ලක්ෂාන් සහ සදීර ජය මාවත විවර කරයි

71

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන පළමු කොටසේ සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් පිළිමළුන් පිටුදැකීමේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට LB ෆිනෑන්ස් කණ්ඩායම අද (20) සමත් විය.

දිමුත් සහ රොස්කෝ පිතිකරණයෙන් ලකුණු අතරට

27 වැනි වරටත් පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ….

කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් සමාජ පිටියේ දී LB ෆිනෑන්ස් සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අතර පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ LB ෆිනෑන්ස් ක්‍රීඩකයෝ මෙම අවස්ථාව දිනා ගත්හ. ඔවුන් මේ ජයග්‍රහණය වාර්තා කළේ තවත් පන්දු 79ක් ඉතිරිව තිබිය දී ය. 

පිටියේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් තරගය පන්දුවාර 32කට සීමා විය. කාසියේ වාසිය දිනා ගත් LB ෆිනෑන්ස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 138ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් LB ෆිනෑන්ස් ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 141ක් ලබා ගත්හ. 

>>Photos: LB Finance vs John Keells Holdings | Semi Finals 1 | 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage<<

ජෝන් කීල්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ රොස්කෝ තටිල් ය. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේය. ඊට අමතරව දිමුත් කරුණාරත්න ලකුණු 30ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම පන්දු 49කින් සමන්විත වූ අතර හතරේ පහර 2ක් ඊට ඇතුළත් විය. 

ජෝන් කීල්ස් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 26කට දැවී ගොස් තිබිය දී ඉනිම මේ තරමින් හෝ ගොඩ ගත්තේ රොස්කෝ සහ දිමුත් ය. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ලට ලකුණු 38ක සබඳතාවක් එක් කළහ. 

කඩුලු ලබා ගැනීමේ දී සහන් ආරච්චිගේ සහ රනිත ලියනාරච්චි කඩුලු 2 බැගින් දවා ගත්හ. 

කවිඳු සහ සනෝජ් මේරියන්ස් ගොඩදායි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging ක්‍රිකට්….

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි LB ෆිනෑන්ස් ක්‍රීඩකයෝ ඉතා පහසුවෙන් ප්‍රතිවාදී ඉලක්කය පසු කිරීමට සමත් වූහ. ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවම ලකුණු 112කි. එහි දී සදීර සමරවික්‍රම පළමු කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙද්දී පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියේය. 

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී ආරම්භක පිතිකරු ලක්ෂාන් රොද්‍රිගෝ පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 59ක් ද, කුසල් මෙන්ඩිස් පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද ලබා සිටියහ.

LB ෆිනෑන්ස් ඉනිමේ දැවී ගිය එකම කඩුල්ලේ හිමිකාරීත්වය චාමිකර එදිරිසිංහ සතු විය. 

ජෝන් කීල්ස්; සියලුම දෙනා දැවී 138 (31.5):දිමුත් කරුණාරත්න 30, රොස්කෝ තට්ටිල් 34, මනෙල්ක ද සිල්වා 18, සහන් ආරච්චිගේ 2/30, රනිත ලියනාරච්චි 2/28

LB ෆිනෑන්ස්: කඩුල්ලක් දැවී 141 (20.5):ලක්ෂාන් රොද්‍රිගෝ නොදැවී 59, සදීර සමරවික්‍රම 47, කුසල් මෙන්ඩිස් නොදැවී 25

මේ අතර අද (20) එන්. සී. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි අවසන් පූර්ව තරගය පිටියේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් හෙට (21) දක්වා කල් දැමුණි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<