හැටන් නැෂනල් හා කැන්රිච් ජය ගනී

509

පසුගිය සතියේ ආරම්භ වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරගාවලියේ තවත් තරග දෙකක් අද (30) කොළඹ දී පැවැත්වුනු අතර එම තරග වලින් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම හා හැටන් නැෂනල් බැංකුව යන  කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තේය.

වනිඳු සහ සුදාරක වෙළඳසේවා පිටිය වර්ණවත් කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග්..

සිංගර් ශ්‍රී ලංකා A හා කැන්රිච් ෆිනෑන්ස්

ඉතාමත් උණුසුම් ලෙස නිමා වූ මෙම තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී නිමාව දුටුවේ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට කඩුලු 2ක තියුණු ජයක් ලබා දෙමිනි.

සිංගර් ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකයා විසින් කාසියේ වාසිය ජයග්‍රහණය කළ අතර ඔහු මේ තරගයේ දී පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. ඒ අවසරයෙන් පිටියට පිවිසි සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 172ක් ලබා ගන්නා ලදි.

දකුණතින් පිතිකරණයේ නිරත වන සචින් ජොකබ් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 41ක් ලබා ගනිමිනි. ඔහුගේ ඉනිමට 4 පහර 3ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය. ඊට අමතරව චරිත් කීර්තිසිංහ නොදැවී ලකුණු 26*ක් ලබා ගන්නා ලදි. රවීන් සේයර් ලකුණු 27ට කඩුලු 3යි.

රවීන් සේයර් මේ තරගයේ කැපී පෙනුන ක්‍රීඩකයා බවට පත්වූයේ සිය තුන් ඉරියව් දස්කම් දක්වමිනි. සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් දවා ගත් සේයර් පිතිකරණයෙන් ද දස්කම් දැක්වීම ඊට හේතුවයි. සේයර් නොදැවී ලකුණු 40*ක් ලබා ගන්නා විට ඔහුට සහය වූ තරුෂාන් ඉද්දමල්ගොඩ ලකුණු 34ක් කැන්රිච් ලකුණු පුවරුවට එකතු කළේය. අවසානයේ පන්දුවාර 49යි පන්දු 4ක් තුල කඩුලු 8ක් දැවී සිය නියමිත ඉලක්කය පසුකර යාමට කැන්රිච් කණ්ඩායම සමත් වූයේ සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමිනි.

සිංගර් ශ්‍රී ලංකා A – 172/9 (50): සචින් ජොකබ් 41, චරිත් කීර්තිසිංහ 26*, හර්ෂ රාජපක්ෂ 22, රවීන් සේයර් 3/27.

කැන්රිච් ෆිනෑන්ස් – 173/8 (49.4): රවීන් සේයර් 40*, තරුෂාන් ඉද්දමල්ගොඩ 34, සලිත් ද සිල්වා 23, ප්‍රමෝද් මදුවන්ත 23, චරිත් කීර්තිසිංහ 3/26.

කොළඹ ක්‍රීඩකයෝ හරීන් බුද්ධිලගේ දක්ෂතාව යට යවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ…

CDB බැංකුව හා හැටන් නැෂනල් බැංකුව A

කොළඹ BRC පිටියේ පැවැත්වූ මේ තරගය හැටන් නැෂනල් බැංකුව කඩුලු 5කින් ජයග්‍රහණය කරන ලදි.

තණතීරුව මත ඉහළ නැගුණු කාසියේ වාසිය ජයග්‍රහණය කළ CDB බැංකුව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් එම ලබා ගත් තීරණය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට CDB බැංකු කණ්ඩායමේ පිතිකරුවන් අපොහොසත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 37යි පන්දු 5ක් තුල ඔවුන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 125ක් පමණි. එහි දී ශිහාන් දිලක්සිරි ලකුණු 66ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දු යැවීමේ දී නවීන් ගුණවර්ධන ලකුණු 29කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

එයට පිළිතුරු දුන් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 5ක් තුල කඩුලු 5ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත් අතර සෙමින් සීරුවේ සිය පිතිකරණය දියත් කළ මාධව වර්ණපුර 4 පහර 6ක් සමඟින් ලකුණු 58ක් ලබාගෙන හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.

CDB බැංකුව – 125/10 (37.5): ශිහාන් දිලක්සිරි 66, නවීන් ගුණවර්ධන 4/29, ලහිරු වික්‍රමසිංහ 3/10, මාධව වර්ණපුර 3/15.

හැටන් නැෂනල් බැංකුව A – 128/5 (38.5): මාධව වර්ණපුර 58, මොහොමඩ් ඉම්රාන් 2/19.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<