මේරියන්ස් සහ කෝල්ට්ස් අවසන් මහා තරගයට

84

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සහ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (21) සුදුසුකම් ලබා ගත්තේය. 

ලක්ෂාන් සහ සදීර ජය මාවත විවර කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ………..

එස්. එස්. සී සහ කෝල්ට්ස් තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ ප්‍රතිවාදී ප්‍රබල එස්. එස්. සී. කණ්ඩායම හා සමඟ පැවති අවසන් පූර්ව වටයෙ තරගයේ දී කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟිනි. 

කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිමට ලකුණු 128ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 185ක් ලබා ගත්හ.

Photos: Colts CC Vs SSC | Semi Finals | Day 3 | SLC Major Emerging Tournament 2019/20

අනතුරුව ලකුණු 37ක් පිටුපස සිටිමින් දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ එවර කඩුලු සියල්ලම දැවී ලකුණු 192ක් ලබා ගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 136ක් පසුපස ගිය ඔවුන් එම ඉලක්කය කඩුලු 2ක් පමණ් දැවී ලබා ගැනීමට සමත් විය.  

එම ඉනිමේ දී සංතුශ් ගුණතිලක නොදැවී අර්ධ ශතකයක් ලබා ගත් අතර විශාද් රන්දික නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේය. 

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (39.2) සොහාන් ද ලිවේරා 25, ක්‍රිශාන් සංජුල 28, ආකාශ් සේනාරත්න 20, තෙවිඳු සේනාරත්න 17, කවිශ්ක අංජුල 2/36, ධනංජය ලක්ෂාන් 4/28, ප්‍රවීන් ජයවික්‍රම 3/12

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 22ක දී කඩුලු 4ක් දැවී 61) සියලුම දෙනා දැවී 185 (52.2)  ප්‍රින්ස් ප්‍රනාන්දු 24, විශාද් රන්දික 34, කවිශ්ක අංජුල 64, නිපුන් මාලිංග 19, ආකාශ් සේනාරත්න 5/67, තනීෂ වීරකෝන් 2/44

එස්. එස්. සී.; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 177 (46.2) අවිශ්ක සේනාධීර 23, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 69, ආකාෂ් සේනාරත්න 25, තෙවිඳු සේනාරත්න 23, කවිශ්ක අංජුල 2/29, ප්‍රවීන් ජයවික්‍රම 4/73

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 136 (42.4) සංතුශ් ගුණතිලක නොදැවී 55, විශාද් රන්දික නොදැවී 46, ධනංජය ලක්ෂාන් 30

ඩිල්ෂාන්ගේ සොහොයුරු සම්පත්ගෙන් සුපිරි දස්කම්

27 වැනි වෙළඳසේවා පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ ……….

හලාවත මේරියන්ස් සහ යුද හමුදා තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටින බැවින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්හ. ඔවුන් මේ සඳහා තරගයේ දින දෙකක් සහ තවත් වරුවක කාලයක් ද භාවිතා කළහ. 

තරගයේ දෙවැනි දිනය නිමා වන විට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 254ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිම ලකුණු 255ක දී සීමා කිරීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. 

Photos: Army SC Vs Chilaw MCC | Semi Finals | Day 3 | SLC Major Emerging Tournament 2019/20

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 166ක් පමණි. එම ඉනිම වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක‍්වූයේ හිමාෂ ලියනගේ ය. ඔහු අර්ධ ශතකයක් ලබා ගත්තේය. ඔහුට අමතරව පැතුම් කුමාර (39) ද තම කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූහ. 

පන්දු යැවීමේ දී ලසිත් කෘස්පුල්ලේ ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර නිමේෂ් විමුක්ති කඩුලු 3ක් ද සහ නිම්සර අතරගල්ල කඩුලු 2ක් දවා ගත්හ. 

තරගයේ විසඳුමක් නොවීම හේතුවෙන් දෙපිලේ ම ක්‍රීඩකයන්ගේ එකඟතාවයෙන් තරගය පළමු ඉනිම අවසන් වීමත් සමඟ නතර කරන ලදි. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය නතර කරන විට පන්දුවාර 54ක දී කඩුලු 2ක් දැවී 125) සහ (දෙවැනි දිනය අවසන් වන විට පන්දුවාර 112ක් අවසානයේ කඩුලු 9ක් දැවී 254 (112) සියලුම දෙනා දැවී 255 (115.2) ලසිත් කෘස්පුල්ලේ 20, කවිඳු ඉරෝෂ් 56, සනෝජ් විජේතුංග 47, කවිඳු බණ්ඩාර 37, නිමේෂ් විමුක්ති 58, මලීෂ අලුත්ගෙදර 3/60, තුළිණ ඩිල්ෂාන් 2/26, හේෂාන් හෙට්ටිආරච්චි 2/35

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 166 (61.2) හිමාෂ ලියනගේ 51, පැතුම් කුමාර 39, හංස ද සිල්වා 27, තුළිණ ඩිල්ශාන් 25, ලසිත් කෘස්පුල්ලේ 4/44, නිමේෂ් විමුක්ති 3/52, නිම්සර අතරගල්ල 2/19

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<