මුණවීර හා දේශාන් දස්කම් අතරට

1198

25 වන වරටත් පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවැත්වූ තරගවලින් කොමර්ෂල් ක්‍රෙඩිට් හා HNB කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ අතර, දේශාන් ඩයස් හා ඩිල්ශාන් මුණවීර යන ක්‍රීඩකයන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

මොබිටෙල් පිළට දැවැන්ත ජයක්

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා මොබිටෙල් ආයතනය අතර අද (18) පැවැත්වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ…

කොමර්ෂල් ක්‍රෙඩිට් (A) හා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (A)

කටුනායක වෙළඳ සංගම් පිටියේ පැවැත්වූ මෙම තරගයෙන් ලකුණු 57ක ජයක් ලබා ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ජෝන් කීල්ස් කණ්ඩායම පළමුව පිටියේ පන්දු රැකීමට තීරණය කරන ලදි.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට සවිමත් ලකුණු පුවරුවක් නිර්මාණය කර දුන් ඩිල්ශාන් මුණවීර, දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 45යි.

අනෙක් අන්තයේ සිට ඔහුට මනා සහයක් දුන් සචිත් පතිරණ ද ලකුණු 34ක් ලබා ගන්නා ලදි. ඉමේෂ් උදයංග ලකුණු 28යි. පන්දු යැවීමෙන් චාමිකර එදිරිසිංහ කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. විකුම් සංජය කඩුලු 3යි. ඒ අනුව ඔවුන්ගේ ඉනිම අවසානයේ ලකුණු 178කට සීමා විය.

පිළිතුරු ඉනිම දියත් කළ ජෝන් කීල්ස් කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 121ක් පමණි. එහි දී මදුශාන් රවිචන්ද්‍රකුමාර නොදැවී ලකුණු 34*ක් ලබා ගත්ත ද, ඉශාන් ජයරත්න හැරෙන්නට ඔහුට සහයක් ලබා දීමට ඔවුන්ගේ ඉනිමේ පිතිකරුවෙකු නොසිටීම අවාසිදායක තත්වයක් විය. ඉශාන් ලකුණු 25යි. පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගන්නා ලදි.

කොමර්ෂල් ක්‍රෙඩිට් (A) – 178/10 (34.2): ඩිල්ශාන් මුණවීර 45, සචිත් පතිරණ 34, ඉමේෂ් උදයංග 28, චාමිකර එදිරිසිංහ 5/32, විකුම් සංජය 3/54, ඉශාන් ජයරත්න 2/13.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (A) – 121/10 (29.3): මදුශාන් රවිචන්ද්‍රකුමාර 34*, ඉශාන් ජයරත්න 25, අසිත ප්‍රනාන්දු 3/17, සචිත් පතිරණ 2/22, ඉමේෂ් උදයංග 2/41.


HNB හා හේලීස්

HNB කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි වූ මෙම තරගයේ දී දේශාන් ඩයස් විසින් අර්ධ ශතකයක් වාර්තා කරන ලදි.

මග්ගොන සරේ ගම්මාන පිටියේ ආරම්භ වූ මෙම තරගයේ, කාසියේ වාසිය ජයග්‍රහණය කළ හේලීස් කණ්ඩායම සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 135කි. එහි දී ලිසුල ලක්ෂාන් ලකුණු 27ක් ලබාගත් අතර, ඇන්ඩි සොලමන්ස් ලකුණු 24ක් ලබා ගන්නා ලදි. නවීන් ගුණවර්ධන දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 3ක් දවා ගැනීම ද ඔවුන්ගේ පරාජයට හේතු විය. කෝසල කුලසේකර කඩුලු 2යි.

කඩුලු 6ක් දැවී ලකුණු 139ක් රැස්කරගත් HNB පිලට තරගයේ ජය තහවුරු කර ගැනීම සඳහා වමත් පිතිකරු දේශාන් ඩයස් වැදගත් කාර්යයක් ඉටු කරන ලද්දේ, අර්ධ ශතකයක් ලබා ගනිමිනි. කෝසල කුලසේකර නොදැවී ලකුණු 26*ක් ලකුණු පුවරුවට එකතු කළේය. අලි කාන් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

හේලිස් – 135/10 (35.3): ලිසුල ලක්ෂාන් 27, ඇන්ඩි සොලමන්ස් 24, නවීන් ගුණවර්ධන 3/22, කෝසල කුලසේකර 2/13, ලහිරු විමුක්ති 2/37.

HNB –  139/6 (36.3): දේශාන් ඩයස් 52, කෝසල කුලසේකර 26*, අලි කාන් 3/37, ලසිත් ඇඹුල්දෙණිය 2/21.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<