වෙළඳසේවා රග්බි නැවතත් සුපුරුදු ක්‍රීඩාංගණයට

400

49 වැනි වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය මේ මස 19, 20 හා 21 යන දිනවල දී CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 2017 වර්ෂය වන තෙක් වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණ අතර පසුගිය වසරේ තරගාවලිය පැවැත්වූයේ කොළඹ තුරඟ තරග පිටියේ දී ය. 

මාලිංග අතින් රිච්මන්ඩ් ජයග්‍රහණය ගිලිහෙයි!

26 වැනි වතාවටත් සංවිධානය කරන ලද දකුණු ලක රග්බි ………

මෙවර තරගාවලියට කණ්ඩායම් 24ක් සහභාගී වීමට නියමිත අතර මෙම කණ්ඩායම් සියල්ලම පලිහ, බඳුන, පලඟ හා කුසලාන අංශ යටතේ ක්‍රීඩා කරනු ඇත.

පසුගිය වසරේ ශූරයින් වන Access සමූහ ව්‍යාපාර කණ්ඩායම සතුව මේ වසරේදීත් ශ්‍රී ලංකාවේ සත් සාමාජික රග්බි පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා හා සුදර්ශන මුතුතන්ත්‍රී වැනි ප්‍රවීණයින් සිටින නිසාවෙන් ඔවුන්ට මෙවරත් ශූරතාව පිළිබඳ වැඩි වශයෙන් බලාපොරොත්තු තබා ගත හැක. 

එසේම Dialog ආසිආටා සමාගම හා MAS හෝල්ඩින්ග්ස් ආයතනය ද මෙවර ශූරතාව වෙනුවෙන් හොඳ තරගයක් දෙන්නට සූදානමින් පසුවේ.

විරාමයකට පසු දිමිත්‍රි නව කණ්ඩායමක් සමඟින් රග්බි පිටියට

නිමා වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ……..

මෙම තරගාවලියට සමගාමීව කාන්තා ටැග් රග්බි තරගාවලියක් ද පැවැත්වීමට ශ්‍රී ලංකා වෙළඳ සේවා රග්බි පාපන්දු සංගමය සූදානමින් සිටියි. තරගාවලියේ සම්පූර්ණ කාලසටහන ඉදිරියේ දී එළිදැක්වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<