තරගාකරී ලෙස සති 3ක් පුරාවට පැවැත්වූ තරග අවසන් වන විට, කොළඹ තටාකාංගන (Colombo Dockyard) කණ්ඩායම හා සම්පත් බැංකු කණ්ඩායම ප්‍රසාද ලකුණු මට්ටමේ සම ලකුණු ලබා ගනිමින් C කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර, LB ෆිනෑන්ස් කණ්ඩායම හා යූනියන් බැංකු කණ්ඩායම පිළිවෙළින් D හා E කාණ්ඩ වල පෙරමුණ ගෙන සිටියි.

එක්ස්පෝ ලංකා සහ HNB ‘A’ සහ ‘B’ කාණ්ඩ වල පෙරමුණ ගනී

වෙළඳසේවා ලීග් පාපන්දු තරගාවලියේ තරග පැවැත්වුණු 3 වන සතිය අවසානයේ තම කාණ්ඩ වල පෙරමුණ ගන්නට..

මෙම වෙළඳසේවා පාපන්දු තරගාවලිය 1918 සිට පවත්වා ගෙන එනු ලබන අතර, එහි 100 වැනි දිග හැරුම ලබන වසරේ දී පැවැත්වීමට නියමිතව ඇත. 2016 වසරේ අග භාගයේ දී වෙළඳසේවා පාපන්දු සංගමයේ සභාපති ලෙස පත්වූ සායිෆ් යූසුෆ් මහතාගේ නායකත්වය ඇතිව මෙවර තරගාවලිය සංවිධානය කර ඇත.

A කාණ්ඩයේ තරග වල දී එක් අර්ධයක් වෙනුවෙන් මිනිත්තු 45ක කාලයක් වෙන්වන අතර, අනෙක් කාණ්ඩ වල දී එය මිනිත්තු 30ක් වැනි කාලයකට යටත් වේ. ඒ ඒ කාණ්ඩ වලින් පෙරමුණ ගන්නා කණ්ඩායම් දැන් සිටින කාණ්ඩයට වඩා ඉහළ කාණ්ඩයකට ඊළඟ තරග වාරය තුල දී පැමිණෙන අතර, අවසන් ස්ථාන වලට පත්වෙන කණ්ඩායම් අනතුරුව පැවැත්වෙන තරගාවලියේ දී තමන්ට පහළින් ඇති කාණ්ඩය යටතේ ක්‍රීඩා කරනු ඇත.

C කාණ්ඩය

කොළඹ ඩොක්යාර්ඩ් කණ්ඩායම හා ශ්‍රී ලංකා ටෙලිකොම්

ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම විසින් ගෝල 2-1ක් ලෙස කොළඹ ඩොක්යාර්ඩ් කණ්ඩායම පරාජයට පත්කරන ලදි. මෙම ගෝල ත්‍රිත්වයම පළමු අර්ධය තුල දී වාර්තා වූ අතර, 22 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ E. L. R. සිල්වා විසින් කොළඹ ඩොක්යාර්ඩ් කණ්ඩායම වෙත ඔවුන්ගේ පළමු ගෝලය ලබා දෙන ලදි. ඉන් තවත් මිනිත්තු 5කට පමණ පසුව තම දස්කම් දැක්වූ ඩිලාන් මදුසංක ගෝලයක් ලබාගෙන ගෝල 1-1ක් ලෙස සම තැනකට තරගය ගෙන එන ලදි. ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායමේ දෙවන හා ජයග්‍රාහී ගෝලය 30 වැනි මිනිත්තුවේ දී වාර්තා කරන්නට ඉමේෂ් මදුසංක සමත් විය.

ගෝල ලබා ගැනීම

  • කොළඹ තටාකාංගන කණ්ඩායම – E.L.R සිල්වා 22’
  • ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම  – ඩිලාන් මදුසංක 27’, ඉමේෂ් මදුසංක  30’

සෙලාන් බැංකු කණ්ඩායම හා HSBC බැංකු කණ්ඩායම

සෙලාන් බැංකු කණ්ඩායම ගෝල 4-1ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් තමන් සතුකරගත් මෙම තරගය තුල සෙලාන් බැංකුව වෙනුවෙන් 16’, 17’ හා 40’ වැනි මිනිත්තු වල දී ගෝල 3ක් ලබාගෙන දස්කම් දැක්වීමට ජෙෆ්රි ඉර්ෂාඩ් සමත් විය. සෙලාන් බැංකුව වෙනුවෙන් ආරම්භක ගෝලය වාර්තා කිරීමට මොහොමඩ් ඉක් සමත් විය. පළමු අර්ධ තුල ගෝල 2-0ක් ලෙස සෙලාන් කණ්ඩායම පෙරමුණේ පසුවිය. HSBC කණ්ඩායමේ එකම ගෝලය දේසිත වැලිගෙපොල ලබා ගන්නා ලදි.

