යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති 2018 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට වෙළඳසේවා දැල්පන්දු සංගමය සමත් විය.

අවසන් තරගයේ දී වෙළඳසේවා දැල්පන්දු සංගමය, යාපනය දැල්පන්දු සංගමය ‘A’ කණ්ඩායම ලකුණු 53-19ක් ලෙස පරාජය කළ අතර 15-04ක්, 31-09ක් හා 43-13ක් ලෙස වට තුනේ ලකුණු සඳහන් විය. ජයග්‍රාහී කණ්ඩයමේ තර්ජිනී සිවලිංගම් ලකුණු 35ක් රැස්කරගත් අතර දර්ශිකා අබේවික්‍රම ලකුණු 14ක් රැස්කර ගන්නා ලදි. යාපනය ‘A’ කණ්ඩයම වෙනුවෙන් එලින්තිනි ලකුණු 12ක් වාර්තා කර ගන්නා ලදි.

වෙළඳසේවා දැල්පන්දු ශූරතාවය නැවතත් HNBට

වෙළඳ සංගම් දැල්පන්දු තරගාවලියේ A කාණ්ඩයේ අවසන් මහා තරගය ඊයේ (27) කොළඹ ටොරින්ටන් පිටියේ දී පැවැත්විය.

තෙවන ස්ථානය සඳහා වූ තරගයේ දී රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය යාපනය ‘B’ කණ්ඩයම ලකුණු 42-19ක් ලෙස පරාජය කරමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. ලකුණු 13-03ක් ලෙස රාජ්‍ය සේවා කණ්ඩයම පළමු වටයේ දී පෙරමුණ ගත්තත්, දෙවන වටයේ දී ලකුණු 8-7 (21-10)ක් ලෙස තියුණු තරගයක් දෙන්නට යාපනය ‘B’ සමත් විය. කෙසේ වුවත් 32-16ක් ලෙස තෙවන අර්ධය  අවසන් කළ රාජ්‍ය සේවා කණ්ඩයම ජය තහවුරු කර ගැනීමට සමත් විය. රාජ්‍ය සේවා කණ්ඩයම වෙනුවෙන් උමයංගනා ලකුණු 36ක් වාර්තා කර ගන්නා ලදි.

පළමු අවසන් පූර්ව තරගයේ දී, වෙළඳසේවා කණ්ඩයම ලකුණු 50-15 (13-6, 25-11, 34-14 & 50-15)ක් ලෙස රාජ්‍ය සේවා කණ්ඩයම පරාජය කළ අතර තර්ජිනී වෙළඳසේවා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 38ක් රැස්කර ගැනීමට සමත් විය.

දෙවන අවසන් පූර්ව තරගයේ දී යාපනය ‘A’ කණ්ඩයම, යාපනය ‘B’ කණ්ඩායම ලකුණු 41-21 (10-4, 23-10, 33-17 & 41-21)ක් ලෙස පරාජය කළ අතර එලින්තිනි යාපනය ‘A’ වෙනුවෙන් ලකුණු 36ක් රැස්කර ගැනීමට සමත් විය. එම්. තනුජ යාපනය ‘B’ වෙනුවෙන් ලකුණු 13ක් රැස්කර ගැනීමට සමත් විය.    

අන්තර් සමාජ දැල්පන්දු තරගාවලියක් මාර්තු මස අන්තිම සතියේ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනත්, යාපනය දැල්පන්දු සංගමයත්, ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව සංවිධානය කරනු ලබන 2018 අන්තර් සංගම් ක්‍රීඩා සමාජ දැල්පන්දු තරගාවලිය …


අර්ධ අවසන් පූර්ව වටයේ දී බදුල්ල ක්‍රීඩා සංගමයට එරෙහිව නිතරගයෙන් අවසන් පූර්ව වටයට යාමට වෙළඳසේවා කණ්ඩායමට අවස්ථාව හිමිවූ අතර යාපනය ‘B’ කණ්ඩයම ලකුණු 42-10ක් ලෙස මහවැලි දැල්පන්දු සංගමය පරාජය කරන ලදි. රාජ්‍ය සේවා කණ්ඩයම ලකුණු 38-06ක් ලෙස පහසුවෙන් කුරුණෑගල දැල්පන්දු සංගමය පරාජය කළ අතර යාපනය ‘A’ කණ්ඩායමට තරගයකින් තොරව අවසන් පූර්ව වටයට යෑමට අවස්ථාව හිමි විය.   

මෙම තරගාවලිය ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය, යාපනය දිස්ත්‍රික් දැල්පන්දු සංගමය, හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව උතුරු පළාතේ ක්‍රීඩාව ප්‍රචලිත කිරීම හා ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහල දැමීමේ අරමුණින් සංවිධානය කරන ලදි.

ක්‍රීඩා සංගම් 33න් 26ක් තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට සූදානම් වී සිටිය ද, තරගාවලියට සහභාගී වුනේ කණ්ඩයම් 10ක් පමණි. යාපනය දැල්පන්දු සංගමය කළ ඉල්ලීම ඉටු කරමින් ඔවුන්ට කණ්ඩයම් දෙකක් ඇතුල් කිරීමේ අවස්ථාව හිමි විය.

කාණ්ඩ අදියරේ ප්‍රතිඵල

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<