මධුශාන් රවිචන්ද්‍රකුමාරගෙන් තුන් ඉරියව් දක්ෂතා

157

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති තරග අතරින් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව ලකුණු 42ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට CDB කණ්ඩායම සමත් වෙද්දී, ජෝන් කීල්ස් සහ එක්ස්පෝ ලංකා අතර පැවති තරගය ලකුණු සමවීමෙන් නිමා විය.

කවිශ්ක අංජුල තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (23) කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති ඩිමෝ සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අතර පැවති…

සිටිසන් ඩිවොලොප්මන්ටි බිස්නස් (CDB) සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 42ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට CDB කණ්ඩායම සමත් විය.

පන්දුවාර 43කට සීමා වෙමින් පැවති තරගයේ කාසියේ වාසිය දිනූ CDB නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තම කණ්ඩායමට අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබාගත් අතර කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 161ක් පමණි.

CDB ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ සචින් ජයවර්ධන ය. ඔහු ලකුණු 78ක් ලබා ගන්නේ ය. ඊට අමතරව මධුශාන් රවිචන්ද්‍රකුමාර ලකුණු 35ක් ලබා ගන්නේ ය. කඩුලු ලබා ගැනීමේ දී සුරංග සාලින්ද ලකුණු 34කට කඩුලු 3ක් දවා ගන්නේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 41කට දවා ගනිමින් මධුශාන් රවිචන්ද්‍රකුමාර් CDB ජයග්‍රහණයට පාර කැපුවේ ය. ඊට අමතරව ශාලුක සිල්වා සහ සචින් ජයවර්ධන කඩුලු 2 බැගින් දවා ගත්හ.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වෙනුවෙන් ප්‍රනීත් විජේසේන (28), සුරංග සාලින්ද (27) සහ අදීශ තිලාංචන (25) ලකුණු අතරට පිවිසියහ.

CDB කණ්ඩායම; කඩුලු 9ක් දැවී 203 (43) ශිහාන් දිලසිරි 23, සචින් ජයවර්ධන 78, මධුශාන් රවිචන්ද්‍රකුමාර 35, සුරංග සාලින්ද 3/34, සඳකැන් පතිරණ 2/32, අදීශ තිලාංචන 2/33

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 161 (38.2) ප්‍රනීත් විජේසේන 28, සුරංග සාලින්ද 27, අදීශ තිලාංචන 25, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 4/41, ශාලුක සිල්වා 2/31, සචින් ජයවර්ධන 2/34

ශ්‍රී ලංකාවෙන් කලකට පසු යෝධ ලකුණු පුවරුවක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් එක්දින තරගය අද (23) දිවා/රාත්‍රි ක්‍රිකට්…

ජෝන් කීල්ස් B සහ එක්ස්පෝ ලංකා අතර තරගය

කොළඹ BRC පිටියේ දී පැවති මෙම තරගය කණ්ඩායම් දෙක ම සම ලකුණු ලබා ගනිමින් නිමා විය.

කාසියේ වාසිය දිනූ එක්ස්පෝ ලංකා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 165ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් එක්ස්පෝ ලංකා  ක්‍රීඩකයන්ට පන්දු වාර 49.3ක දී සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ එම ලකුණු ප්‍රමාණයම පමණි.

ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් රොස්කෝ තටීල් ලකුණු 41ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී, අශේන් පීරස් (28) සහ අශාන් පීරිස් (31) ලකුණු අතරට පිවිසිය හ.

ක්ලෙමෙන්ට් ආරම්භ කළ බාබර් අළුත් කළ 99 අවාසනාවන්තයෝ

ටෙස්ට් ක්‍රිකට් ලොව විවිධ වූ වාර්තාවලින් සමන්විත ය. එහි දී වාසනාවන්ත වාර්තා සේ ම කිසිවෙකුත් අපේක්ෂා නොකරන අවාසනාවන්ත වාර්තා ද ඇත. පසුගිය 19 වැනිදා අබුඩාබි…

පන්දු යැවීමේ දී මධුර ලක්මාල් ලකුණු 58කට කඩුලු 5ක් දවා ගනිමින් තරයේ හොඳම පන්දු යවන්නා විය. ඊට අමතරව අයන සිරිවර්ධන කඩුලු 2ක් දවා ගත්තේ ය.

එක්ස්පෝ ලංකා පිළිතුරු ඉනිමේ දී මධුර ලක්මාල් ලකුණු 45ක් ද, විශ්ව චතුරංග ලකුණු 32ක් ද ලබා ගන්නේ ය. කඩුලු දවා ගැනීමේ දී සචින්ත ජයතිලක කඩුලු 3ක් දවා ගනිද්දී රොස්කෝ තටිල් සහ අක්තාබ් කාදර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ජෝන් කීල්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 165 (40) රොස්කෝ තටිල් 41, අශාන් සිල්වා 31, අශේන් පීරිස් 28, මධුර ලක්මාල් 5/58, අයන සිරිවර්ධන 3/32

එක්ස්පෝ ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 165 (49.3) මධුර ලක්මාල් 45, විශ්ව චතුරංග 32, සචින්ත ජයතිලක 3/36, රොස්කෝ තටිල් 2/03, අක්තාබ් කාදර් 2/38  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<