දෙවැනි තැන සිටි කැන්රිච් ෆිනෑන්ස් අවසන් සටනට

419

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ පළමු තරගය අද (2) කටුනායක නිදහස් වෙළඳ කලාප  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම හා හැටන් නැෂනල් බැංකු කණ්ඩායම අතර පැවැත්විය.

එම තරගයෙන් සිංගර් HNB කණ්ඩායම පරාජය කර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 22ක තියුණු ජයක් ලබා ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම සමත් වූයේ අවසන් මහා තරගයේ සිය අසුන ද වෙන්කරවා ගෙනයි.

අයන හා ලක්ෂාන් එක්ස්පෝ ලංකා දිනවයි

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද…

මේ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග 7 බැගින් ක්‍රීඩා කළ අතර අවසානයේ ඒ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 දිනාගෙන සිටි කණ්ඩායම් මේ තරගාවලියේ දෙවන වටයට පිවිසෙන ලදි. ඒ අනුව අද දිනයේ පැවති මේ තරගය පැවතියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දිනා ගත් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම හා එහි පළමු ස්ථානය දිනා ගත් HNB කණ්ඩායම අතරයි.

කාසියේ වාසිය දිනා ගත් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඔවුන් පන්දුවාර 44ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලකුණු 277ක් ලබා ගත්හ. එම ඉනිමේ දී වමතින් පිත්ත හසුරුවන ප්‍රමෝද් මදුවන්ත අර්ධ ශතකයක් රැස් කිරීම කැපී පෙණුනි.

ප්‍රමෝද් මදුවන්ත පන්දු 127කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් රැස් කළේය. ඔහු සිව්වැනි හා හත්වැනි කඩුල්ල සඳහා තුෂාන් ඉද්දමල්ගොඩ (23) සමඟ හා රාජිත අසලආරච්චි (23) සමඟ එක් වෙමින් ලකුණු 51ක සබඳතාවයන් දෙකක් ගොඩ නැගුවේය. පන්දු යැවීමේ දී වමතින්  දඟපන්දු යවන නවීන් ගුණවර්ධන ලකුණු 25කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ලකුණු 8කින් බංග්ලාදේශ පොඩ්ඩෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (01) පැවති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන්…

සැලකිය යුතු මට්ටමේ ලකුණු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි HNB කණ්ඩායමට කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමේ පන්දු යවන්නෝ තරගය අයහපත් ආලෝක තත්වය නිසා නවතා දමන විට පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට ඉඩ දුන්නේ ලකුණු 123ක් පමණි.

එම තරගය HNB ඉනිමේ 34 වැනි පන්දුවාරයේ දී නිමා විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ දකුණතින් පිත්ත හසුරුවන නායක මාධව වර්ණපුර (38) සහ සවන ප්‍රභාෂ්  (28)ය. අතිරේක ලකුණු 8ක් ද එම ඉනිමට ඇතුළත් ය.

පන්දු යැවීමේ දී පූර්ණ චාරුක පන්දුවාර 9ක් යවමින් නොඉඳුල් පන්දුවාර 3ක් ද සමඟින් ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තේය.

කැන්රිච් ෆිනෑන්ස් – 184 (44): ප්‍රමෝද් මදුවන්ත 54, රාජිත අසලආරච්චි 23, තුෂාන් ඉද්දමල්ගොඩ 23, නවීන් ගුණවර්ධන 4/25, මොහොමඩ් ඉක්රම් 3/30, විමුක්ති පෙරේරා 2/36.

HNB – 123/7 (34): මාධව වර්ණපුර 37, සවන ප්‍රභාෂ් 28, පූර්ණ චාරුක 2/20, චානක දේවින්ද 2/32.

හෙට (2) දිනයේ ජෝන් කීල්ස් හා එක්ස්පෝ ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම නොවැම්බර් මස 6 වැනිදා අද දිනයේ දී පරාජයට පත්වූ HNB කණ්ඩායම සමඟින් දෙවන අවසන් පූර්ව තරගයට සහභාගී වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<