අයහපත් කාලගුණයෙන් තරග සියල්ලට බාධා

554

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (13) ක්‍රියාත්මක වූ අතර, අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැවැත්වූ තරග සියල්ලම අතහැර දැමීමට සිදු විය. අද දිනය තුළ නිමන්ද මදුසංක MAS Silueta (A) කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් වාර්තා කර ගැනීමට සමත් විය.

ලහිරු හා හශාන් තවත් දැවැන්ත ජයකට මඟ පාදයි

Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ අද (11) ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවැත්වූ තරගයෙන් ශ්‍රී ලංකාව (BMS) කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක්…

A කාණ්ඩය

ඩිමෝ හා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම

කෝල්ට්ස් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පළමුව පන්දු යවන ලදි. ඩිමෝ කණ්ඩායම වෙනුවෙන් හශාන් දුමිඳු හා තික්ෂිල ද සිල්වා ලකුණු 36 බැගින් රැස්කර ගැනීමට සමත් විය. 27 වන පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී තරගයට වර්ෂාව ඇඳ හැලෙන්නට විය. ඒ නිසා එම තරගය අත්හැරීමට විනිසුරුවරුන් තීරණය කළේය.

ඩිමෝ – 123/3 (26.2): හශාන් දුමිඳු 36, තික්ෂිල ද සිල්වා 36.


LB ෆිනෑන්ස් (A) හා HNB (A) තරගය

කාසියේ වාසිය දිනූ HNB (A) කණ්ඩායම පළමුව පන්දු යවන ලදි. කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ දී LB ෆිනෑන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 204ක් ලබා ගත්තේය. සධීර සමරවික්‍රම හා ඇන්ජලෝ පෙරේරා පිළිවෙළින් ලකුණු 42ක් හා ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය. මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල විය.

LB ෆිනෑන්ස් (A) – 204/7 (39.3): සධීර සමරවික්‍රම 42, ඇන්ජලෝ පෙරේරා 41, සහන් ආරච්චිගේ 26*.


හේලිස් (A) හා MAS හෝල්ඩින්ග්ස් unichela තරගය

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අත්හැර දැමූ මෙම තරගය කොළඹ වෙළඳ සංගම් පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ හේලිස් කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා තීරණය කරන ලදි. ඔවුන් ලකුණු 33ක් ලබාගෙන සිටිය දී එම තරගයට ද, ධාරානිපාත වර්ෂාවෙන් බාධා එල්ල විය.

හේලිස් (A) – 33/1 (4.3)

මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන ඉදිරි තරග කිහිපය පහත පරිදි පැවැත්වෙනු ඇත.

2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ස්ථානය සත්කාරක කණ්ඩායම   vs සංචාරක කණ්ඩායම  
වෙළඳ සංගම් පිටිය ජෝන් කීල්ස් ”A” vs. හැටන් නැෂනල් බැංකුව “A”
යුද හමුදා පිටිය පනාගොඩ සම්පත් බැංකුව vs. හේලීස් සමූහය“A”
මග්ගොන සරේ ඩිමෝ ලංකා “A” vs. කැන්රිච් ෆිනෑන්ස් “A”
පී. සරා ඕවල් LB ෆිනෑන්ස් “A” vs. කොමර්ෂල් ක්‍රෙඩිට් “A”
කටුනායක නිදහස් වෙළඳ පිටිය MAS Unichela vs. ටීජේ ලංකා

ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් 4ට

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (12) පැවැත්වූ තරගය, කඩුලු 7කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව (BMS) මූලික වටයේ සහභාගි වූ තරග සියල්ලම ජයග්‍රහණය කරමින් අවසන්….

B කාණ්ඩය

MAS Silueta (A) හා මොබිටෙල් (A) තරගය

මොරටුව ද සොයිසා ක්‍රිකට් පිටියේ දී උදෑසන 10.30ට පමණ ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ මොබිටෙල් (A) කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේ, කාලගුණික තත්වයෙන් සිය කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව (D/L) විය හැකි අවාසිය මඟ හරවා ගැනීමට විය හැකිය.

පළමුව පිටියට පැමිණි MAS Silueta (A) ක්‍රීඩකයින් මොබිටෙල් පන්දු යවන්නන් හමුවේ මුල සිටම සාර්ථකව පිතිකරණයේ නිරත වූ අතර, එහි දී නිමන්ද මදුසංක දක්ෂ පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 100*ක්  රැස්කර ගන්නා ලදි.

