අවිශ්ක, හෂාන් සහ චතුරංග එස්. එස්. සී. පිටිය වර්ණවත් කරයි

144

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (03) පැවති තරගවල දී අවිශ්ක ප්‍රනාන්දු සහ හෂාන් දුමිඳු පිතිකරුවන් ලෙස දක්ෂතා දක්වද්දී චතුරංග ද සිල්වා තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් විය.

වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්වය තරමක් පහව ගොස් තිබෙන නිසාවෙන් හෙට (3) සිට වෙළඳසේවා…………..

ඩිමෝ සහ සම්පත් බැංකුව

කොළඹ 7, එස්. එස්. සී. පිටියේ දී පෙරවරුවේ පැවති මෙම තරගය පන්දුවාර 14ක තරගයක් ලෙසින් පැවති අතර තරගයෙන් ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩිමෝ ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් සම්පත් බැංකු ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩිමෝ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 108ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සම්පත් බැංකු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 104ක් පමණි. 

ඩිමෝ ඉනිම වෙනුවෙන් නොදැවී අර්ධ ශතකයක් ලබා ගත් දකුණත් පිතිකරු හෂාන් දුමිඳු මෙම තරගයේ දී කැපී පෙණුන ක්‍රීඩකයා බවට පත් විය. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේය. 

ප්‍රතිවාදී ඉනිමේ කැපී පෙනුන ක්‍රීඩකයා වූයේ ජීවන් මෙන්ඩිස් ය. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේය. 

ඩිමෝ කණ්ඩායම; කඩුලු 8ක් දැවී 108 (14) හෂාන් දුමිඳු නොදැවී 50, දසුන් ශානක 2/21, හසන්ත ප්‍රනාන්දු 3/17, නුවනිඳු ප්‍රනාන්දු 2/05

සම්පත් බැංකු කණ්ඩායම; කඩුලු 9ක් දැවී 104 (14) ජීවන් මෙන්ඩිස් 34, නිසල තාරක 3/20, රමේෂ් මෙන්ඩිස් 2/31 

SAG2019 – සම්මු සහ උමේෂාගෙන් අර්ධ ශතක

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්වන් සඳහා අද (03) සහභාගී වූ ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්………….

MAS හෝල්ඩිංග්ස් – යුනිචෙලා සහ හේලීස්

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පස්වරුවේ පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හේලීස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් යුනිචෙලා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගනිමින් පළමුවෙන් පිටියට පිවිසි අතර ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබා ගත්හ. 

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි හේලීස් ක්‍රීඩකයෝ ඔවුන්ගේ පන්දු වාරවලින් තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 168ක් ලබා ගත්හ. 

යුනිචෙලා ඉනිම වෙනුවෙන් වනිඳු හසරංග සහ ලහිරු මධුශංක කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කිරීම කැපී පෙණුනි. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගූහ. වනිඳු හසරංග පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත් අතර ලහිරු මධුශංක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 30කි. ඔහුගේ ඉනිම පන්දු 18කින් සමන්විත වූ අතර ඊට හතරේ පහරක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. 

කඩුලු ලබා ගැනීමේ වමතින් දඟපන්දු යවන චතුරංග ද සිල්වා ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් විය. ඉන් අනතුරුව ඔහු පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් පන්දු 15කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තේය. 

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි හේලීස් ඉනිම වෙනුවෙන් වගකීම් සහිත ඉනිමක් ක්‍රීඩා කිරීමට දකුණත් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් වීම කැපී පෙණුනි. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 92ක් ලබා ගත්තේය. 

MAS හෝල්ඩිංග්ස් – යුනිචෙලා; කඩුලු 8ක් දැවී 164 (20) හසිත බෝයගොඩ 28, වනිඳු හසරංග 39, ලහිරු මධුශංක 30, චතුරංග ද සිල්වා 4/21, ලහිරු සමරකෝන් 2/29

හේලීස්; කඩුලු 5ක් දැවී 168 (19.1) අවිශ්ක ප්‍රනාන්දු 92, රොන් චන්ද්‍රගුප්ත 26, චතුරංග ද සිල්වා නොදැවී 24, ධම්මික ප්‍රසාද් 2/29

පාකිස්තාන සංචාරයේ දී ශ්‍රී ලංකාවට නව අභ්‍යාසකවරයෙක්

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ………….

LB ෆිනෑන්ස් සහ ජෝන් කීල්ස්

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය කාසියේ වාසිය උරගා බැලීමටත් ප්‍රථම නතර කර දැමුණි. ඒ පිටියේ පැවති අයහපත් වාතාවරණය තත්ත්වයෙනි. 

තරගාවලියේ දෙවැනි දිනය හෙට (04) ක්‍රියාත්මක වෙන්නේ තවත් තරග 3කිනි. ඒ අනුව හෙට උදෑසන කොළඹ එස්. එස්. සී. පිටියේ දී MAS හෝල්ඩිංග්ස් – යුනිචෙලා සහ ජෝන් කීල්ස් අතර තරගයක්, වෙළඳසේවා පිටියේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සම්පත් බැංකු කණ්ඩායමත් අතර තරග පැවැත්වේ. පස්වරුවේ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන්නේ LB ෆිනෑන්ස් සහ හේලීස් කණ්ඩායම් අතර තරගයයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<