ගෝල ලබා ගැනීම

  • සෙලාන් බැංකුව – මොහොමඩ් ඉක් 12’, ජෙෆ්රි ඉර්ෂාඩ් 16’, 17’, 40’
  • HSBC බැංකුව – දේසිත වැලිගෙපොල 53’

HSBC බැංකු කණ්ඩායම හා සම්පත් බැංකුව

සම්පත් බැංකුව හමුවේ තම දෙවන පරාජය ද ලබා ගැනීමට HSBC බැංකුවට සිදුවූ අතර, එම තරගය ගෝල 4-1ක් ලෙසින් නිමාවට පත්විය.

එහි දී අවින්ද අධිකාරි හා දිනූෂ නානායක්කාර ගෝල 3-0ක් ලබා ගනිමින් පළමු අර්ධය තුල සම්පත් බැංකු කණ්ඩායම පෙරමුණේ තබා ගැනීමට සමත් විය. HSBC බැංකුවේ අසීම් ෆසාල් ගෝලයක් සමඟින්ම දෙවන අර්ධය ආරම්භ කළ නමුත් ඔවුන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීමට නොහැකි විය.

ගෝල ලබා ගැනීම

  • HSBC බැංකුව – අසීම් ෆසාල් 34’
  • සම්පත් බැංකුව – දිනූෂ නානායක්කාර 8’ හා 22’, අවින්ද අධිකාරි 16’ හා 58’

කොළඹ ඩොක්යාර්ඩ් කණ්ඩායම හා සෙලාන් බැංකුව   

සෙලාන් බැංකු කණ්ඩායමට එදිරිව පැවැත්වූ මෙම තරගය මොහොමඩ් මුර්ෂිඩ්ගේ දස්කම් ද සමඟින් ගෝල 4-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට කොළඹ ඩොක්යාර්ඩ් කණ්ඩායමට හැකිවිය. පළමු අර්ධය තුල ගෝල 1-0ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට කොළඹ ඩොක්යාර්ඩ් කණ්ඩායමට හැකිවිය. එය වඩාත් අර්ථවත් කරමින් තවත් ගෝල 2ක් ලබා ගත් ඩොක්යාර්ඩ් කණ්ඩායම තම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

ගෝල ලබා ගැනීම

  • කොළඹ තටාකාංගන කණ්ඩායම – මොහොමඩ් මුර්ෂිඩ් 20’ හා 40’, E.L.R සිල්වා 50’, V.R ප්‍රනාන්දු 55’

C කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව

Team P W D L GF GA GD Pts
ඩොක්යාර්ඩ් 2 1 0 1 5 2 3 3
සම්පත් බැංකුව 1 1 0 0 4 1 3 3
ශ්‍රී ලංකා ටෙලිකොම් 1 1 0 0 2 1 1 3
සෙලාන් 2 1 0 1 4 5 -1 3
HSBC 2 0 0 2 2 8 -6 0
D කාණ්ඩය

Virtusa කණ්ඩායම හා අමානා බැංකු කණ්ඩායම

Virtusa කණ්ඩායම ගෝල 4-2ක් ලෙස අමානා බැංකු කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. මොහොමඩ් නියාස්, මොහොමඩ් ඉන්ශාෆ් හා මොහොමඩ් සාජිත්ගේ දස්කම් නිසාවෙන් පළමු අර්ධය අවසානයේ දී අමානා බැංකුව ගෝල 3-0ක් ලෙස පෙරමුණේ පසුවිය. මදුෂාන් ද සිල්වා දඬුවම් පහරක් මගින් හා ලෝරන්ස් කොපින්ස් virtusa කණ්ඩායම වෙනුවෙන් ගෝල 2ක් ලබා ගන්නා ලදි.

ගෝල ලබා ගැනීම

  • Virtusa – මදුෂාන් ද සිල්වා (p) 36’, ලෝරන්ස් කොපින් 53’
  • අමානා බැංකුව – මොහොමඩ් නියාස් 14’, මොහොමඩ් ඉන්ශාෆ් 17’, මොහොමඩ් සාජිත් 25’, මොහොමඩ් ඉර්ෂාඩ් 33’

LB ෆිනෑන්ස් B කණ්ඩායම හා virtusa කණ්ඩායම

මෙහිදී LB ෆිනෑන්ස් B කණ්ඩායමට ගෝල 7-1ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය. ඒත් සමඟින්ම D කාණ්ඩය තුල පෙරමුණ ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර, J. A. L. තරංග විසින් ගෝල 3ක් ලබාගෙන මෙම තරගය තුල විශිෂ්ට දස්කම් දක්වන ලදි.

