ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ 12ක් සමඟ A කණ්ඩායම ඉන්දියාවට

478

මේ මස 25 වැනිදා සිට ජුනි මස 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා A කණ්ඩායම මේ මස 20 වැනිදා ඉන්දියාව  බලා පිටත්ව යනු ඇත. මේ තරගාවලිය සඳහා නිල නොවන සිව්දින තරග දෙකක් හා නිල නොවන එක්දින තරග 5ක් ඇතුළත්.

ලෝක කුසලානයේ විස්තර කථනයට ශ්‍රී ලංකාවෙන් සුපිරි වැඩ්ඩෙක්

එළඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විස්තර කථනයට එක්වන විස්තර විචාරකයින් 24 දෙනා ජාත්‍යන්තර ක්‍රිකට්…

2003 වසරට පසුව ශ්‍රී ලංකා A කණ්ඩායමක් ඉන්දීය A කණ්ඩායමක් සමඟ තරග වැදීම වෙනුවෙන් ඉන්දියාවට යන පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඉන්දීය A කණ්ඩායම අතර මේ දක්වා සිව්දින එක්දින ක්‍රිකට් තරග 6ක් පවත්වා තිබෙන අතර ඉන් සිව්දින තරගයක් හා එක්දින ක්‍රිකට් තරග 3ක් ශ්‍රී ලංකා A ක්‍රිකට් ජයග්‍රහණය කරන විට ටෙස්ට් තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

“ඉන්දීය A කණ්ඩායම පසුගිය දා නම් කරලා තියෙනවා. ඒ කණ්ඩායම අරන් බැලුවහම දේශීය ක්‍රිකට් පිටියේ ඉන්න දක්ෂ ක්‍රීඩකයින් රැසක්ම ඒ කණ්ඩායමට ඇතුළත් කරලා තියෙනවා. ඉන්දියාව එක්ක ඒගොල්ලන්ගේ රටේ ක්‍රීඩා කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමේ. නමුත් ඒ ගොල්ලන්ගේ කණ්ඩායමට ලොකු අභියෝගයක් දෙන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් තිබෙන ක්‍රීඩකයින් ඉන්න කණ්ඩායමක් අපිටත් ඉන්නවා. ඒක නිසා මේ තරගාවලිය හොඳ තරගාවලියක් වෙයි කියලා හිතනවා” යැයි මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ නායක අශාන් ප්‍රියන්ජන් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කර තිබුණු මෙම මාධ්‍ය හමුව අද (17) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී පැවති අතර ශ්‍රී ලංකා A සංචිතයට ඇතුලත්ව සිටි ක්‍රීඩකයින් වන ලසිත් ඇඹුල්දෙනිය හා දුෂ්මන්ත චමීර ආබාධවලට ලක්වී තිබෙන නිසා මේ තරගාවලියෙන් ඉවත් කර ඇති බව ද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය කෙරුණි.

ශ්‍රී ලංකා A සංචිතයේ වෙනසක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා නම් කළ ටෙස්ට් සංචිතයේ සිටි වමත් දඟපන්දු ‍යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනියට එම තරග…

“ඇඹුල්දෙනිය පුහුණුවීම්වල දීත් අපිත් එකක් හොඳින් ක්‍රීඩා කරා, නමුත් පන්දු රැකීමේ දී ඔහුට පන්දුව හරියට ග්‍රහණය හරියට බැහැ තාම. මොකද ඔහු දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු තරගාවලියේ දී අතෙහි පන්දුවක් වැදී ආබාධයකට ලක්වුන නිසා. එය තවමත් 100%ක් සුව වෙලා නැහැ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රෝයි ඩයස් මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරම් ද සිල්වා, ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රෝයි ඩයස්, ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම් නායක අශාන් ප්‍රියන්ජන් මේ මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටියහ.

Photos: Media Briefing on Sri Lanka ‘A’ Team tour to India

මාධ්‍ය හමුවේ විශේෂ අවස්ථා කිහිපයක් පහත වීඩියෝවේ දැක්වේ.

ශ්‍රී ලංකා A

සිව්දින තරග සංචිතය

අශාන් ප්‍රියන්ජන් (නායක), පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, සංගීත් කුරේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, මාලින්ද පුශ්පකුමාර, චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර.

එක්දින සංචිතය

අශාන් ප්‍රියන්ජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කමිඳු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ඉශාන් ජයරත්න, චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

ඉන්දීය A

සිව්දින තරග සංචිතය

ප්‍රියන්ක් පංචාල් (නායක), අභිමනියු එෂ්වරන්, අන්මොල්ප්රීට් සිං, රිකී බුයි, සිද්දේශ් ලඩ්, රින්කු සිං, ශිවම් ඩබ්, කේ. එස්. භරත් (කඩුලු රකින්නා), රාහුල් චහාර්, ජයන්ට් යාදෙව්, ආධිත්ය සාර්වට්, සන්දීප් වොරියර්, අන්කිට් රාජ්පුත්, ඉශාන් පෝරෙල්.

එක්දින සංචිතය

ඉෂාන් කිෂාන් (නායක, කඩුලු රකින්නා), අන්මොල්ප්රීට් සිං, රිතුරාජ් ගයික්වාඩ්, දීපක් හූඩා, රිකි බුයි, සුහබ්මන් ගිල්, ශිවම් ඩබ්, ශ්රේයාස් ගෝපාල්, වොෂිංටන් සුන්දර්, මයාන්ක් මාර්කන්ඩේ, ටුෂර් ඩෂ්පාන්ඩේ, සන්දීප් වොරියර්, ඉශාන් පෝරෙල්., ප්රශාන්ට් චොප්රා

තරග කාලසටහන

  • මැයි 25-28 – පළමු නිල නොවන සිව්දින තරගය බෙල්ගාම් හිදී
  • මැයි 31- ජුනි 03 – දෙවන නිල නොවන සිව්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 06 – පළමු නිල නොවන එක්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 08 – දෙවන නිල නොවන එක්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 10 – තුන්වැනි නිල නොවන එක්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 13 – සිව්වැනි නිල නොවන එක්දින තරගය හබ්ලි
  • ජුනි 15 – පස්වැනි නිල නොවන එක්දින තරගය හබ්ලි

තරගාවලියේ සියලුම තරග තොරතුරු, ලකුණු සටහන් හා එසැණ පුවත් ඔබ වෙතට රැගෙන ඒමට ThePapapre.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<