මැලිබන් බිස්කට් සහ ‘Omega Line’ ශූරතා දිනති

615

2018 වසර සඳහා වන වෙළඳසේවා වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග අද (10) මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි ජයග්‍රහණ හිමිකරගත් මැලිබන් බිස්කට් සමාගම් කණ්ඩායම සහ ‘Omega Line’ ක්‍රීඩා සමාජ කණ්ඩායම පිළිවෙළින් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ කාන්තා හා පිරිමි ශූරතා හිමිකර ගැනීමට සමත් වූහ.

තියුණු සටනකින් පසු වරායත්, විදුලිබලයත් අවසන් සංග්‍රාමයට

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ පිරිමි…

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවට ශක්තියක් වීම සහ වෙළඳසේවා ක්ෂේත්‍රය තුළ ක්‍රීඩාව සම්බන්ධව ඇති උනන්දුව ඉහළ නැංවීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ වසරක් පාසා සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ පළමු වටයේ තරග පසුගිය සැප්තැම්බර් මස 1 හා 2 දෙදින මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබූ අතර එහි දී අදාළ කාණ්ඩවල විශිෂ්ටතම දස්කම් දැක්වූ කණ්ඩායම් එම අදාළ එක් එක් කාණ්ඩයේ අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා ගන්නට සමත් වූහ.  

ඒ අනුව තරගාවලියේ ‘A’ කාණ්ඩයේ කාන්තා හා පිරිමි අවසන් මහා තරග අද මහරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ම පවත්වනු ලැබූ අතර තරගාවලියේ ශූරතා කාණ්ඩයේ සහ සුපිරි ලීගයේ කාන්තා හා පිරිමි අවසන් මහා තරග හෙට (11) උදෑසන 8 සිට එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතය.

‘A’ කාණ්ඩය – කාන්තා තරග අංශය

තරගාවලියේ ‘A’ කාණ්ඩයේ කාන්තා තරග අංශයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේ මැලිබන් බිස්කට් සමාගම් කණ්ඩායම සහ පානදුර ‘MAS Unichela’ ආයතන කණ්ඩායමයි.

කණ්ඩායම් දෙකම තරගයේ පළමු වටය ආරම්භයේ සිටම හොඳින් තරගයට අවතීර්ණ වෙමින් ක්‍රීඩා කරනු ලැබුවේ ඉතා උණුසුම් තරගයක පෙරනිමිති පහළ කරමිනි. ඒ අනුව තරගයේ පළමු වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එම තරග වටය පුරාවටම ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ මැලිබන් බිස්කට් සමාගම් කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ ලකුණු 25-21ක් ලෙස එම වටයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූහ.

යුධ, ගුවන් හමුදා සෙබලියන් අවසන් සටනට

2018 මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපිරි ලීගයේ කාන්තා අංශයේ අවසන් පූර්ව තරග අද (09) දී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී අවසන්…

තරගයේ දෙවන වටය ද ඒ ආකාරයටම ඉතා උද්වේගකර ස්වරූපයක් ගනු ලැබුවේ කණ්ඩායම් දෙකම ලකුණ පිට ලකුණ වාර්තා කරගනිමින් කරට කර තරගයක නිරත වීමත් සමඟයි. කෙසේ නමුත් අවසාන මොහොතේ පානදුර ‘MAS Unichela’ කණ්ඩායම් ක්‍රීඩිකාවන් අභිබවා ගිය මැලිබන් බිස්කට් සමාගම් ක්‍රීඩිකාවන් එම තරග වටය ද ලකුණු 25-22ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් විය. අනතුරුව පැවති තෙවන තරග වටය ආරම්භයේ සිටම සිය අනසක පතුරුවා ගත් මැලිබන් බිස්කට් සමාගම් ක්‍රීඩිකාවන් එම වටය ලකුණු 25-18ක් ලෙස දැඩි අභියෝගයකින් තොරව ජයග්‍රහණය කරමින් තරග වට 3-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් විය.

ඒ අනුව තරගාවලියේ ‘A’ කාණ්ඩයේ කාන්තා අංශයේ අවසන් මහා තරගයේ දී පානදුර ‘MAS Unichela’ කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවය හිමිකර ගන්නට මැලිබන් බිස්කට් සමාගම් කණ්ඩායම සමත් විය.

>> තරගාවලියේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

‘A’ කාණ්ඩය – පිරිමි තරග අංශය

තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පිරිමි තරග අංශයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ‘Omega Line’ ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ ‘Eskimo Fashion’ ආයතන කණ්ඩායම සමත් වූහ.

තරගයේ පළමු වටයේ ආරම්භක ලකුණු කිහිපය වාර්තා කරගනිමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට ‘Eskimo Fashion’ ආයතන කණ්ඩායම සමත් වුවත් පසුව තරගයට අවතීර්ණ වූ ‘Omega Line’ ක්‍රීඩා සමාජ කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරමින් තරගයේ පළමු වට දෙකම පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සමත් විය. එම තරග වට දෙකේ ලකුණු තත්වය දැක්වුණේ පිළිවෙළින් ලකුණු 25-13ක් සහ ලකුණු 25-17ක් ලෙසයි.

කෙසේ නමුත් තරගයේ තෙවන වටයට සාර්ථක ආරම්භයක් ලබාගත් ‘Eskimo Fashion’ ආයතන කණ්ඩායමේ ක්‍රීඩකයින් ලකුණු 2-6ක් ලෙස එහි දී ඉදිරියේ රැඳෙන්නට සමත් විය. ඉන් අනතුරුව නැවතත් සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ ‘Omega Line’ ක්‍රීඩකයින් ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරමින් තරගයේ පාලනය නැවතත් තමන් දෙසට යොමුකර ගන්නට සමත් විය. ඒත් සමඟම අවසානයේ එම තරග වටය ද ලකුණු 25-17ක් වශයෙන් ජයග්‍රහණය කළ ඔවුන් තරග වට 3-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් විය.   

යුධ හමුදාව සහ Casualline තෙවැනි ස්ථාන දිනා ගනී

2018 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අංශයේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාව සහ කාන්තා අංශයේ තෙවැනි ස්ථානය MAS Casualline යන කණ්ඩායම්…

ඒ අනුව මෙම අවසන් තරගයේ දී ‘Eskimo Fashion’ ආයතන කණ්ඩායම පරාජයට පත්කරමින් ජයග්‍රහණය හිමිකරගත් ‘Omega Line’ ක්‍රීඩා සමාජ කණ්ඩායම තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පිරිමි තරග අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ ශූරතා කාණ්ඩයේ අවසන් මහා තරග හෙට දින උදෑසන 8ට ආරම්භ වෙමින් උදෑසන වරුව පුරාවට ද සුපිරි ලීගයේ අවසන් මහා තරග හෙට සවස් වරුවේ දී ද මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පරිශ්‍රයේ දීම පැවැත්වීමට නියමිතය.

ඒ අනුව එහි ශූරතා කාණ්ඩයේ කාන්තා අවසන් මහා තරගය ‘Omega Line’ ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ මාවතගම ‘MAS Casualline’ කණ්ඩායම අතරත්, පිරිමි අවසන් මහා තරගය ‘Ocean Lanka’පෞද්ගලික සමාගම සහ ‘Expo Lanka Holdings PLC’ කණ්ඩායම අතරත් පැවැත්වීමට නියමිත අතර සුපිරි ලීගයේ කාන්තා අවසන් මහා තරගය මීරිගම ‘Brandix Apparel Solutions’ කණ්ඩායම සහ මාවතගම ‘MAS Casualline’ කණ්ඩායම අතරත්, එහි පිරිමි අවසන් මහා තරගය ‘Teejay Lanka PLC’ කණ්ඩායම සහ කටුනායක ‘MAS Kreeda Leisureline’ කණ්ඩායම අතරත් පැවැත්වෙනු ඇත.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<