ගෝල ලබා ගැනීම

  • LB ෆිනෑන්ස් B  – J.A.L තරංග 5’, 35’ හා 41’, විජිත කුමාර 10’, ඇන්ටන් ජෝයි (p) 36’ හා 39’, තරංග පෙරේරා 45’
  • Virtusa – මදුෂාන් ද සිල්වා 20’

සිංගර් ආයතනය හා LB ෆිනෑන්ස් B

LB ෆිනෑන්ස් B කණ්ඩායම මෙම තරගය ද ගෝල 5-1ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන ලදි. එහි දී ලක්ෂාන් තනුජ ගෝල 4ක් ලබාගෙන තම කණ්ඩායම වෙනුවෙන් තම උපරිම හැකියාවන් විදහා දක්වන ලදි.

ගෝල ලබා ගැනීම

  • සිංගර් – K.S.J සිල්වා 50’
  • LB ෆිනෑන්ස් B – ලක්ෂාන් තනුජ 10’,20’, 38 හා 55’, ඇන්ටන් ජෝයි 35’

ඩයලොග් හා සිංගර්

මෙම තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ගෝල ලබා ගැනීම

  • ඩයලොග් – අහමඩ් මවුලානා 35’
  • සිංගර් – A.S.M සෙනෙවිරත්න 57’

අමානා බැංකුව හා ඩයලොග්

මෙම තරගය ද ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ගෝල ලබා ගැනීම

  • අමානා බැංකුව – මොහොමඩ් රිෆ්කාන් 52’
  • ඩයලොග් – රිෆාඩ් මාහිල් 28’

Virtusa කණ්ඩායම හා ඩයලොග්

මෙම තරගය තුල රිෆාඩ් මහිල් ගෝල 2ක් ලබාගෙන ඩයලොග් ආයතනයේ ජයග්‍රහණය තහවුරු කරන ලදි.

ගෝල ලබා ගැනීම

  • ඩයලොග් – රිෆාඩ් මහිල් 20’ හා 45’

D කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව

Team P W D L GF GA GD Pts
LB ෆිනෑන්ස්  ‘B’ 2 2 0 0 12 2 10 6
ඩයලොග් ආසියාටා 3 1 2 0 4 2 2 5
අමානා බැංකුව 2 1 1 0 5 3 2 4
සිංගර් ශ්‍රී ලංකා 2 0 1 1 2 6 -4 1
Virtusa ආයතනය 3 0 0 3 3 13 -10 0
E කාණ්ඩය

අක්බාර් සහෝදරයෝ හා WNS Global ආයතනය

WNS Global කණ්ඩායම වෙනුවෙන් අගනා දස්කම් දැක්වීමට තව්ශිෆ් තාරික් සමත් වූ අතර ඔහු ගෝල 5ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා ගැනීමට සමත් විය. මෙම තරගයෙන් ගෝල 10-0ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට WNS Global කණ්ඩායමට හැකි විය.

ගෝල ලබා ගැනීම

  • WNS Global – තව්ශිෆ් තාරීක් 5’,12’, 50’, 53’, හා 57’, මොහොමඩ් සාජිඩ් 9’, ජූඩ් සතිතානන්දන් 20’ හා 23’, මොහොමඩ් කහාලිඩ් 55’ හා 60’

යූනියන් බැංකුව හා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව

මෙම තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට යූනියන් බැංකු කණ්ඩායමට හැකිවිණි.

ගෝල ලබා ගැනීම

  • යූනියන් බැංකුව – සීරීන් පියුස් 44’

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව හා DFCC බැංකුව

රාජිත ගුරුගේ ගේ දස්කම් හමුවේ ගෝල 5-0ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට හැකිවිණි.

ගෝල ලබා ගැනීම

  • ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව – ක්‍රිශාන් ඇන්තෝනි 11’, රාජිත ගුරුගේ 37’,52’ හා 57’, නසාර් නෆාස් 60’

අක්බාර් සහෝදරයෝ හා යූනියන් බැංකුව

මෙම තරගය ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට යූනියන් බැංකු කණ්ඩායමට හැකිවිණි.

ගෝල ලබා ගැනීම

  • යූනියන් බැංකුව – සීරීන් පියුස් 36’, ශබීර් රහීම් 60’

අනෙකුත් තරග ප්‍රතිඵල

  • WNS Global ආයතනය 0 – 0 යූනියන් බැංකුව
  • DFCC බැංකුව 0 – 0 අක්බාර් සහෝදරයෝ
Team P W D L GF GA GD Pts
යූනියන් බැංකුව 3 2 1 0 3 0 3 7
WNS Global 2 1 1 0 10 0 10 4
ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් 2 1 0 1 5 1 4 3
DFCC බැංකුව 2 0 1 1 0 5 -5 1
අක්බාර් සහෝදරයෝ 3 0 1 2 0 12 -12 1


 තවත්
 පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට