ඩෙවින් පත්මනාදන් සිංගර් ශ්‍රී ලංකා දිනවයි

228

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය වෙළඳසේවා B කාණ්ඩයේ අද (27) කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති කොමර්ෂල් ක්‍රෙඩිට් සහ සිංගර් ශ්‍රී ලංකා අතර තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ඩෙවින් පත්මනාදන් සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්විය.

තරගාවලිය ආරම්භයේම කැන්රිච් ෆිනෑන්ස්ට තියුණු ජයක්

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ සීමිත පන්දුවාර තරගාවලියේ 2018 අදියර අද (26) කොළඹ වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී ආරම්භ වූ අතර පැවති පළමු තරගයෙන් කැන්රිච්…

කාසියේ වාසිය දිනූ කොමර්ෂල් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 250ක් රැස් කළ අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සිංගර් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 251ක් ලබා ගත්හ.

කොමර්ෂල් ක්‍රෙඩිට් ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවක් එක් කිරීමට රංග කුරේ සහ සඳකැන් පතිරණ සමත් වූහ.

අනතුරුව 4 වැනි කඩුල්ලේ දී අකීල් ඉන්හාම් සහ අදීශ තිලාංචන ලකුණු 61ක සබඳතාවක් එක් කළහ. අකීල් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 75කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමින් ලකුණු 63ක් ලබා ගත්තේ ය. අදීශ තිලාංචන පන්දු 42ක දී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තේ ය. ඊට අමතරව රංග කුරේ පන්දු 66කට මුහුණ දී හයේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ ඩෙවින් පත්මනාදන් ලකුණු 55කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිස සිංගර් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉනිමේ තවත් පන්දු 14ක් ඉතිරිව තිබිය ද ජයග්‍රාහී ලකුණු වාර්තා කළහ. එහි දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ ඩෙවින් පත්මනාදන් ය. ඔහු පන්දු 65කට මුහුණ දී හතරේ පහර 19ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව නායක රජිත් ප්‍රියාන් පන්දු 54කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ ය. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි සචින් ජාකොබ් පිටියේ දී ආබාධිත තත්ත්වයට පත්ව පිටියෙන් ඉවත් වෙන විට පන්දු 80කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 1ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියේ ය.  

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ සුරංග ශාලින්ද ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 250 (50.0): අකීල් ඉන්හාම් 63, අදීශ තිලාන්චන 42, රංග කුරේ 41, සඳකැන් පතිරණ 23, ඩෙවින් පත්මනාදන් 3/55

සිංගර් ශ්‍රී ලංකා; කඩුලු 5ක් දැවී 251 (47.4): ඩෙවින් පද්මනාදන් 83, රජිත ප්‍රියාන් නොදැවී 51, සචින් ජාකොබ් නොදැවී 41, රවීන් යසස් 28, සුරංග ශාලින්ද 2/32  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<