MAS ඇක්ටිව්, කැෂුවල් ලයින්, බ්‍රැන්ඩික්ස් හා ටීජේ අවසන් තරගවලට

237

MAS ඇක්ටිව් Leisure line කණ්ඩායම හා ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා කණ්ඩායම් වෙළඳසේවා වොලිබෝල් ශූරතා සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගෙන ඇති අතර, MAS කැෂුවල් ලයින් හා බ්‍රැන්ඩික්ස් Uknits කණ්ඩායම් එහි කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

A කාණ්ඩයේ කාන්තා අංශයෙන් MAS active Stretchline හා ඔමේගාලයින් කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා තේරී ඇති අතර, ටෙලිකොම් සබරගමුව ආයතන කණ්ඩායම එහි තුන්වන ස්ථානය ජයග්‍රහණය කර ඇත.

DSI වොලිබෝල් ජාතික මට්ටමේ මූලික තරග ආරම්භ වේ

DSI සුපර්ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ මූලික තරග මෙම මස 11 වන දින සිට 15 වන දින දක්වා රුවන්වැල්ල රාජසිංහ මහා විදුහල්…

A කාණ්ඩයේ පිරිමි අංශයේ අවසන් මහා තරගයට බ්‍රැන්ඩික්ස් Lingerie කණ්ඩායම (නිට්ටඹුව) හා Prosperous කණ්ඩායම තේරී ඇත. එහි තෙවන තැන CDB බැංකු කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.

කාන්තා ශූරතා අවසන් තරගය සඳහා ඔමේගාලයින් හා බ්‍රැන්ඩික්ස් Casual wear (අවිස්සාවේල්ල) යන කණ්ඩායම් ද්විත්වය සුදුසුකම් ලබාගෙන ඇති අතර, එහි තෙවන ස්ථානය MAS Linea කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.

පිරිමි ශූරතා අවසන් තරගය සඳහා කටුනායක ක්‍රිස්ටල් මාර්ටින් ආයතන කණ්ඩායම තේරී ඇති අතර ඔවුන් ඩේවිඩ් පීරිස් ආයතන කණ්ඩායම සමඟින් අවසන් තරගයට මුහුණ දීමට නියමිතව ඇත. එම කාණ්ඩයේ තෙවන ස්ථානය බ්‍රැන්ඩික්ස් Intimate කණ්ඩායම  (කටුනායක) ජයග්‍රහණය කර ඇත.

සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා අංශයේ තෙවන තැන සීදුව බ්‍රැන්ඩික්ස් Green Plant කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතරම, එහි පිරිමි අංශයේ තෙවන තැන Courtaulds ආයතන කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.

2017 වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග සැප්තැම්බර් මස 16 සහ 17 මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ වොලිබෝල් පිටියේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

අවසන් තරග කාලසටහන

සැප්තැම්බර් 16

  • A කාණ්ඩයේ කාන්තා අවසන් තරඟය – සවස 1 සිට 3 දක්වා
  • A කාණ්ඩයේ පිරිමි අවසන් තරඟය – සවස 3 සිට 5 දක්වා

සැප්තැම්බර් 17

  • කාන්තා ශූරතා අවසන් තරඟය – උදෑසන 8.30 සිට 11 දක්වා
  • පිරිමි ශූරතා අවසන් තරඟය – උදෑසන 11 සිට දහවල් 1 දක්වා
  • සුපර් ලීග් කාන්තා අවසන් තරගය – දහවල් 1 සිට 3 දක්වා
  • සුපර් ලීග් පිරිමි අවසන් තරගය – සවස 3 සිට 5 දක්වා  

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට