‘මයිලෝ’ දැල්පන්දු ශූරතාවලිය අද ආරම්භ වේ

247

නෙස්ලේ ලංකා ආයතනය, ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය (SLSNA) හා එක්ව 26 වන වරටත් සංවිධානය කරනු ලබන ‘මයිලෝ’ සමස්ත ලංකා පාසල් දැල්පන්දු ශූරතාවලිය අද (03) සිට ලබන සෙනසුරාදා (05) දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ජූලි මස 8 වන දා සිට 16 වන දා දක්වා රටවල් 20ක සහභාගිත්වයෙන් බොට්ස්වානා හි …

වයස අවුරුදු 14න් පහළ, 16න් පහළ සහ 18න් පහළ යනුවෙන් වයස් කාණ්ඩ තුනක් ඔස්සේ පැවැත්වෙන තරගාවලිය සඳහා කණ්ඩායම් 360කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 4,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

තරගාවලිය සඳහා සහභාගී වන සියලුම කණ්ඩායම් ‘A’ හා ‘B’ වශයෙන් කාණ්ඩ දෙකකට කාණ්ඩගත කරනු ලැබේ. සිසුන් 1000කට වඩා සිටින පාසල් ‘A’ කාණ්ඩයට අයත් වන අතර 1000කට අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් ‘B’ කාණ්ඩයට අයත් වේ.

එමෙන්ම පාසල් වයසේ පසුවන ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පසුගිය දා අවසන් වූ ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබීම විශේෂත්වයකි. ඒ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයේ රශ්මි දිව්‍යාංජලී සහ කොළඹ විසාකා විද්‍යාලයේ තරුෂි ඉලංගරත්න යි.

මීට සති කිහිපයකට පෙර පැවති ලෝක යොවුන් දැල්පන්දු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායමට පාසල් ක්‍රීඩිකාවන් 05 දෙනෙක් ඇතුළත් වීම සුවිශේෂී අවස්ථාවකි. ඒ කොළඹ විසාකා විද්‍යාලයේ තරුෂි ඉලංගරත්න සහ මෙලනි විජේසිංහ, මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නටාෂා අළුවිහාරේ, කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සෙත්මි දනෝෂි සහ සුසීමා බණ්ඩාර යන ක්‍රීඩිකාවන් ය.

පසුගිය වසරේ ප්‍රතිඵල  

‘A’ කාණ්ඩය

ස්ථානය U14 U16 U18
ශූරතාවය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කුරුණෑගල විශාඛා විද්‍යාලය, කොළඹ 05. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කුරුණෑගල
2 වන ස්ථානය සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ 07. කළුතර බාලිකා විද්‍යාලය ආනන්ද බාලිකා විද්‍යාලය, කොළඹ 10.
3 වන ස්ථානය මියුසියස් විද්‍යාලය, කොළඹ 07. මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල විසාකා විද්‍යාලය, කොළඹ 05.
4 වන ස්ථානය ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ 10. කාන්තා විද්‍යාලය, කොළඹ 07. මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල
දක්‍ෂතම ක්‍රීඩිකාව රොෂෙල් ප්‍රනාන්දු (සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය) මෙලනි විජේසිංහ (විශාඛා විද්‍යාලය) ජී. ඒ. පබසරා (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

 

‘B’ කාණ්ඩය

ස්ථානය U14 U16 U18
ශූරතාවය සිරිමල්වත්ත කනිෂ්ඨ විද්‍යාලය, ගුණේපන බණ්ඩාරපොළ මහා විද්‍යාලය, මාතලේ රංජන් විජේරත්න මහා විද්‍යාලය, බුත්තල
2 වන ස්ථානය බණ්ඩාරපොළ මහා විද්‍යාලය, මාතලේ දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පේ ආනන්ද මධ්‍ය විද්‍යාලය, වල්හාපුතැන්න
3 වන ස්ථානය ඇල්ලවැව මහා විද්‍යාලය, පොළොන්නරුව රාහුල මහා විද්‍යාලය, නෙදලගමුව බණ්ඩාරපොළ මහා විද්‍යාලය, මාතලේ
4 වන ස්ථානය යටිහේන කනිෂ්ඨ විද්‍යාලය, මල්වාන ක්‍රිස්තු රාජ විද්‍යාලය, පන්නිපිටිය අනුරුද්ධ මධ්‍ය විද්‍යාලය, ලුණුවිල
දක්‍ෂතම ක්‍රීඩිකාව පවනි විජේකීර්ති (සිරිමල්වත්ත කනිෂ්ඨ විද්‍යාලය) උරේෂා චතුරංගනී (බණ්ඩාරපොළ මහා විද්‍යාලය) නිමේෂා මදුෂානි (රංජන් විජේරත්න මහා විද්‍යාලය)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට