ලක්ෂාන්ගෙන් සහ සොයිසාගෙන් දැවැන්ත ශතක

1127

වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ මුල් අදියරේ අවසන් තරඟ කිහිපය මේ දිනවලදි පැවැත්වෙන අතර එහි තවත් තරඟ කිහිපයක් අද (11) පැවැත්විණි. මෙම තරඟ වලින් ‍ හේලිස් කණ්ඩායම හා එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරන ලදි.

හේලිස් සහ සෙලාන් බැංකු කණ්ඩායම් අතර තරගය

මෙම තරඟය වෙළෙඳ සංගම් පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය ජයග්‍රහණය කල හේලිස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

හේලිස් කණ්ඩායම වෙනුවෙන් දැවැන්ත ලකුණු 146ක් ලබා ගැනීමට එම්. සොයිසා සමත් විය. ඔහු නරඹන්නන්ට මනරම් පිටියක් නිර්මාණය කරමින් පිත්තෙන් 4 පහරවල් 10ක් හා දැවැන්ත 6 පහරවල් 14ක් එල්ල කරන ලදි. ඔහු එම දැවැන්ත ලකුණු ප්‍රමාණයට වැය කලේ පන්දු 108ක් පමණි. ඔහුට සහය දුන් ඒ. කාන් 4 පහරවල් 6ක් හා එක් 6 පහරක් වාර්තා කරන ලදි. අවසානයේ හේලිස් කණ්ඩායම ලකුණු 283ක් වැනි විශාල ලකුණුක් ලබාගන්නා ලදි.

හේලිස් ආයතන කණ්ඩායම 283/10 (46.2): එම්.සොයිසා 146, ඒ. කාන් 43, කාංචන ගුණවර්ධන 4/52, චරිත් රාජපක්ෂ 2/45.

අනතුරුව ලකුණු 283ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි සෙලාන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කරමින් කණ්ඩායම යම් මට්ටමකට ගෙන ඒමට කාංචන ගුණවර්ධන සමත් විය. ඔහු 4 පහරවල් 9ක් හා 6 පහරවල් 3ක් එල්ල කරන ලදි. තරංග පරණවිතාන 4 පහරවල් 4ක් හා 6 පහරවල් 2ක් සමගින් ලකුණු 55ක් ලබගනිමින් දක්ෂතා දක්වන ලදි. මෙහිදී විජේරත්න හේලිස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

සෙලාන් බැංකු කණ්ඩායම – 198-9 (41.5): කාංචන ගුණවර්ධන 67, තරංග පරණවිතාන 55, චානක විජේසිංහ 25, රවිදු විජේරත්න 5/21

හේලිස් ආයතන කණ්ඩායම ලකුණු 85ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


එල්. බී. ෆිනෑන්ස් හා පෑන් ඒශියා බැංකු කණ්ඩායම් අතර තරඟය

මත්තේගොඩ යුධ හමුදා පිටියේදී පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් රොද්‍රිගෝ 4 පහරවල් 17ක්,  6 පහරවල් 4ක් සමගින් ලකුණු 127ක් ලබාගන්නා ලදි. ඔහු සමග එක්ව එස්. සමරවික්‍රම 4 පහරවල් 9ක් හා 6 පහරවල් 4ක් සමඟ තවත් ලකුණු  89ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම 385/10 (48): ලක්ෂාන් රොද්‍රිගෝ 127, එස්. සමරවික්‍රම 89, ඒ. පෙරේරා 30, ලහිරු වික්‍රමසිංහ 4/57

දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි පෑන් ඒශියා කණ්ඩායම දැඩි මානසික පීඩනකට හසු කරලීමට එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. විරාජ් දීපාල් ලකුණු 50ක් ලබාගත් අතර එම ඉණිමට 4 පහර 6ක් හා 6 පහර 2ක් අන්තර්ගත විය.

පෑන් ඒශියා බැංකු කණ්ඩායම 186/10 (39.2): විරාජ් දීපාල් 50, ලහිරු වික්‍රමසිංහ 31, රුවින්ද තක්ෂල 28, ආර්. වීරසිංහ 2/23, ටනීශ වීරකෝන් 2/27

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම ලකුණු 199ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.

මෙම තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

  • සෙලාන් බැංකු කණ්ඩායම හා MAS Silueta ආයතන කණ්ඩායම අතර තරඟය සරේ පිටියේදී,
  • සිංගර් කණ්ඩායම හා කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අතර තරඟය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේදී,

පැවැත්වෙනු අැත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට