දිනෙත්, කවීන්, රුමේෂ් සහ නුවන්ට ලියැවුණ සති අන්තයක්

171

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි”  කුසලාන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (01දා) දවසේ කැපී පෙණෙන තරු බවට පත් වීමට DHT සිමෙන්ති කණ්ඩායම නියෝජනය කළ දිනෙත් තිමෝද්‍ය, MAS සිලුඒටා කණ්ඩායම නියෝජනය කළ රුමේෂ් සිල්වා, ජෝන් කීල්ස් කණ්ඩායම නියෝජනය කළ කවීන් බණ්ඩාර සහ නුවන් තුෂාර සමත් වූහ.

නිමා වූ වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතම පිතිකරු වූ දිනෙත් තිමෝද්‍ය තවදුරටත් තමන්ගේ දක්ෂතා දේශීය ක්‍රිකට් පිටියේ සජීවිකරණය කරමින් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව පන්දු 44කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 77ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 5කින් සමන්විත විය.

දවසේ අනෙක් කැපී පෙණෙන පිතිකරු වූයේ ජෝන් කීල්ස් කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු කවීන් බණ්ඩාර ය. ඔහු මොබිටෙල් කණ්ඩායමට එරෙහිව පන්දු 104ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තේය.  

වමතින් දඟපන්දු යවන රුමේෂ් සිල්වා යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තේ ය. එමෙන්ම “පොඩි මාලි” නමින් මේ වන විට ක්‍රිකට් පිටියේ අවධානය දිනා සිටින නුවන් තුෂාර මොබිටෙල් කණ්ඩායමට එරෙහිව ලකුණු 32කට කඩුලු 5ක් දවා ගත්තේ ය.  

කොමර්ෂල් ක්‍රෙඩිට් සහ DHT සිමෙන්ති කණ්ඩායම් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගය පන්දුවාර 49ක තරගයක් සේ ආරම්භ වූයේ කාසියේ වාසිය දිනූ DHT කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට හිමි කර දෙමිනි.

ඔවුන්ගේ ඉනිම 20 වැනි පන්දුවාරයේ දී නිමා කිරීමට දකුණතින් පිට දඟපන්දු යැවූ මධුර මධුශංකගේ දක්ෂතාව ඉවහල් විය. ඔහු කොමර්ෂල් ක්‍රෙඩිට් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 23කට දවා ගත්තේය. වමතින් දඟපන්දු යැවූ කවිඳු බණ්ඩාර ද ලකුණු 17කට කඩුලු 2ක් දවා ගනිමින් ඔහුට අනගි සහායක් ලබා දුන්නේය. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සලිත් ද සිල්වා (30) ය.

ප්‍රතිවාදීන් තමන් වෙත ලැබුණු පහසු ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 13කට පමණක් මුහුණ දෙමිනි. එහි දී වමත් පිතිකරු දිනෙත් තිමෝද්‍ය නොදැවී ලකුණු 77ක් ලබා ගත්තේය. තම කණ්ඩායම මුහුණ දුන් පන්දු 78න් 44කට ම මුහුණ දෙමින් තරගය සම්පූර්ණයෙන්ම තමන් වෙත නතු කර ගැනීමට ද දිනෙත් සමත් වීම කැපී පෙණුනි.

මෙම තරගයෙන් DHT සිමෙන්ති කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක් හිමි විය.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 124(19.2) සලිත් ද සිල්වා 30, නිලූෂ උත්තමදාස 22, මධුර මධුශංක 4/23, කවිඳු බණ්ඩාර 2/17

DHT සිමෙන්ති කණ්ඩායම; කඩුලු 3ක් දැවී 125(13.0) දිනෙත් තිමෝද්‍ය නොදැවී 77, ලහිරු ජයකොඩි 18

 

තිලකරත්න සහෝදරයෝ වෙළඳසේවා පිටිය වර්ණවත් කරති

සියලු අවධානයන් තමන් වෙත නතු කර ගත් තිලකරත්න සහෝදරයෝ අද (30දා) වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී පැවති හේලීස් කණ්ඩායම හා තරගයේ දී කඩුලු 7ක…

MAS සිලුඒටා සහ යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරගය

කටුනායක වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය වර්ෂාව හේතුවෙන් ආරම්භ වන්නේ පන්දුවාර 47ක තරගයක් ලෙසිනි. කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන MAS සිලුඒටා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 287ක් ලබා ගන්නේය. ඒ වර්ෂාව හේතුවෙන් තවත් පන්දුවාරයක් අඩුකරමින් ඉනිම අවසන් වෙද්දීය. මෙම ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ දෙනුවන් රාජකරුණා ය. ඔහු පන්දු 36ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් වාර්තා කරන්නේය.

