තුන් ඉරියව් දක්ෂතා නිසා ශූරතාවය MAS සිලුඒටා කණ්ඩායමට!

311

ෆෙයාර් ඇන්ඩ් ලව්ලි අනුග්‍රහයෙන් පැවති අභිනව වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට අද (21) MAS සිලුඒටා කණ්ඩායම සමත් විය. ඒ ප්‍රතිවාදී පවර් ටෙක් සිමෙන්ති සමාගම කඩුලු 5කින් පරාජය කරමිනි.

කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති අවසන් මහා තරගය මීට දින කිහිපයකට පෙර පැවැත්වීමට සූදානම් කර තිබුණ ද, පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරගය කිහිප විටක් කල් දමන්නට සංවිධායකයින්ට සිදු විය. කෙසේ වෙතත් අද දිනයේ තරගය පැවැත්වුණේ වර්ෂාවේ කිසිදු බාධාවකින් තොරවයි.

වර්ෂාවේ කෙණෙහිලිකම් මැද කණ්ඩායම් 4ක් අර්ධ අවසන් පූර්ව වටයට

25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් තෝරා ගැනීම සඳහා පැවැත්වුණු පිළිමළුන් පිටු දැකීමේ තරග 4ක් ඊයේ දිනයේ දී (19) ක්‍රියාත්මක විය…

අවසන් මහා තරගයක ඉතාමත් තීරණාත්මක සාධකය වන කාසියේ වාසිය ද අද ජය ගත්තේ MAS සිලුඒටා නායක බුද්ධික සංජීවයි. ඒ අනුව ඔවුන් වඩාත් ආරක්ෂිත ක්‍රියාමාර්ගය ලෙසින් මුලින් පන්දු යැවීමට තීරණය කළහ. ඒ පසුව පන්දුවට පහර දීමේ දී ඊටම ආවේණික සැලැස්මකින් යුතුව ක්‍රීඩා කිරීමට ඉඩ ලැබෙන බැවිනි. ඒ අනුව අවසන් මහා තරගයේ ප්‍රථමයෙන්ම පිත්ත අතට ගත් පවර් ටෙක් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 247ක් ලකුණු පුවරුවේ සටහන් කළහ.

එහි දී පවර් ටෙක් පිළ වෙනුවෙන් අර්ධ ශතක දෙකක් රැස් කරමින් වැඩි දක්ෂතා දැක්වීමට ලහිරු ජයකොඩි සහ දිනෙත් තිමෝද්‍ය සමත් වූහ. වමතින් පිත්ත හසුරුවන දිනෙත් තිමෝද්‍ය අද ලකුණු 53ක් රැස්කර ගත්තේ පන්දු 90කට මුහුණ දෙමිනි. ඒ හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟිනි. දකුණත් පිතිකරු ලහිරු ජයකොඩි අද පන්දු 90කට මුහුණ දී ලකුණු 56ක් පවර් ටෙක් කණ්ඩායමට එක් කළේය.

නාලන්ද විද්‍යාලයේ හිටපු නායක දසුන් සෙනවිරත්න ලකුණු 42යි. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට වැය වුනේ පන්දු 28ක් පමණි. පන්දු යැවීමේ දී නිමන්ද මධුශංක, බුද්ධික සංජීව සහ දුශාන් හේමන්ත කඩුලු ද්විත්වය බැගින් දවා ගනිමින් පිතිකරුවන්ගේ පාරාදීසයක් දෙසින් දිස්වූ තණතිල්ලේ තම පිතිකරුවන්ට හඹා යා හැකි ඉලක්කයකට පවර් ටෙක් පිළ සීමා කර ගැනීමට උත්සුක වූහ.

