සංගාට තවත් වරමක්

1679

ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර, මාර්ලෙබෙන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් තෝරා ගෙන ඇත. එම කණ්ඩායම ලබන 11 වැනි දා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දී තරග වැදීමට නියමිතව ඇත.

භානුක රාජපක්ෂව ලංකාවට කැඳවයි

25 හැවිරිදි ප්‍රවේගකාරී මැදපෙළ පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක්…

කුමාර් සංගක්කාරට අමතරව පාකිස්තානු ක්‍රීඩකයින් වන මිශ්බා උල්-හක් හා යූනිස් කාන් යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම කණ්ඩායම සඳහා තේරී ඇත. ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ලකුණු 28,922ක් වාර්තා කිරීමට සමත්ව ඇත. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශිවනාරයින් චන්ද්‍රපෝල් ද මෙම 11 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම සඳහා තේරී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන වමත් පිතිකරු කුමාර් සංගක්කාර මේ වන විට පැවැත්වෙන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත්ව ඇත.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට සමගාමීව පැවැත්වෙන මෙම තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර, එයට හේතුව වන්නේ මෙම කණ්ඩායමේ ක්‍රීඩා කරන බොහෝමයක්  ක්‍රීඩකයින් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී තිබීමයි.

මිශ්බා උල්-හක් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ ලකුණු 5,122ක් රැස්කරගෙන ඇති අතර, ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුල ලකුණු 5,222ක් ලබාගෙන ඇත්තේ 46.62ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ඔහුගේ සහෝදර ක්‍රීඩක යූනිස් කාන් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10,099ක් රැස් කරගෙන ඇත. එම දක්ෂතාවය සඳහා 52.20ක ලකුණු ලබා ගැනීමේ වේගය ඔහු වාර්තා කර ඇත. ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ වාර්තා කර ඇති ලකුණු ප්‍රමාණය 7,249ක්.

මෙම කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ හිටපු නවසීලන්ත පිතිකරුවෙකු මෙන්ම, හිටපු නායකයෙකු ද වන බ්‍රෙන්ඩන් මැකලම් විසිනි. ඇෆ්ගනිස්තාන කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ නිවස ලෙස සලකනු ලබන ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ පන්දුවාර 50 තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කරන ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙම තරගයයි.

ඉහත දැක්වූ ක්‍රීඩකයින්ට අමතරව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සමිට් පටෙල් හා එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් රීඩ් කඩුලු රකින්නා ලෙස සංචිතයට ඇතුළත් කර ඇත. එමෙන්ම අයර්ලන්ත ක්‍රීඩක ටිම් මුර්තාග් හා ජෝර්ජ් ඩොකරල් ද පන්දු යවන්නන්ගේ අංශය සවිබල ගැන්වීම සඳහා කණ්ඩායමට ඇතුළත් කර තිබේ. සරේ කණ්ඩායම් ක්‍රීඩක ස්ටුවර්ට් මේකර් හා ඩර්හැම් ප්‍රාන්ත ක්‍රීඩක ක්‍රිස් රශ්වර්ත් ද මෙම කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් අතර සිටියි.

පසුගිය වර්ෂයේ දී පැවැත්වූ මෙවන් වූ තරගයක දී මාර්ලෙබෙන් ක්‍රිකට් කණ්ඩායම විසින් නේපාල ක්‍රිකට් කණ්ඩායම ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ දී ම පරාජයට පත් කිරීමට සමත් විය.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ද අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමකි. ඊට දැක්විය හැකි හොඳම උදාහරණය වන්නේ 2016 වර්ෂයේ දී ඉන්දියාවේ දී අවසන් වූ 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සුපිරි 10 දෙනාගේ තරගයක් තුළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත් කිරීමට, නොයෙකුත් බාධක හමුවේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම  සමත් වීමයි.

  1. මාර්ලෙබෙන් ක්‍රිකට් සමාජ කණ්ඩායම,
  2. බ්‍රෙන්ඩන් මැකලම් (නායක) – නවසීලන්තය
  3. කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව
  4. යූනිස් කාන් – පකිස්තානය
  5. මිශ්බා උල්-හක් – පකිස්තානය
  6. ශිවනාරයින් චන්ද්‍රපෝල් – බටහිර ඉන්දීය කොදෙව්
  7. සමිට් පටෙල් – එංගලන්තය
  8. ක්‍රිස් රීඩ් (කඩුලු රකින්නා) – එංගලන්තය
  9. ජෝර්ජ් ඩොකරල් – අයර්ලන්තය
  10. ක්‍රිස් රශ්වර්ත් – එංගලන්තය
  11. ස්ටුවර්ට් මේකර් – එංගලන්තය
  12. ටිම් මුර්තාග් – අයර්ලන්තය

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට