අවිශ්ක සහ භානුකගෙන් ශතක ඉනිම්

398
Mercantile Cricket

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවති තරගවල දී අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ ශතක වාර්තා කිරීමට සමත් විය.

හේලීස් කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක ප්‍රනාන්දු කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ද, ජෝන් කීල්ස් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ සම්පත් බැංකු කණ්ඩායමට එරෙහි ව ද මෙසේ ශතකයක් වාර්තා කළහ.

පැවති තරගවල දි කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව හේලීස් ක්‍රීඩකයෝ ද, සම්පත් බැංකු කණ්ඩායමට එරෙහිව හේලීස් ක්‍රීඩකයෝ ද, කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව L.B. ෆිනෑන්ස් ක්‍රීඩකයෝ ද සහ TeeJay ලංකා කණ්ඩායමට එරෙහිව  MAS යුනිචෙලා ක්‍රීඩකයෝ ද ජයග්‍රහණ වාර්තා කළහ.

කොළඹ ජය ගනිද්දී වැඩි වාසිය ගාල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය ක්‍රිකට් නංවාලීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන වයස…

හේලීස් සහ කැන්රිච් ෆිනෑන්ස් අතර තරගය

කොළඹ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 140ක පහසු ජයක් වාර්තා කිරීමට හේලීස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ කැන්රිච් ෆිනෑන්ස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හේලීස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 335ක් රැස් කළහ. ඊට පිළිතුරු ලෙසින් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම ලකුණු 195කට සියලුම දෙනා දැවී ගියේ ය.

හේලීස් ඉනිමේ දී යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පන්දු 127ක දී හතරේ පහර 12ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු167ක් ලබා ගත්තේ ය. ඔහු නිමේෂ ගුණසිංහ සමඟ එක්වෙමින් සිව්වැනි කඩුල්ලට ලකුණු 97ක සබඳතාවක් ද ගොඩ නැගුවේය. නිමේෂ පන්දු 43ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව චානක රුවන්සිරි පන්දු 19ක දී ලකුණු 30ක් ද ඇන්ඩි සොලමන්ස් පන්දු 16ක දී ලකුණු 41ක් ද රැස් කළහ. ඇන්ඩිගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුලත් විය.

පන්දු යැවීමේ දී ඩිලේශ් ගුණරත්න ලකුණු 69කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පරාජිත කැන්රිච් ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ ඔෂද ප්‍රනාන්දු ය. ඔහු පන්දු 50කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 76ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

හේලීස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 335 (48.0): අවිශ්ක ප්‍රනාන්දු 167, ඇන්ඩි සොලමන්ස් 41, නිමේෂ් ගුණසිංහ 34, චානක රුවන්සිරි 30, ලහිරු තිරිමාන්න 20, ඩිලේශ් ගුණරත්න 4/69, රොෂාන් ලක්සිරි 2/49

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 195 (33.4): අලංකාර අසංක 28, ඔෂද ප්‍රනාන්දු 76, ප්‍රභාත් ජයසූරිය 4/48, නිමේෂ ගුණසිංහ 2/14, ලහිරු සමරකෝන් 2/32, අලි ඛාන් 2/32

සංචිතයේ වෙනස්කම් කිහිපයක් සමඟින් මැතිව්ස්ට එක් දොරක් වැසේ

ලබන 10 වැනිදා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත…

සම්පත් බැංකුව සහ ජෝන් කීල්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ සම්පත් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කෞෂාල් සිල්වා ය. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 91කි.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ අදාළ ඉලක්කය පන්දු වාර 43.5ක දී කඩුලු 7ක් පමණක් දැවී ලබා ගත්හ. එම ඉනිමේ වැඩි බරක් දැරුවේ නායක භානුක රාජපක්ෂ ය. ඔහු නොදැවී ලකුණු 121ක් ලබා ගත්තේ ය.

සම්පත් බැංකු කණ්ඩායම; කඩුලු 9ක් දැවී 257 (50.0): කෞෂාල් සිල්වා 91, දසුන් ශානක 32, චරිත බුද්ධික 28, ඉෂාන් ජයරත්න 2/39, ජෙහාන් ඩැනියෙල් 2/57, ජෙෆ්රි වැන්ඩර්සේ 2/46

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 261 (43.5): දිමුත් කරුණාරත්න 27, භානුක රාජපක්ෂ නොදැවී 121, මධුක ලියනපතිරණගේ 25, තරිඳු කෞෂාල් 2/76, දුශ්මන්ත චමීර 2/46


L.B. ෆිනෑන්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට L. B.  ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය.

පන්දු වාර 42කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ L. B. ෆිනෑන්ස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 161ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ දී වනිඳු හසරංග අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි L .B. ෆිනෑන්ස් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 165ක් ලබා ගත්තේ ය. එහි දී නැවත වතාවක් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කිරීමට චරිත් අසලංක සමත් විය. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 80කි.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 161 (35.4): චාමර කපුගෙදර 30, වනිඳු හසරංග 61, ලහිරු මධුශංක 21, චතුරංග කුමාර 2/19, ශෙහාන් ජයසූරිය 3/41, ඇන්ජෙලෝ පෙරේරා 2/23, ශිරාන් ප්‍රනාන්දු 3/33

L. B. ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 2ක් දැවී 165 (33.4): චරිත් අසලංක නොදැවී 80, සධීර සමරවික්‍රම 38, කුසල් මෙන්ඩිස් නොදැවී 37

MAS යුනිචෙලා සහ TeeJay ලංකා අතර තරගය

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් MAS යුනිචෙලා කණ්ඩායම කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනූ TeeJay ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිස සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 155ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ මිනෝද් භානුක ය. ඔහු ලකුණු 32ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී ටී. එම්. ඩිල්ශාන් සහ කමිඳු මෙන්ඩිස් කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි MAS යුනිචෙලා කණ්ඩායම පන්දු වාර 22.5ක දී කඩුලු 5ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තේ ය. එම ඉනිමේ දී නිරෝෂන් දික්වැල්ල ලකුණු 38ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන් ලකුණු 51කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

TeeJay ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 155 (36.4): ලසිත් කෘෘස්පුල්ලේ 21, රුවිඳු ගුණසේකර 28, මිනෝද් භානුක 32, සචිත්‍ර සේරසිංහ 30, ලක්ෂාන් සඳකැන් නොදැවී 22, කමිඳු මෙන්ඩිස් 3/20, ටී. එම්. ඩිල්ශාන් 3/41, දුවිඳු තිලකරත්න 2/25

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 5ක් දැවී 159 (22.5): නිරෝෂන් දික්වැල්ල 38, ටී. එම්. ඩිල්ශාන් 28, මහේල උඩවත්ත 23, කුසල් ජනිත් නොදැවි 27, ලක්ෂාන් සඳකැන් 3/51

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<