එක්ස්පෝ ලංකා කඩුලු 7කින් ජය ගනී

270
Vishwa Chathuranga

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (16) කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් විය. තරගයේ ප්‍රතිවාදීන් වූයේ CDB ෆිනෑන්ස් කණ්ඩායමයි.

ලොකු කුසල්ට ආබාධයක්; තෙවැනි එක්දින තරගයට අවිනිශ්චිතයි

මහනුවර පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස අනිද්දා (17) පැවැත්වීමට නියමිත

කාසියේ වාසිය දිනා ගත් එක්ස්පෝ ලංකා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CDB ෆිනෑන්ස් කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 83ක් පමණි. එම ඉනිම පන්දුවාර 28.2කට සීමා කිරීමට එක්ස්පෝ ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එහි දී වැඩි කාර්යභාරයක් කළේ දකුණතින් වේගපන්දු යැවූ මධුර ලක්මාල් ය. ඔහු ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව වේගපන්දු යැවූ නෙරංජන් වන්නිආරච්චි සහ වමතින් දඟපන්දු යැවූ සචිත් ලක්ෂාන් කඩුලු 2 බැගින් ලබා ගත්හ.

CDB ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් දනුශ්ක ධර්මසිරි ලකුණු 28ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එක්ස්පෝ ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 14ක් අවසානයෙත් තම ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

එහි දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට විශ්ව චතුරංග සමත් විය. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී මධුශාන් රවිචන්ද්‍ර කුමාර් ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

CDB ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 83 (28.2) දනුශ්ක ධර්මසිරි 28, මධුර ලක්මාල් 3/35, නෙරංජන් වන්නිආරච්චි 2/13, සචිත් ලක්ෂාන් 2/12

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 85 (14) විශ්ව චතුරංග නොදැවී 49, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/16

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ සියලුම කාණ්ඩවල තරග උණුසුම එලෙසින්ම විඳ ගන්න රැඳී සිටින්න ThePapare.com සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<