සිංහ පෝතකයන් කොදෙව් බිමේ අණසක පතුරවයි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන නිල නොවන (සිව් දින) ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට තරගයේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම පාහේ තමන්…

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන නිල නොවන (සිව් දින) ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට තරගයේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම පාහේ තමන්…

ඒ අනුව ලකුණු 248ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය MAS සිලුඒටා ක්‍රීඩකයින්ගෙන් දැකගන්නට ලැබුණේ ඉතාමත් සැලසුම් සහගත පිතිකරණයකි. තමන්ට ශූරතාවය හිමිකර ගැනීමට ඉතාමත් හොඳ අවස්ථාවක් උදාවී ඇති බව වටහාගත් MAS පිතිකරුවන් මුල් පන්දුවාර කිහිපයේ තණතිල්ල අධ්‍යයනය කරමින් ක්‍රීඩා කොට පසුව ඉතාමත් වැරෙන් පන්දුවට පහර දුන්නේ ප්‍රතිවාදී පවර් ටෙක් කණ්ඩායමට තරගයට අවතීර්ණ වීමට කිසිදු අවස්ථාවක් සලසා නොදෙමිනි.

එහි දී ශෙහාන් ප්‍රනාන්දු අගනා වටිනා ලකුණු 65කින් තම කණ්ඩායම පෝෂණය කළ අතර ඉශාන් නිලක්ෂ ලකුණු 47ක් රැස්කර ගන්නට සමත් විය. ඔවුන් දෙදෙනා අතරේ අද පළමු කඩුල්ල වෙනුවෙන්ම ගොඩ නැගුණේ ලකුණු 95ක සුපිරි සබඳතාවයකි. ශෙහාන් අද ක්‍රීඩා කළ සුපිරි ඉනිමට හතරේ පහර 5ක් සහ සහ හයේ පහර 5ක් ඇතුළත් විය.

ඉශාන්ට අද පෞද්ගලික අවසන් තරගයේ දී අර්ධ ශතකයක් රැස්කර ගැනීමේ අවස්ථාව අහිමිව ගිය ද, කණ්ඩායම වෙනුවෙන් ඔහු තම යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකර තිබුණි. ඔහු ලකුණු 47 රැස්කර ගත්තේ පන්දු 72කට මුහුණ දෙමිනි. පන්දුවෙන් ද දස්කම් දැක්වූ නිමන්ද මධුශංක පිත්තෙන් ලකුණු 40ක් ද රැස්කර ගත්තේය. මුල්පෙළ පිතිකරුවන්ගෙන් ලැබුණු මෙම සහයෝගය විශිෂ්ට ජයග්‍රහණයක් බවට පරිවර්තනය කළ සංගීත් කුරේ සහ ඇන්ජෙලෝ එමනුවෙල් පිළිවෙළින් නොදැවී ලකුණු 29 සහ 24 බැගින් රැස් කළහ.

Everything’s going right for Pakistan – Cricketry: 4th ODI

Renowned commentator Roshan Abeysinghe analyzing the 4th ODI between Sri Lanka and Pakistan in Sharjah.

ඒ අනුව පන්දුවාර 10කට ආසන්න ප්‍රමාණයක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී විශිෂ්ට ජයග්‍රහණයක් සොයා යන්නට අද ඔවුන්ට හැකි විය. එබැවින් අභිනව වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ ශූරතාවය දිනා ගත්තේ MAS සිලුඒටා කණ්ඩායමයි. පන්දු යැවීමේ දී තිලාන් නිමේෂ් සහ මාලිංග ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්ත ද එය ප්‍රතිවාදීන්ගෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට ප්‍රමාණවත් නොවීය.

පවර් ටෙක් සිමෙන්ති – කඩුලු 9ක් දැවී ලකුණු 247 (පන්දුවාර 50): ලහිරු ජයකොඩි 56, දිනෙත් තිමෝද්‍ය 53, දසුන් සෙනවිරත්න 42, නිමන්ද මධුශංක 2/32, බුද්ධික සංජීව 2/41, දුශාන් හේමන්ත 2/49.

MAS සිලුඒටා – කඩුලු 5ක් දැවී ලකුණු 249 (පන්දුවාර 40.3): ශෙහාන් ප්‍රනාන්දු 65, ඉශාන් නිලක්ෂ 47, නිමන්ද මධුශංක 40, සංගීත් කුරේ 29*, ඇන්ජෙලෝ එමනුවල් 24*, තිලාන් නිමේෂ් 2/25, මාලිංග ද සිල්වා 2/41.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<