රාජපක්ෂගේ පිතිකරණය නිසා හේලිස් පිලට තියුණු ජයක්

612

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් අද (28) කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති අතර එහි දී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 9ක තියුණු ජයක් ලබා ගැනීමට හේලිස් කණ්ඩායම සමත් විය.

වර්ෂාවේ බාධා මැද MAS යුනිචෙලා ජය කෙහෙලි නංවයි

කලකට පෙර ජාත්‍යන්තරය ජය ගත් ක්‍රීඩකයින් රැසකට නැවතත් දේශීය තරගවල දී දස්කම් දක්වමින් ඉහළ තලයට යෑම සඳහා ප්‍රබල අත්වැලක් සපයන 25 වැනි වෙළඳසේවා එක්දින ක්‍රිකට්…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී හේලිස් කණ්ඩායමට ඇරයුම් කළේය. හේලිස් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 260ක් රැස්කර ගන්නා ලදි. හර්ෂ රාජපක්ෂ තම කණ්ඩායමට සවිමත් නැංගුරමක් බවට පත්වෙමින් ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් විය.

රාජපක්ෂගේ ඉනිමට සවියක් වූ  සචිත්‍ර සේරසිංහ ද වර්ණවත් ප්‍රහාරයක් දියත් කළේ, ලකුණු 61ක් ලබා ගනිමිනි. පන්දු යැවීමේ දී කැන්රිච් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2ක බැගින් දවා ගැනීමට සාරංග රාජගුරු, අකිල ධනංජය හා දිනේශ් බුද්ධික යන ක්‍රීඩකයින් සමත් විය.

පිළිතුරු ඉනිම දියත් කළ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම සිය සටන්කාමී ඉනිම අවසන් මොහොත දක්වාම දියත් කළ ද, ඇන්ඩි සොලමන්ස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එම ඉලක්කය සපුරා ගැනීමට ඔවුන්ට තරමක් අපහසු විය. නමුත් දක්ෂ පිතිකරණයක නිරත වූ ඕෂධ ප්‍රනාන්දු හා කසුන් විදුර පිළිවෙළින් ලකුණු 72ක් හා ලකුණු 71ක් ලබා ගැනීමට සමත් විය. කැන්රිච් ෆිනෑන්ස් පිලට තරගය අවසානයේ නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ, ලකුණු 251ක් පමණි. පන්දු යැවීමේ දී සොලමන්ස් ලකුණු 31ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින්, හේලිස් ජයග්‍රහණය තහවුරු කළේය.

අලි කාන් හා විනූ මොහොට්ටි කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

හේලිස් කණ්ඩායම – 206/8 (50): හර්ෂ රාජපක්ෂ 71, සචිත්‍ර සේරසිංහ 61, සාරංග රාජගුරු 2/28, අකිල ධනංජය 2/38, දිනේශ් බුද්ධික 2/47.

කැන්රිච් ෆිනෑන්ස් – 251/9 (50): ඕශධ ප්‍රනාන්දු 72, කසුන් විදුර 71, ඇන්ඩි සොලමන්ස් 3/31, විනූ මොහොට්ටි 2/15, අලි කාන් 2/35.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට