මෙසී සිය 10 වැනි La Liga ශූරතාවය සමරයි

127

ලයනල් මෙසී විසින් ලවන්ටේ කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ගෝලයත් සමඟින් 26 වැනි La Liga ශූරතාවය දිනා ගත් බාසිලෝනා කණ්ඩායම මේ දින කිහිපය තුළ පාපන්දු ලොවේ අවධානය දිනා ගත් කණ්ඩායමයි. එම ශූරතාවය මෙසී හට ද විශේෂ ශූරතාවයක් විය.

නේමාර් කට වරද්දා ගනී

බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක් වන නේමාර් ද සිල්වා ……..

තරගාවලිය තුළ බාසිලෝනා කණ්ඩායම විසින් වාර්තා වූ ගෝල 86න් හරි අඩකටත් වඩා මෙසීගේ දායකත්වය සටහන් වූ ගෝල විය. ඊයේ (29) සහභාගී වූ තරගයේ 61 වැනි මිනිත්තුව වන විටත් ඔවුන් විසින් ගෝලයක් වාර්තා නොවූ අතර ආර්ටූරෝ  විඩාල් විසින් ලබා දුන් පන්දු යොමුව මෙසීගේ වම් පාදයෙන් ගෝලය තුළට එල්ල විය.

බාසිලෝනා කණ්ඩායමේ 26 වැනි La Liga ශූරතාවය වන විට ඊට මෙසීගේ දායකත්වය අවස්ථාවන් 10 දී ලැබී ඇත. එසේ 10 වතාවක් La Liga ශූරතාවයන් දිනා ඇති එකම ක්‍රීඩකයා ලයනල් මෙසී වේ. 2019 තරගාවලිය තුළ ඔහු විසින් තරග 32 දී වාර්තා වූ 34 වැනි ගෝලය අවසන් තරගයේ දී වාර්තා විය.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<