මෙවර වෙළඳසේවා මලල ක්‍රීඩාවට අලුත් ඉසව්වක්; තරග රාත්‍රියටත්

144

36 වැනි වරටත් පවත්වනු ලබන 2019 වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සිට 11 වැනිදා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

New national coach from Kenya to train Parami Wasanthi

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සහ ජාතික තරගාවලි කිහිපයක් සහ ක්‍රීඩා අමත්‍යංශය මගින්…

මීට පෙර පැවති තරගාවලි දින තුනක් පුරා පවත්වා ඇති අතර මෙවර ප්‍රථම වතාවට දින දෙකක් තුල තරගාවලිය පවත්වා අවසන් කිරීමට සංවිධායකයින් තීරණය කර ඇත. පළමු දිනයේ දී පමණක් උදෑසන 8 සිට රාත්‍රි 9 තෙක් තරග පැවැත්වීමට කටයුතු සලස්වා ඇත.

සුගතදාස ක්‍රීඩාංගණයේ දී මෙලෙස ප්‍රථම වතාවට රාත්‍රි කාලයේ දී තරග පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන්නේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවතම අත්දැකීමක මිහිර ලබා දීමට සහ ඔවුන් සියලු දෙනා රාත්‍රි තරග රටාවට හුරුකිරීමටය. මෙවර තරගාවලියට නවමු අත්දැකීමක් සමඟින් අලුත් ඉසව්වක් ද එක් කර ඇති අතර එම ඉසව්ව වන්නේ කඹ ඇදීමේ ඉසව්වයි.

තරග ඉසව් 275ක් සහ තරගකරුවන් 2500කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වන අතර මෙවර තරගාවලිය සඳහා ආයතන 52ක් සහභාගී වීමට නියමිතයි. තවද ඉන්දියාවෙන් තරගකරුවන් 27ගෙන් සමන්විත කණ්ඩායමක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වීම විශේෂිත කරුණකි.

සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ නුවර අදියර නිමා වෙයි

සර්. ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව පසුගිය දා නිමාවට පත්විය. දින තුනක් පුරාවට දිගන ක්‍රීඩා…

මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට කුසලානවලට අමතරව ලබා දෙන්නේ මොනවා දැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික පවසා සිටියේ,

“අපි හැමෝටම මුදල් දෙන්නේ නෑ, තාම අපිට එහෙම දෙන්න විදියක් නෑ, නමුත් අපි සැලසුම් කරල තියෙනවා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට විශේෂ ත්‍යාගයක් දෙන්න, ඒක ගුවන් ටිකට් පතක් වෙන්නත් පුළුවන්.”

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ඩේවිඩ් පීරිස් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරිවරයෙකු වන ප්‍රසන්න යෝග රත්න, වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික, CBL ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරිවරයෙකු වන රොමේෂ් ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මාධ්‍යවේදීන් පැමිණ සිටියහ.

තරගාවලියේ සියලු විස්තර සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<