සුපිරි ජයග්‍රහණයකින් නාලන්දාව අවසන් තරගයට

661

2019 මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (13) කොළඹ නාලන්දා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වූයේ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී ය. මෙහි දී ලකුණු 22-08ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට නාලන්දා ක්‍රීඩකයින් සමත් විය.

ලුම්බිණි සංග්‍රාමය ජය ගැනීමට ආනන්දයින් සමත් වෙයි

2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය………..

තරමක වර්ෂාවක් ඇදහැලුනු නමුත් එය බාධාවක් කර නොගනිමින් උදෑසන තරගය ආරම්භ වූ අතර තෙතබරිත ක්‍රීඩා පිටිය දෙපිළෙහිම ක්‍රීඩකයන්ට ලිස්සන සුළු පන්දුව සමඟ ක්‍රීඩා කිරීමට අසීරු තත්වයක් උදාකර තිබුණි. කෙසේ නමුත් සුමංගල ක්‍රීඩකයින් පිටිය තුළ යම් ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බවක් දක්නට ලැබුණි. 

නාලන්දා පසින් සිදු වූ තරග නීති උල්ලංඝනය කිරීමක් නිසා ලැබුණු දඬුවම් පහරක් මීටර 22 රේඛාව මත සිට සාර්ථකව ගෝල කණු අතරින් එල්ල කිරීමට සුමංගල විද්‍යාලයේ යදීෂ් ඉඳුවර හට හැකි වූයේ තරගයේ 10 වැනි මිනිත්තුවේ දී ය. (සුමංගල 03 – 00 නාලන්දා) 

මේ සමඟින් තරමක් උද්දාමයට පත්වූ සුමංගලයින් සිය ක්‍රීඩා රටාව තව තවත් දැඩි කරන්නට වූයේ සිය ප්‍රතිවාදීන්ව පිටිය මධ්‍යයේ සිරකර තබමිනි. කෙසේ නමුත් නාලන්දා ක්‍රීඩකයින් සිය නායක අශේන් නානායක්කාරගේ මග පෙන්වීම යටතේ තමන්ගේ ක්‍රීඩා කුසලතාවය මනාව පෙන්නුම් කරමින් පීඩනයෙන් මිදීමට කටයුතු කළේය. 

විනිසුරුවරයාගෙන් ලැබූ වාසියක් උපයෝගී කරගනිමින් සිය ගෝලයට වඩාත් ආසන්නව ස්ථානගත වීමට නාලන්දා ක්‍රීඩකයින්ට හැකි විය. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් නාලන්දාවේ නිපුන් තිළිණ සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නමුත් මෙහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට දේශාන් අලහකෝන් අපොහොසත් විය. (සුමංගල 03 – 05 නාලන්දා) 

කරට කර ලකුණු ලබා සිටි කණ්ඩායම් දෙක මේ වන විට එකිනෙකා පරයමින් ක්‍රීඩා කළ අතර පන්දුව යම් කණ්ඩායමක් සතුව තිබුණේ ඉතාමත් සුලු කාලවේලාවකට පමණි. සිය ආක්‍රමණශීලී බව මොහොතකට නවතමින් ආරක්ෂාකාරී ඉරියව්වකට අනුගත වූ සුමංගල විද්‍යාලය, නාලන්දා ක්‍රීඩකයින්ට ගෝලය වෙත ළඟා වීමට බාධා එල්ල කිරීමට සමත් විය. මෙම අවස්ථාව වන විට සුමංගල විද්‍යාලයට ද සිය ලකුණු රැස් කිරීමේ අවස්ථා මග හැරී ගියේ ඔවුන් අතින් සිදු වූ විවිධ අත්වැරදීම් නිසාවෙනි.

නුවරින් ආ අමුත්තන් කොළඹ දී පරාජය වේ!

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවැනි අවසන් පූර්ව තරගය…………

තරගය ආරම්භයේ පටන්ම සිය වේගවත් ධාවන සහ ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ කුසලතාවය උපකාරී කරගනිමින් සිය කණ්ඩායමට තල්ලුවක් ලබා දුන් සුමංගල ක්‍රීඩක ඔෂාන් ලක්ෂාන් මෙහි දී දැරූ උත්සාහයන් හට වටිනාකමක් ලබා දීමට අනෙකුත් ක්‍රීඩකයන් සමත් වූයේ නැත. මේ අතරතුර දී බිම වැටී සිටි නාලන්දා ක්‍රීඩකයෙකුගේ අත සිතාමතා පෑගීම නිසා තරගයේ පළමු කහ කාඩ්පත ලබා පිටියෙන් ඉවත් වීමට සුමංගල ක්‍රීඩක යදීෂ සිල්වා හට සිදු විය.  

සාමුහික ප්‍රයත්නයන් ඔස්සේ නැවත වරක් ආක්‍රමණය කළ නාලන්දයින් සිය දෙවන උත්සාහක දිනුම ලබා ගැනීමේ අවස්ථාවට බොහෝ ආසන්න වී සිටිනු දක්නට ලැබුණි. 

නමුත් පන්දුව සි‍යතට ගත් සුමංගල ක්‍රීඩකයින් සිය කලබලකාරී ස්වරූපය වඩාත් පෙන්වමින්, ඉදිරියට ඇදෙනවා වෙනුවට පසුපසට පන්දුව හුවමාරු කළේ නාලන්දා ක්‍රීඩකයින්ගේ ගෝලයට ආසන්න වෙමිනි. 

සුමංගල ක්‍රීඩකයින් අතින් පන්දුව පැහැරගත් නාලන්දා කණ්ඩායම තමන්ට නැවත වතාවක් බාධා කිරීමට ප්‍රතිවාදීන් හට ඉඩ නොතැබූ අතර පළමු අර්ධය නිමා වීමට මිනිත්තුවකට පමණ පෙර දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට නිපුන් තිළිණ සමත් වූ අතර එහි ප්‍රවර්තනය දේශාන් අලහකෝන් විසින් සාර්ථක කරගත්තේය. (සුමංගල 03 – 12 නාලන්දා) 

පළමු අර්ධය: සුමංගල විද්‍යාලය 03 – 12 නාලන්දා විද්‍යාලය 

දෙවන අර්ධය සඳහා පිටියට පිවිසි කණ්ඩායම් ද්විත්වය කඩිසරව ක්‍රියාත්මක වූයේ තම ලකුණු පුවරුව තවත් වැඩි කර ගැනීමේ අරමුණ ඇතිවය. ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිව පිටියේ ඔබ මොබ දිව යමින්, සැහැල්ලු නමුත් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කළ නාලන්දා ක්‍රීඩකයින් හමුවේ සුමංගල ජවය පෙරට වඩා පිරිහී ගිය බවක් දක්නට ලැබුණි. මෙය හොඳින්ම පිළිබිඹු වූයේ සුමංගල ක්‍රීඩකයින් පිරිසක්ම ඉතා මන්දගාමී අයුරින් ක්‍රීඩා කරනු දක්නට ලැබීමෙනි. 

සිය සම්පූර්ණ ශක්තිය යොදවමින් ප්‍රතිවාදී සුමංගල කණ්ඩායම පසුබස්වමින් ඔවුන්ගේ දුර්වලතා නිසා ලැබූ විනිසුරු තීරණවලින් ද ලත් වාසි ප්‍රයෝජනයට ගෙන ඉදිරියට ගමන් ගත් නාලන්දා කණ්ඩායම කෙටි වේලාවක දී සිය ගෝලය ආක්‍රමණය කරනු ලැබීය. මෙහි දී දෙවන අර්ධයේ පළමු මෙන්ම තරගයේ තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට ඇසළ අබේවර්ධන සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය නිවැරදිව එල්ල කිරීමට දේශාන් අලහකෝන් හට හැකි වූයේ නැත. (සුමංගල 03 – 17 නාලන්දා) 

කෙසේ නමුත් කාලවේලාව ද ශීඝ්‍රයෙන් ගෙවී යමින් තිබුණේ සුමංගල විද්‍යාලයට අවාසිදායක වන අයුරිනි. 

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එක් අවස්ථාවක දී තමන්ගේ ගෝල සීමාවට ආසන්න වූ සුමංගල ක්‍රීඩකයින් සුළු අරගලයක නිරත වූයේ සිය ක්‍රීඩකයෙකු හට කෙසේ හෝ ලකුණු රැස් කිරීමට අවස්ථාවක් උදා කර දීමටයි. මෙහි දී නාලන්දා ආරක්ෂක පෙළ තුළ දුර්වලතාවයක් ඇතිවූ අතර ඒ අතරින් රිංගා ගෝල රේඛාව පසුකොට අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට නිලීෂ තරින්ද සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට යදීෂ් ඉඳුවර අපොහොසත් විය. (සුමංගල 08 – 17 නාලන්දා) 

නැවත වතාවක් සුමංගල විද්‍යාලයට උත්සාහක දිනුමක් සඳහා අවස්ථාව හිමි වූයේ ජීවක චාමිකරගේ සුපිරි ධාවනය සහ ඔහුගේ ස්ථානෝචිත ක්‍රියාකලාපය හේතුවෙනි. ගෝල සීමාවේ සිට මීටර 5 රේඛාව මත දී ලැබූ scrum අවස්ථාවක වාසිය නිසි ලෙස උපයෝගී කර නොගැනීමේ ප්‍රතිඵලය ලෙස නැවතත් පන්දුව නාලන්දා ක්‍රීඩකයින් හට හිමි විය. 

සාන්ත ජෝන් ප්‍රහාරයෙන් සාන්ත තෝමස් තරගාවලියෙන් ඉවතට

මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය…….

Ruck අවස්ථාවක් ඔස්සේ සිය බලඇණිය ගොඩ නගමින් ඉදිරියට පැමිණි නාලන්දාවේ පළමු උත්සාහය ව්‍යර්ථ වූ නමුත් ඇසළ අබේවර්ධනගේ දක්ෂතාවය නිසා නාලන්දාවට තවත් උත්සාහක දිනුමක් හිමි විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට දේශාන් අලහකෝන් අසමත් විය. (සුමංගල 08 – 22 නාලන්දා) 

අවසන් මිනිත්තු කිහිපය තුළ දී කිසිදු කණ්ඩායමකට ලකුණු රැස් කිරීමට ඉඩක් නොලැබුණු අතර එම කාලය පුරාවටම සුමංගල විද්‍යාලය ඔවුන්ගේ ගෝලයෙන් ඈත්කර තැබීමට නාලන්දා ක්‍රීඩකයෝ කටයුතු කළහ. 

මේ අනුව අවසානයේ ලකුණු 14ක පරතරයක් සහිතව ජයග්‍රහණය හිමිකර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් වූයේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය සමඟ අවසන් තරගය සඳහා සටන් වැදීමට වරම් හිමි කරගනිමිනි. 

අවසන් ලකුණු තත්වය: සුමංගල විද්‍යාලය 08 (1P, 1T) – 22 (4T, 1C) නාලන්දා විද්‍යාලය 

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

නාලන්දා විද්‍යාලය: නිපුන් තිළිණ 2T, ඇසළ අබේවර්ධන 2T, දේශාන් අලහකෝන් 1C.
සුමංගල විද්‍යාලය: යදීෂ් ඉඳුවර 1P, නිලීෂ තරින්ද 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<