නිහඬ බව බිඳි මැක්සි නැවතත් සටන් පෙරමුණට

91

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය සඳහා ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ගේ සහය ලබා ගැනීමට එරට ක්‍රිකට් තේරිම් කමිටුව පියවර ගෙන තිබේ. 

බංග්ලාදේශ – පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අර්බුදයක

බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා පසුගිය දා එක්වූ අතර එම…

ගෙවුණු වසර කිහිපය පුරාවටම ලොව නම් දැරූ බොහෝ විස්සයි විස්ස ලීග් තරගාවලි රැසකටම තම දායකත්වය ලබා දුන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීම ද ඒ හා සමගාමීව තුලනය කර ගත්තේ ඉතාමත් කාර්‍ය බහුල තරග කාලසටහනකට අනුගත වෙමිනි. 

මේ නිසාවෙන් මීට මාස කිහිපයකට ඉහත දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නැවත දැනුම් දෙන තුරු ඉවත්ව සිටීමට ඔහු ගත් තීරණය කා අතරත් දැඩි කතා බහට ලක් වූයේ මෙවැනි තීරණයක් ඔහුගේ ඉදිරි ක්‍රිකට් අනාගතය කෙරෙහි කෙසේ බලපානු ඇත්දැයි යන ප්‍රශ්නාර්ථය ඉතිරි කර තබමිනි.

කෙසේ නමුත් අන් කවරදාකටත් වඩා ශක්තිමත්ව තම තරග සැලසුම් සකස් කරගනිමින් විස්සයි විස්ස පිටියට පා තැබූ මැක්ස්වෙල් ඔහුගේ පළමු වෙඩිමුරය දියත් කළේ මේ දිනවල ක්‍රියාත්මක වන බීග් බෑෂ් ලීගයේ ඔහු මෙහෙයවන මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම අවසන් කණ්ඩායම් තුන අතරට රැගෙන එමිනි. 

එහි දී ඔහුගේ සුවිශේෂී නායකත්ව උපායමාර්ගයන්ට අමතරව පිත්තෙන් සහ පන්දුවෙන් ඔහු පෙන්වූ දක්ෂතාවන් ද ඉතාමත් ඉහළ මට්ටමක පැවතීම කැපී පෙනුණි.

මැක්ස්වෙල්ගේ නැවත ආගමනය පිළිබඳව තමන් ඉතාමත් සතුටු වන බව සඳහන් කර සිටි එරට තේරීම් කමිටුව භාර ප්‍රධාන නිලධාරි ට්‍රෙවර් හෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඔහු මෙවර බිග් බෑෂ් තරග වාරය තුල දී පෙන්නුම් කළ හැකියා දක්ෂතාවන් එලෙසින්ම ජාතික කණ්ඩායමේ ජයග්‍රහණයන් සඳහා ද උපයෝගී කර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

නිමාව දුටු ඉන්දීය තරග සංචාරයේ දී මැක්ස්වෙල්ගෙන් පුරප්පාඩු වූ මැදපෙළ පිතිකරණ අංශය සවිමත් කිරීමේ කාර්‍යභාරය ඇෂ්ටන් ටර්නර් වෙත පැවරීමට තේරීම් කමිටු නිලධාරීන් කටයුතු කළ නමුත් මැක්ස්වෙල් යලි කණ්ඩායමත් සමඟ එකතු වීම නිසාවෙන් ටර්නර් හට තම ස්ථානය ඔහු වෙනුවෙන් කැප කිරීමට සිදු වී තිබේ.

සංගාගේ වාර්තාව කැඩෙයි ද?

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමෙන් කෙටි විවේකයක් ලබා සිටින ආරම්භක පිතිකරු …

මීට අමතරව 14දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතය සඳහා මිෂෙල් මාර්ෂ් සහ මැතිව් වේඩ් යන ක්‍රීඩකයින් දෙදෙනා ඇතුලත්ව ඇති අතර විස්සයි විස්ස සංචිතයෙහිද දොරටු විවර කරගන්නා මිෂෙල් මාර්ෂ් නැවත වතාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් සමඟ එකතු වන්නේ වේගපන්දු යවන ක්‍රීඩක ජායි රිචඩ්සන් සහ ෂෝන් ඇබ්ට යන දෙදෙනාගේ ඇතුලත්වීමත් සමඟිනි. 

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ මස 21වනදා ජොහැන්ස්බර්ග්හී ක්‍රියාත්මක වීමට නියමිත අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව එක්දින තරග තුනක දී ද මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසීමට නියමිතය.

විස්සයි විස්ස සංචිතය – ආරෝන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ඒගාර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, මානස් ලබුෂේන්, මිචෙල් මාර්ෂ්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා

විස්සයි විස්ස සංචිතය – ආරෝන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ඒගාර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, ජායි රිචඩ්සන්, ෂෝන් ඇබට්, මිචෙල් මාර්ෂ්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<