හිටපු නවසීලන්ත නායකයා ඔහුගේ අනාගත සැලසුම් හෙළිකරයි

606

2015 වර්ෂයේ අවසන් වරට පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගය දක්වා ඉතා දක්ෂ අයුරින් මෙහෙයවමින් එරට ක්‍රිකට් ක්‍රීඩා වංශ කතා පොතේ සදා නොමැකෙන මතක සටහන් රාශියක් තබා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ප්‍රවේගකාරි ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන බිග් බෑෂ් විස්සයි විස්ස ලීගයෙන් අනතුරුව ක්‍රීඩකයෙකු භූමිකාවට සමු දී පුහුණුකරුවෙකු වශයෙන් සිය සේවය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරියටත් ලබා දීමේ අපේක්ෂාවෙන් පසුවන බව ප්‍රකාශ කර තිබුණි.

අම්බති රයිදු ඔසවා තැබූ ඉනිම යුස්වෙන්ද්‍ර චාහල් ආරක්ෂා කර ගනී

සත්කාරක නවසීලන්තය සහ සංචාරක ඉන්දියාව අතර අද (03) වෙලිංටන් වෙස්ට්පැක් ක්‍රීඩාංගණයේ දී නිමා වූ 5 වැනි සහ අවසාන එක්දින…

2016 වසරේ දී අවසන් වරට නවසීලන්ත ජර්සිය පැලඳී මැකලම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ නමුත් ගෙවුන වසර දෙකක කාලය පුරාවට ලොව පුරා විවිධ විස්සයි විස්ස ලීගයන්හී ක්‍රීඩා කරමින් සිය ක්‍රීඩා කෞශල්‍යයන් මැනවින් විදහා පෑමට සමත් විය.

ඒ අනුව මෙවර බිග් බෑෂ් තරගාවලියේ බ්‍රිස්බෙන් හීට් කණ්ඩායම නියෝජනය සිය සුපුරුදු ප්‍රවේගකාරී පිතිහරඹය දියත් කරමින් දස්කම් පෑමට සමත් වූ මෙම අපූර්ව ආරම්භක පිතිකරුවා ඊයේ (3) දිනයේ දී ඇඩිලේඩ් ස්ට්‍රයිකස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් අනතුරුව ඔහු ගත් එම තීරණය පිළිබඳ පෞද්ගලික ට්විටර් ගිණුම මෙන්ම ඔහු නියෝජනය කරන බ්‍රිස්බෙන් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුම ඔස්සේ පළ කොට තිබුණි.

එළඹෙන සිකුරාදා දිනයේ දී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගය ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයෙහි රැඳී සිටින බ්‍රිස්බෙන් කණ්ඩායම අනිවාර්යයෙන් ජයගතව යුතුව ඇති අතර එසේ ජය ගැනීමට ඔවුන් අපොහොසත් වුවහොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ වරම ඔවුන්ගෙන් ඈත් වී යාමට වැඩි ඉඩකඩක් ඇත. එසේ වුවහොත් නියත වශයෙන්ම එය බිග් බෑෂ් ලීගයෙහි මැකලම් ක්‍රීඩා කරන අවසන් තරගය වනු ඇති බව විචාරක මතයයි.

කෙසේ වුවත් පුහුණුකරුවෙකු ලෙසින් සිය ක්‍රිකට් දිවියේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට මත්තෙන් තවත් ලොව පුරා පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලීන් කිහිපයක් සඳහාම සහභාගී වීමට මැකලම් බලාපොරොත්තු සිටින ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටියේය.

“ක්‍රීඩකයෙකු වශයෙන් මගේ තියෙන හැකියාවන්, අත්දැකීම් සහ නායකත්ව ගුණාංග හොඳින් අවබෝධ කරගෙන නිසි අයුරින් පුහුණුකරු ජීවිතයට ගලපා ගන්න එක තමයි මගේ ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය. මම ගොඩක් වාසනාවන්තයි ලෝකේ පුරා සංචාරය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළිලා විශාල අත්දැකිම් ගොන්නක් ලබා ගන්න. විශේෂයෙන්ම විස්සයි විස්ස ආකෘතියේ.” 

නේපාලය අවසන් තරගය සේ ම තරගාවලිය ද ජය ගනී

වර්ෂාව හේතුවෙන් පැය දෙකක පමණ ප්‍රමාදයකින් ආරම්භ වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය අතර විස්සයි විස්ස තෙවැනි තරගය ලකුණු 14කින්…

වසර ගණනාවක් මුළුල්ලේම සිය සේවය බ්‍රිස්බෙන් හීට් කණ්ඩායම වෙත ලබා දෙමින් කණ්ඩායමේ ජයග්‍රහණයන් සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ මැකලම් 2016 වසරේ සිට මේ දක්වා තරග 34ක් ක්‍රීඩා කරමින් අර්ධ ශතක නවයක් ද ඇතුළුව ලකුණු 920ක් රැස්කර ගැනීමට සමත් වී තිබීම කැපී පෙනේ.

බ්‍රිස්බෙන් කණ්ඩායම හා සබැඳී සුන්දර මතකයන් අවදි කළ මැකලම් පවසා සිටියේ ඔහු කණ්ඩායම වෙත ඉමහත් ඇල්මක් දක්වනවා සේම ප්‍රේක්ෂකයන්ගෙන් ඔහු වෙත නිරන්තරයෙන්ම ලැබුණු සහය සහ ප්‍රතිචාර ඉතාමත් ප්‍රශංසනීය බවය.

“කණ්ඩායමේ සියලුම සාමාජිකයන් සමඟ එකට එක් වෙලා ක්‍රීඩා කරපු ඒ කාලය ඉතාමත් රසවත් එකක් වුනා. ඒ වගේම ඔවුන්ට නායකත්වය ලබා දීමට අවස්ථාවක් උදාවීමත් මට මහත් සතුටක් වගේම ගෞරවයක්. සෑම තරගාවලියකට කලින්ම බ්‍රිස්බෙන්වලට ඇවිත් ගත කරපු ඒ කාලය හැමදාමත් මගේ මතකයේ රැඳිලා තියෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<