යුනිලීවර් කණ්ඩායමේ පිළිතුරු ඉනිම දිවා විවේකයේ දී වට වැස්ස හේතුවෙන් පන්දුවාර 35කට සීමා විය. ඒ අනුව ඔවුන්ගේ ඉලක්කය ලකුණු 244කි. නමුත් ඔවුන්ගේ ඉනිම ලකුණු 109කින් නිමා කිරීමට රුමේෂ් සිල්වාගේ පන්දු යැවීම බෙහෙවින් ම ඉවහල් විය. ඔහුට අමතරව ආරම්භක දකුණතින් වේගපන්දු යැවූ චරණ නානායක්කාර ලකුණු 24කට කඩුලු 4ක් දවා ගන්නේ ය.

තරගයෙන් MAS සිලුඒටා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 134ක ජයක් හිමි විය.

MAS සිලුඒටා කණ්ඩායම; කඩුලු 7ක් දැවී 287 (46.0) සංගීත් කුරේ 28, ෂෙහාන් ප්‍රනාන්දු 43, ඉරෝෂ් සමරසූරිය 32, නිමන්ද මධුශංක 42, දෙනුවන් රාජකරුණා 51, ඇන්ජලෝ එමානුවෙල් 24, දුෂාන් හේමන්ත නොදැවී 30, බුද්ධික සංජීව නොදැවී 19, හරිශාන් රාජේන්ද්‍රන් 2/44, රසික ප්‍රසාද් 2/29, අසංක සිල්වා 2/26

යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 109 (27.0) මධුශ රාජරත්න 47, යොමේෂ් රණසිංහ 17, චරණ නානායක්කාර 4/24, රුමේෂ් සිල්වා 5/18

සිව්වැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අබුඩාබි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය (1) සඳහා තරගය නිමා වන විට, සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම…

ජෝන් කීල්ස් සහ මොබිටෙල් ලංකා කණ්ඩායම් අතර තරගය

කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය ද පන්දුවාර 47 තරගයක් සේ ආරම්භ වුන අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 213ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කවීන් බණ්ඩාර සමත් විය. පන්දු යැවීමේ දී මොබිටෙල් කණ්ඩායමේ ලක්ෂාන් ජයසිංහ සහ චරිත් ජයම්පති කඩුලු 3 බැගින් දවා ගත්හ.

දිවා විවේකයේ දී මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව ප්‍රතිවාදී මොබිටෙල් කණ්ඩායමේ ඉලක්කය වූයේ පන්දුවාර 45කට ලකුණු 210කි. නමුත් එම ඉනිම ලකුණු 171කින් අවසන් කිරීමට නුවන් තුෂාරගේ දක්ෂ පන්දු යැවීම හේතු විය.  ඔහුට අමරතව සමිත් දුෂාන්ත සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්හ. මොබිටෙල් ඉනිමේ කැපි පෙණෙන පිතිකරුවන් වූයේ පන්දු 51ක දී ලකුණු 47ක් ලබා ගත් තිමිර ජයසිංහ සහ පන්දු 88ක දී ලකුණු 45ක් ලබා ගත් ලක්ෂාන් ජයසිංහ ය.

තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 38ක ජයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

ජෝන් කීල්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 213 (46.4) කවීන් බණ්ඩාර 74, මනෝජ් සරත්චන්ද්‍ර 22, සචිත ජයතිලක 37, ලක්ෂාන් ජයසිංහ 3/33, චරිත් ජයම්පති 3/29

මොබිටෙල් ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 171 (40.4) තිමිර ජයසිංහ 47, ලක්ෂාන් ජයසිංහ 45, සුපේක්ෂල ජයතිලක 36, නුවන් තුෂාර 5/32, සමිත් දුශාන්ත 2/28, තරිඳු රත්නායක 2/29

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට