කෞශල්‍යය ගජසිංහ සහ දිනෙත් තිමෝද්‍ය කණ්ඩායම් ගොඩදායි

454

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන තරග දෙකක් අද (17) පැවැත්විය. එහි දී MAS සිලුඒටා හා DHT සිමෙන්ති කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

නවකයින්ගේ දිනයකදී වනිඳු, මිලන්ත සහ මිනෝද් තරග දිනවා දෙයි

දේශීය ක්‍රිකට් පිටියේ සැඟවුණු තරු සොයා යාමට දිරිදෙන 25 වැනි සිංගර් වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 5ක්..

MAS සිලුඒටා හා කොමර්ෂල් ක්‍රෙඩිට්

මග්ගොන සරේ ගම්මාන පිටියේ දී අද (17) උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ MAS කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරා ගන්නා ලදි. මෙම තරගයෙන් MAS කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6කින් ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 28කට සීමා කළ ද, තරගය අතරතුර නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය පන්දුවාර 21ක් දක්වා අඩු කරන ලදි.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 106කි. එහි දී අකීල් ඉන්හාම් ලකුණු 30ක් රැස්කර ගත්තේ, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. සනිත ද මෙල් හා අනුර ඩයස් ලකුණු 25 බැගින් රැස්කර ගත්හ.

පන්දු යැවීමේ දී නිමන්ද මදුසංක හා කෞශල්‍යය ගජසිංහ කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 107ක ඉලක්කයක් හඹා යාමේ වගකීම නොපැකිලව භාරගත් MAS කණ්ඩායමේ කෞශල්‍යය ඇතුළු පිතිකරුවන් තම වගකීම නිසියාකාරව ඉටු කරන ලදි. එහි දී කෞශල්‍යය අලංකාරවත් පහර කිහිපයක් ද සමඟින් ලකුණු 30*ක් ලබා ගන්නා ලදි. නිමන්ද මදුසංක කඩුලු 2යි.

කොමර්ෂල් ක්‍රෙඩිට් – 106/9 (21): අකීල් ඉන්හාම් 30, සනිත ද මෙල් 25, අනුර ඩයස් 25, නිමන්ද මදුසංක 2/10, කෞශල්‍යය ගජසිංහ 2/05.

MAS සිලුඒටා – 107/4 (15.1): කෞශල්‍යය ගජසිංහ 30*, දෙනුවන් රාජකරුණා 21*, දනෝෂ් ද සිල්වා 2/17.

DHT සිමෙන්ති ආයතනය හා යුනිලීවර් ශ්‍රී ලංකා

DHT ආයතනයට කඩුලු 3ක ජයග්‍රහණයක් හිමි වූ මෙම තරගය කොළඹ BRC පිටියේ දී පැවැත්විය. යුනිලීවර් කණ්ඩායම කාසියේ වාසිය දිනූ පසුව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

යුනිලීවර් කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 98ක් රැස්කර ගන්නා ලදි. කවිඳු බණ්ඩාර හා තිලාන් නිමේෂ පිළිවෙළින් කඩුලු 2ක බැඟින් දවා ගන්නා ලදි.

ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට අවතීර්ණ වූ DHT ආයතනය වෙනුවෙන්  යොවුන් පිතිකරු දිනෙත් තිමෝද්‍ය ලකුණු 40ක් ලබා ගත්තේය. යොමේශ් රණසිංහ කඩුලු 3ක් දවා ගනිමින් සිය දස්කම් අතරට පැමිණියේය.

යුනිලීවර් ශ්‍රී ලංකා – 98/10 (24): ඩිලාන් සුරවීර 26, කවිඳු බණ්ඩාර 3/16, තිලාන් නිමේෂ 2/25.

DHT සිමෙන්ති ආයතනය – 101/7 (19.3): දිනෙත් තිමෝද්‍ය 40, යොමේශ් රණසිංහ 3/20.

ඉදිරි සතියේ තරග කාලසටහන (සැප්තැම්බර් 20)

ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
BRC පිටියේ කොමර්ෂල් ක්‍රෙඩිට් “B” vs සිංගර් ශ්‍රී ලංකා “A”
පනාගොඩ යුද හමුදා පිටිය ජෝන් කීල්ස්“B” vs MAS සිලුඒටා “A”
මග්ගොන සරේ පිටිය මොබිටෙල්  “A” vs DHT සිමෙන්ති ආයතනය

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට