ කාල සටහන එලි දක්වා ඇත. එළඹෙන ජූලි 4 වැනිදා සිය 20 වැනිදා දක්වා මෙම තරගාවලිය සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේ දී හා රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි. 

රාජකීයයින් තෙවැනි වරටත් රග්බි පිටියේ බලය තහවුරු කරගනී

අතිශය තරගකාරී මුහුණුවරක් ගත් 2019 සිංගර් ……….

පාසල් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ දී මේ වසරේ ලීග් ශූරයින් වන රාජකීය විදුහල මෙන්ම ත්‍රිත්ව විදුහල සහ සාන්ත තෝමස් විදුහල ද මෙම තරගාවලියෙන් ඉවත්ව ඇත. එම නිසාවෙන්ම ලබන වසරේ ලීග් ශූරතාවලියේ A කාණ්ඩයෙන් ක්‍රීඩා කිරීමට තම මග පාදාගත් විද්‍යාර්ථ විදුහලට ද මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ස්ථානයක් හිමිවී ඇත. 

මෙම තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටය ලබන 6 සහ 7 යන දිනයන්හිදී පැවැත්වෙන අතර අවසන් පූර්ව වටය 13 සහ 14 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි. එසේම අවසන් මහා තරගය ජූලි මස 20 වැනිදා පැවැත්වේ. 

අන්තර් සමාජ සත් සාමාජික රග්බි ශූරතාවය මහනුවරට

2019 ‘Dialog’ අන්තර් සමාජ සත් සාමාජික රග්බි …..

පසුගිය වසරේ මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයින් වන සාන්ත පීතර විදුහල මේ වසරේ ලීග් තරගාවලියේ පලඟ ශූරයින් වන කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව සිය ප්‍රථම තරගය ක්‍රීඩා කරන අතර 2017 වසරේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයින් වන සාන්ත ජෝසප් විදුහල ඉසිපතන විදුහලට එරෙහිව තරග කිරීමට නියමිතයි.

තරග කාල සටහන.

අර්ධ අවසන් පූර්ව තරගය – 1 ජූලි 4 රාජකීය විදුහල (Walkover) vs විද්‍යාර්ථ විදුහල සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 4.15 
අර්ධ අවසන් පූර්ව තරගය – 2 ජූලි 5 සාන්ත තෝමස් විදුහල (walkover) vs වෙස්ලි විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය ප.ව 4.15
අර්ධ අවසන් පූර්ව තරගය – 3 ජූලි 6 සාන්ත ජෝසප් විදුහල vs ඉසිපතන විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය ප.ව 4.15
අර්ධ අවසන් පූර්ව තරගය – 4 ජූලි 7 කිංග්ස්වුඩ් විදුහල vs සාන්ත පීතර විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය ප.ව 4.15
අවසන් පූර්ව තරගය – 1 ජූලි 12 වෙස්ලි විදුහල vs විද්‍යාර්ථ විදුහල රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 4.15
අවසන් පූර්ව තරගය – 2 ජූලි 13 Winner QF 3 vs Winner QF 4 රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 4.15
අවසන් මහා තරගය  ජූලි 20 Winner SF 1 vs Winner SF 2 රාජකීය ක්‍රීඩා සංකීර්ණය / සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය ප.ව 4.15

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<