ඔහුට සවියක් වුන සාලින්ද උශාන් ලකුණු 77ක් රැස්කර ගත්තේය. අවසානයේ MAS Silueta (A) ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 281ක් ලෙස දිස්විය. පන්දු යැවීමේ දී කොශාන් ජයවික්‍රම ලකුණු 25කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

මොබිටෙල් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණිය ද, ඔවුන්ගේ ඉනිම අවසන් කර ගැනීමට අයහපත් කාලගුණික තත්ත්වය අවස්ථාව ලබා දුන්නේ නැත.

MAS Silueta (A) – 281/5 (50): නිමන්ද මදුසංක 100*, සාලින්ද උශාන් 77, කොශාන් ජයවික්‍රම 2/25.

මොබිටෙල් (A) – 8/1 (1.2):


ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (B) හා DHT සිමෙන්ති ආයතන කණ්ඩායම

කොළඹ BRC පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ DHT සිමෙන්ති කණ්ඩායම සිය ප්‍රතිවාදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (B) කණ්ඩායමට පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා දෙන ලදි.

කවීන් බණ්ඩාර හා රවිඳු කොඩිතුවක්කු ජෝන් කීල්ස් (B) කණ්ඩායමේ ලකුණු පුවරුව යම් මට්ටමකට ඔසවා තැබූ අතර, එහි දී කවීන් බණ්ඩාරගේ උරමතට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කණ්ඩායමේ සම්පූර්ණ වගකීම පතිත විය.

ඔහු ලකුණු 76ක් ලබාගෙන ඉනිම ගොඩනැගූ අතර, රවිඳු කොඩිතුවක්කු ලකුණු 32ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පන්දු යැවීමේ දී ඩිලාන් චන්දිම ලකුණු 6ක් තුල කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර, ඔහුට නොදැවිණි වූ සඳකැන් පතිරණ හා මදුර මදුරංග ද කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි DHT සිමෙන්ති ආයතන කණ්ඩායමට එකදු පන්දුවකට හෝ මුහුණ දීමට අවස්ථාව නොලැබුණේ මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙනි. එම නිසා  විනිසුරුවරුන් විසින් තරගය අත්හැර දැමීමට තීරණය කරන ලදි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (B) – 168/10 (41): කවීන් බණ්ඩාර 76, රවිඳු කොඩිතුවක්කු 32, ඩිලාන් චන්දිම 3/06, සඳකැන් පතිරණ 3/21, මදුර මදුරංග 3/32.


යුනිලීවර් ශ්‍රී ලංකා හා සිංගර් ශ්‍රී ලංකා (A) අතර තරගය

සිංගර් ශ්‍රී ලංකා (A) කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් අනෙක් තරගවල දී කණ්ඩායම් නායකයින් ගත් තීරණයම ගැනීමට පසුබට වූයේ නැත. ඒ අනුව ඔවුන් ද පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කොළඹ මුවර්ස් පිටියේ දී පළමුව පිතිකරණයේ නිරත වුන යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 65ක් ලබාගෙන සිටිය දී තරගය අත්හැර දැමීමට සිදු වූයේ මෙම තරගයට ද අයහපත් කාලගුණික තත්ත්වයෙන් බාධා එල්ල වීම නිසාවෙනි.

යුනිලීවර් ශ්‍රී ලංකා (A) –  65/4 (15):

මෙම කාණ්ඩයන් දෙක යටතේම අද පැවැත්වූ තරග සියල්ලම අත්හැර දැමීමට සිදු වූ නිසා, ප්‍රසාද ලකුණු පුවරුවේ ඒ ඒ කණ්ඩායම්වලට සමසමව ලකුණු බෙදී යන ලදි.

මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන ඉදිරි තරග කිහිපය පහත පරිදි පැවැත්වෙනු ඇත.

2017 සැප්තැම්බර් 17 වැනි ඉරිදා

ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
මග්ගොන සරේ පිටිය MAS Silueta “A” vs කොමර්ෂල් ක්‍රෙඩිට් “B”
BRC පිටියේ දී යුනිලීවර් ශ්‍රී ලංකා vs DHT සිමෙන්ති ආයතනය
පනාගොඩ යුද හමුදා පිටිය මොබිටෙල් “A” vs සිංගර් ශ්‍රී ලංකා “A”

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට