සාන්ත ජෝන් ප්‍රහාරයෙන් සාන්ත තෝමස් තරගාවලියෙන් ඉවතට

576

මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද (12) දින රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විනි. ඒ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය සහ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය අතරයි. එම තරගයෙන් ලකුණු 29 – 05ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට සාන්ත ජෝන් විද්‍යාලය සමත් විය. 

වැරදුනේ කොතනද?

කොළඹ ඉසිපතන විද්‍යාලය යනු ‘ශ්‍රී ලංකාවට …….

පෙරවරු 9.20ට තරගය ආරම්භ වනවිට පෙර දිනයේ දී වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය මදක් තෙත් ස්වභාවයක් ගත් බවක් දක්නට ලැබුනි. එසේම සාන්ත ජෝන් විද්‍යාලය පන්දුව තමන් සතුකර ගෙන ඉදිරිපෙළින් ක්‍රීඩා කිරීමට කොතෙක් වෙර දැරුවත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් සාන්ත තෝමස් ක්‍රීඩකයින් මනා ලෙස තම ආරක්ෂාව තර කරගන්නා ආකාරයක් දක්නට ලැබුනි.

තරගයේ 12 වන මිනිත්තුවේ දී සාන්ත තෝමස් ආරක්ෂාව විනිවිද යාමට නොහැකි බව වටහාගත් සාන්ත ජෝන් විද්‍යාලයේ Center ක්‍රීඩක ඩී. ජාලියගොඩ Cross kick පහරක් ආධාරයෙන් පන්දුව තෝමස් ක්‍රීඩකයින් ඉහළින් යැවූ අතර එහිදී වේගවත් ධාවනයක යෙදුනු සාන්ත ජෝන් විද්‍යාලයේ Wing ක්‍රීඩක පී. ලක්ෂිත් පන්දුව අලංකාර ලෙස රැක ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (සාන්ත ජෝන් 05 – 00 සාන්ත තෝමස්) 

එයට පිළිතුරු වශයෙන් තරගයේ 16 වන මිනිත්තුවේ දී Scrum අවස්ථාවකින් පන්දුව පිටතට ගත් සාන්ත තෝමස් Scrum Half ක්‍රීඩක චමොත් චන්ද්‍රරත්න පසුපෙළ පිටුපසින් දිවයමින් පන්දුව Center ක්‍රීඩක කුමාර ධර්මසේන වෙත යොමු කළ අතර එමඟින් සාන්ත ජෝන් ආරක්ෂාව බිඳ හෙලූ කුමාර පහසුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (සාන්ත ජෝන් 05 – 05 සාන්ත තෝමස්) 

පසුව තරගයේ 26 වන මිනිත්තුවේ දී තම ඉදිරිපෙළ යොදාගනිමින් ඉදිරියට ඇදුනු සාන්ත ජෝන් විද්‍යාලය, පසුව පන්දුව පසුපෙළ වෙත යොමුකළ අතර එහිදී වේගයෙන් දිවගිය ඩී. නිමන්ත උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සාන්ත ජෝන් 10 – 05 සාන්ත තෝමස්) 

වැරදුනේ කොතනද?

කොළඹ ඉසිපතන විද්‍යාලය යනු ‘ශ්‍රී ලංකාවට වැඩියෙන්ම …..

ප්‍රථම අර්ධය : නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය 10 – 05 මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය  

දෙවන අර්ධය ආරම්භයේ සිට සාන්ත තෝමස් කණ්ඩායම ඉතා අලංකාර ලෙස පන්දුව දෝලනය කරමින් පිටියේ ඉදිරියට ඇදෙන ආකාරයක් දක්නට ලැබුනි. නමුත් තරගයේ 32 වන මිනිත්තුවේ දී ඔවුන් අතින් සිදුවූ අතපසුවීමකින් මනා ප්‍රයෝජන ගත් සාන්ත ජෝන් විද්‍යාලයේ පී. ලක්ෂිත් වටිනා උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඒ. ප්‍රබෝධ සමත් විය. (සාන්ත ජෝන් 17 – 05 සාන්ත තෝමස්) 

නැවතත් තරගයේ 45 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සාන්ත ජෝන් විද්‍යාලයේ බී. කරුණානායක, සාන්ත තෝමස් ආරක්ෂාව බිඳ හෙළමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඒ. ප්‍රබෝධ සමත් විය. (සාන්ත ජෝන් 24 – 05 සාන්ත තෝමස්) 

තරගයේ අවසන් මිනිත්තුවේ දී නැවතත් සාන්ත ජෝන්වරුන්ගේ ජයග්‍රහණය සනාථ කරමින් සාන්ත ජෝන් ක්‍රීඩක ඕ. මිහිරාන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. (සාන්ත ජෝන් 29 – 05 සාන්ත තෝමස්) 

අවසන් ලකුණු තත්වය : නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය 29 – 05 මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය 

ලකුණු 29 – 05ක් ලෙස තරගය ජයගනිමින් සාන්ත ජෝන් විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය පහසුවෙන් ලකුණු 5කට පමණක් සීමා කරමිනි. 

ඇලෝසියස් – රිච්මන්ඩ් දකුණු ලක රග්බි සංග්‍රාමයේ දී පෙරළියකට සැරසේ

මෙරට පාසල් රග්බි පිටියේ පැවැත්වෙන වාර්ෂික මහා …..

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය එළඹෙන 19 වන දින අවසන් මහා තරගයට, හෙට දිනයේ දී පැවැත්වෙන නාලන්දා විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගයෙන්  ජයගන්නා කණ්ඩායම සමඟ ක්‍රීඩා කරනු ඇත. 

ලකුණු රැස්කළ ක්‍රීඩකයින් : 

සාන්ත ජෝන් විද්‍යාලය පී. ලක්ෂිත් (2T), ඩී. නිමන්ත (1T), බී. කරුණානායක (1T), ඕ. මිහිරාන් (1T), ඒ. ප්‍රබෝධ (2C) 

සාන්ත තෝමස් විද්‍යාලය – කුමාර ධර්මසේන (1T) 

ThePapare.com තරගයේ වීරයා –  පී. ලක්ෂිත් (සාන්ත ජෝන් විද්‍යාලය)


>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<