බැංකු, මූල්‍ය සහ වෙළඳ ආයතන අතර රග්බි ගැටුමක්

670

වෙළඳසේවා සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන දිනය ඊයේ (22) අවසන් වූයේ කොළඹ තුරඟ තරග පිටියේදී යි. එහිදී බැංකු සහ මූල්‍ය ආයතන සමඟින් නමගිය වෙළඳසේවා කණ්ඩායම් වන ඩයලොග්, හෙළ ක්ලෝදින් සහ ජෝන් කීල්ස් සත්සාමාජික රග්බි කණ්ඩායම් අතර දැකගත හැකිවූයේ කරට කර සටනකි.

උදෑසන 8.00ට ආරම්භ වූ ක්ලැසික් ට්‍රැවල් සහ ජනශක්ති කණ්ඩායම් අතර C කාණ්ඩයේ තරගය 24-07ක් ලෙස ක්ලැසික් ට්‍රැවල් ආයතනය විසින් ජය ගන්නා ලදි. පසුව පැවති තරගවලදී ශ්‍රී ලංකා රක්ෂණ සමාගම (19) අතින් HSBC කණ්ඩායම (00) පරාජය වීමද, ඩයලොග් (14) සහ ජෝන් කීල්ස් (14) අතර තරගය සම වීමද කැපීපෙනිණ.

පෙරේදා (21) දැවැන්ත පරාජයන් දෙකකට හිමිකම් කියූ NOR ලංකා ආයතනය ඊයේ 35-00ක් ලෙස නේෂන්ස් ට්‍රස්ට් අතිනුත්, 43-00ක් ලෙස ජනශක්ති අතිනුත් පරාජය විය. ඊයේ මෙන්ම මාස්, ඇක්සස්, ඩයලොග් කණ්ඩායම් තවමත් තරගාවලියේ ඉදිරියෙන් සිටියි.    

තවත් වේගවත් තරග කිහිපයක් තුරඟ තරග පිටියේදී පැවැත්වුණු අතර එහිදී වාර්තා වූ ප්‍රතිඵල පහත පරිදි විය. තරගාවලියේ තෙවන දිනය අද (23) යි.

Results of the games played on day 02

Team 1 Score Score Team 2
Classic Travel  26 07 Janashakthi
Mercantile Investment  31 00 Virtusa
NTB 35 00 Nor Lanka
HSBC 00 19 Sri Lanka Insurance 
Hela Clothing  28 07 HDPL
Commercial Bank 19 21 AMW ‘B’
Ceylon Tobacco 05 29 CDB  ‘B’ 
Amana Bank 00 12 Commercial credit 
Prosperous Capital  05 24 Kandurata Umbrella
Fairfirst Insurance  26 05 Attune
Sampath Bank  24 00 NDB
Brandix 28 05 Ceylon Knit Trend
Classic Travel 12 19 Clovetel
Janashakthi  43 00 Nor Lanka
NTB  12 10 Mercantile Investment 
HSBC 05 10 AMW ‘B’
Hela Clothing  22 14 Sri Lanka Insurance 
Commercial Bank 12 10 HDPL
Ceylon Tobacco  00 40 Kandurata Umbrella 
Amana Bank 00 42 CDB ‘B’
Prosperous Capital  05 12 Commercial Credit 
Fairfirst Insurance  12 00 Ceylon Knit Trend
Brandix 17 00 NDB
Janashakthi  05 22 Clovetel
Nor Lanka 00 33 Virtusa
Classic Travel  21 14 Mercantile Investment 
HSBC 07 00 HDPL 
Hela Clothing  17 00 Commercial Bank 
Sri lanka Insurance 27 00 AMW ‘B’
Access 24 00 AMW ‘A’
MAS 19 07 Kanrich Finance
John Keells 24 00 CDB ‘A’
Ceylon Tobacco 12 07 Commercial credit
Amana Bank 00 38 Prosperous Capital
CDB ‘B’ 07 12 Kandurata umbrella
Fairfirst Insurance 14 00 NDB
Sampath Bank 24 00 Brandix
Janashakthi 31 00 Virtusa
NTB 07 28 Clovetel
Access 12 00 MAS
AMW ‘A’ 05 10 Kanrich Finance
Dialog 14 14 John Keels

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට