ජයග්‍ර‍හණය මොබිටෙල් සහ MAS කණ්ඩායම් වලට

571
Mercantile cricket September 8th round up Mobitel and MAS

24 වන වරටත් සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (7) සාර්ථකව නිමාවිය. මෙම තරඟය වලින් මොබිටෙල් ආයතන කණ්ඩායම සහ MAS ආයතන කණාඩායම සමත් විය.

පසුගිය ලිපි: අවසන් තරඟයෙන් සංවර්ධනයට තියුණු ජයක්

මොබිටෙල් කණ්ඩායම හා සිංගර් ආයතනය අතර තරඟය

සිංගර් කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දු රැකීමට තීරණය කල අතර එම ආරාධනය පිළිගෙන මොබිටෙල් A කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා පිටියට අවතීර්ණ විය.

මොබිටෙල් කණ්ඩායම පළමු පන්දුවාරයේ සිටම හොද ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගෙන යමින් ක්‍රීඩා කරන ලදි. මෙහිදී මොබිටෙල් කණ්ඩායම වෙනුවෙන් ශතක දෙකක් හා එක් අර්ධ ශතකයක් වාර්තා විය. විශිෂ්ට ඉණිමක දියත් කල ළහිරු ජයකොඩි හා දිනෙත් දේවතන්ත්‍ර පිළිවෙලින් 4 පහරවල් 6ක් හා 6 පහරවල් 3ක් සමඟ නොදැවී ලකුණු 113* ලබා ගත් අතර දිනෙත් එයට නොදෙවෙනි ඉණිමක් දියත් කරමින් 4 පහරවල් 10ක් හා 6 පහරවල් 4ක් සමග ලකුණු 112ක් ලබාගන්නා ලදි.

මොබිටෙල් A කණ්ඩායම – 340-7 (50) ‍| ළහිරු ජයකොඩි 113*, දිනෙත් දේවතන්ත්‍ර 102, රොන් චන්ද්‍රගුප්ත 57, සිතාර ලියනගේ 18, රාජිත ප්‍රියන් 2/75, ඉසුරු ශමාර 1/27

අනතුරුව ලකුණු 341ක දැවැන්ත හඹායාමකට පිටියට පැමිණි සිංගර් කණ්ඩායමෙන් වාර්තා වූයේ අර්ධ ශතක 2ක් පමණක් වන අතර රාජිත ප්‍රියන් පන්දුවෙන් මෙන්ම පිත්තතෙන්ද දස්කම් දැක්වීමට සමත් විය. ඔහු 4 පහරවල් 4ක් හා 6 පහරවල් 2ක් සමඟ ලකුණු 60* නොදැවී ලබාගැනීමට සමත් විය.

සිංගර් A කණ්ඩායම – 246-10 (48) ‍| රාජිත ප්‍රියන් 60*, ඉමාල් ලියනගේ 57, චරිත් ලක්ෂාන් 31, ඇන්ඩෘ ප්‍රියස් 3/28, කොශාන් ජයවික්‍රම 3/51

මොබිටෙල් කණ්ඩායම ලකුණු 94ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


MAS ආයතනය සහ හේලීස් ආයතනය අතර තරගය

මෙම තරගය මත්තේගොඩ හමුදා ක්‍රීඩාංගණයේදි පැවති අතර තරගය ලකුණු 84කින් ජයග්‍ර‍හණය කිරීමට MAS ආයතන ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් MAS කණ්ඩායම ප්‍ර‍ථමයෙන්ම පිටියට පිවිසි අතර ඇන්ජලෝ ඉමානුඑල් විසින් නොදැවී අනර්ඝ ශතකයක් සිය කණ්ඩායමේ ජයග්‍ර‍හණය උදෙසා රැස්කරන ලදි. ඔහු විසින් පන්දු 102කදි 4 පහර 10ක් සහ එක් 6 පහරකින් ලකුණු 100*ක් වාර්තා කිරීමට සමත් විය. තරගයේ නොදැවී ක්‍රීඩා කල කවීන් සිල්වා ලකුණු 76*ක් රැස් කරගන්නා ලදි.

MAS – 256/6 (50) ‍| ඇන්ජලෝ ඉමානුඑල් 100*, කවීන් සිල්වා 76*, අලී ඛාන් 1/42, ප්‍ර‍මෝද් ප්‍ර‍නාන්දු 1/24.

ලකුණු 257ක අභියෝගයක් සමගින් පිටියට පිවිසි හේලීස් ක්‍රීඩකයින් හට පන්දුවාර 46යි පන්දු 1කදි, සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 172ක් පමණි. එහිදි මදුරංග සොයිසා විසින් ලකුණු 44ක් රැස් කල අතර නිමේෂ් ගුණසිංහ ලකුණු 32ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදි කෞෂාල්‍ය ගජසිංහ ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත් අතර රුමේෂ් මධුසංක ලකුණු 20කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

හේලීස් – 172 (46.1) ‍| මදුරංග සොයිසා 44, නිමේෂ් ගුණසිංහ 32, කෞෂාල් ගජසිංහ 4/26, රුමේෂ් මධුසංක 2/20.

MAS ආයතනයට ලකුණු 84ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට