වෙළඳසේවා ක්‍රිකට් B ශූරතාව සමව බෙදෙයි

88

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ (එක්දින තරගාවලියේ) අවසන් මහා තරගය අද (9) HNB සහ MAS සිලුඒටා කණ්ඩායම අතර පැවති නමුත් තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වීම නිසා කණ්ඩායම් දෙකටම සම ශූරතාවය හිමිකර දෙමින් තරගාවලිය නිමාවට පත්විය.

ප්‍රීමා ශූරයින්ගේ ශුරතාවය බස්නාහිර පළාත් උතුරට

‘ප්‍රීමා ශූරයින්ගේ කුසලාන’ වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට්…..

කොළඹ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ පැවති මේ තරගය උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් තණතිල්ල සහිත ප්‍රදේශය තෙත ස්වභාවයක් ඉසිලීම නිසා තරගයේ ආරම්භය පැය 4කින් පමණ ප්‍රමාද විය. 

කෙසේ නමුත් දහවල් කාලයේ දී තරගය ආරම්භ කිරීමට හැකි වාතාවරණයක් උදා වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා කරමින් තරගය ආරම්භ කිරීම සඳහා අවස්ථාව උදා වූ නිසා දිනා ගත් HNB කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

MAS සිලුඒටා කණ්ඩායම වෙනුවෙන් ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 101* වාර්තා කර ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත වූ අතර එම ඉනිමේ පන්දුවාර 16ක් අවසන්ව තිබිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. 

ඉන්පසුව නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකි වූ නිසා කණ්ඩායම් දෙකටම සම ශූරතාව හිමිකර දෙමින් තරගාවලිය නිමා කිරීමට තරග සංවිධායකයෝ කටයුතු කළහ. 

Photos – HNB vs MAS Silueta – MCA Cricket 2020 – Tier B | One Day Final

සංගීත් කුරේ ලකුණු 33යි. තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වන විට MAS සිලුඒටා  කණ්ඩායම පන්දුවාර 16ක් තුල කඩුලු 3ක් දැවී ලකුණු 156ක් වාර්තා කර ගත්තේය.

MAS සිලුඒටා – 154/3 (16): ශෙහාන් ප්‍රනාන්දු 101*, සංගීත් කුරේ 33.

තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් – කණ්ඩායම් දෙකම සම ශූරයින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<