ඩිමෝ කණ්ඩායමට කඩුලු 4ක තියුනු ජයක්

382
MAS Unichela, Dimo, Sampath Bank, Commercial Credit through to semis

වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ 20-20 තරඟයන් හි මූලික වටයේ තරඟ කිහිපයක්ම අද (26) ආරම්භ විය. මෙම තරඟ වලින් සම්පත් බැංකු කණ්ඩායම, කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම, ඩිමෝ කණ්ඩායම හා MAS යුනිචෙලා යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: වර්ෂාවට කොදෙව්වන් අභියෝග කරයි

HNB බැංකු කණ්ඩායම හා සම්පත් බැංකු කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය වෙළෙඳ සේවා පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය ජයග්‍රහණය කල සම්පත් බැංකු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කල අතර ඔවුන් මෙම තරඟයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

නියමිත පන්දුවාර ගණන අවසානයේ HNB කණ්ඩායම සාර්ථක ලකුණකට ගෙන යාමට මින්හාජ් ජලීල්, මාධව වර්ණපුර ඇතුළු HNB පිතිකරුවෝ සමත් වූහ. ඔවුන් දෙදෙනා පිලිවෙලින් ලකුණු 68ක් හා ලකුණු 34ක් සම්පත් බැංකු පන්දු යවන්නන්ට එදිරිව ලබා ගන්නා ලදි.

HNB කණ්ඩායම – 168/8 (20): මින්හාජ් ජලීල් 68, මාධව වර්ණපුර 34, හසන්ත ප්‍රනාන්දු 3/25, නිමේෂ් භාග්‍ය 2/29

අනතුරුව පිටියට පිවිසි සම්පත් බැංකු කණ්ඩායමේ පිතිකරුවන් උණුසුම් තරඟයක් පැමිණි සිටි ප්‍රේක්ෂකයන්ට නැරඹීමට සැලස්වූ අතර දිනුක් වික්‍රමනායක නොදැවී සුපිරි පිතිකරණයක නිරත වෙමින් ලකුණු 56*ක් ලබා ගන්නා ලදි. ඔහුට මනා සහයක් ලබා දුන් ප්‍රමෝෂ් පෙරේරා ලකුණු 38ක් සම්පත් බැංකු කණ්ඩායමේ ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

සම්පත් බැංකු කණ්ඩායම – 170/5 (19.2): දිනුක් වික්‍රමනායක 56*, ප්‍රමෝෂ් පෙරේරා 38, ජීවන් මෙන්ඩිස් 26, හසන්ත ප්‍රනාන්දු 22, විමුක්ති පෙරේරා 2/23

මෙම තරඟයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සම්පත් බැංකු කණ්ඩායම සමත් විය.


MAS ඇක්ටිව් කණ්ඩායම හා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය එන්. සී. සී. පිටියේදී පැවැත්වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදී.

කාසියේ වාසිය නොමැතිව පළමු පිටියට පැමිණි MAS ඇක්ටිව් කණ්ඩායම වෙනුවන් උදාර ජයසුන්දර ලකුණු 40ක් ද, සචිත් පතිරණ හා ටී. එම්. සම්පත් ලකුණු 33 බැඟින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වාර්තා කරන ලදි.

MAS ඇක්ටිව් – 144/09 (20): උදාර ජයසුන්දර 40, සචිත් පතිරණ 33, ටී. එම්. සම්පත් 33, ලහිරු මදුසංක 3/35, මලින්ද පුෂ්පකුමාර 2/12, අශාන් ප්‍රියන්ජන 2/27

එම ලකුණු 144ට සුපිරි හා දැවැන්ත අභියෝගයක් ලබා දුන් අශාන් ප්‍රියන්ජන ඇතුළු කොමර්ෂල් ක්‍රෙඩිට් පිතිකරුවන් කඩුලු දෙකක් පමණක් දැවී, තරඟය කඩුලු 8කින් ජයග්‍රහණය කරන ලදි. මෙහිදී අශාන් ප්‍රියන්ජන ලකුණු 54කින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායකත්වය ලබා දෙන ලදි.

කොමර්ෂල් ක්‍රෙඩිට් – 146/02 (18.2): අශාන් ප්‍රියන්ජන 54, ඩිල්හාන් කුරේ 47*, චතුරංග ද සිල්වා 2/25

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණයක් හිමිවිය.


ජෝන් කීල්ස් හා ඩිමෝ කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය ද එන්. සී. සී. පිටියේදී පැවැත්වූ අතර ඩිමෝ කණ්ඩායම කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි. ඩිමෝ කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදී.

ඩිමෝ කණ්ඩායමේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි ජෝන් කීල්ස් කණ්ඩායමට, තම පන්දුවාර 20 තුල සැලකිය යුතු මට්ටමකට ලකුණු පුවරුව ඔසවා තැබීමට නොහැකි විය. නමුත් ශානුක දුලාජ් ලකුණු 52ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්නා ලදි. ඩිමෝ කණ්ඩායම වෙනුවෙන් නිසල් තාරුක හා පුලින තරංග කඩුලු 3 බැගින් දවාගනිමින් දක්ෂතා දක්වන ලදි.

ජෝන් කීල්ස් කණ්ඩායම – 117/10 (20): ශානුක දුලාජ් 52, නිසල් තාරුක 3/25,  පුලින තරංග 3/20, හශේන් රාමනායක 2/25

ලකුණු 119ක අභියෝගයක් හඹා යාමට පිටියට පිවිසි ප්‍රබල ඩිමෝ කණ්ඩායම පන්දුවාර 19ක් ඇතුළත තම ජයග්‍රහණය සලකුණු කර ගත් අතර නිපුන් කරුණානායක එම ජයග්‍රහණයට ප්‍රබල හිමිකාරීත්වයක් ලබා ගනිමින් ලකුණු 44ක් රැස් කර ගන්නා ලදි.

ඩිමෝ කණ්ඩායම – 119/6 (18.3): නිපුන් කරුණානායක 44, රමේශ් මෙන්ඩිස් 39, භානුක රාජපක්ෂ 2/9

මෙම තරඟයෙන් ඩිමෝ කණ්ඩායම කඩුලු 4ක තියුණු ජයක් ලබා ගන්නා ලදි.


MAS යුනිචෙලා කණ්ඩායම හා ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම අතර තරඟය

වෙළද සේවා පිටියේදී පැවැත්වූ මෙම තරඟය නිතරඟයෙන් ජයග්‍රහණය කිරීමට MAS කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලියේ අවසන් පූර්ව තරඟ ලබන 28 වනදා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම හා ඩිමෝ කණ්ඩායම අතර සන්ධ්‍යා කාලයේදී ද, සම්පත් බැංකු කණ්ඩායම හා MAS යුනිචෙලා කණ්ඩායම අතර තරඟය උදෑසන ද පැවැත්වීමට නියමිතව ඇත.

අවසන් පූර්ව තරඟ වලින් ජයග්‍රහණය කරන කණ්ඩායම් තෝරා, ලබන 30 වැනිදා උදෑසන වෙළෙඳ සේවා පිටියේදී මෙම තරගාවලියේ අවසන් මහා තරඟය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට