මැට් ලීගේ කර මතට තවත් ජාතික සංචිතයක්!

79

ශ්‍රී ලංකා ජාතික සංචිතය, ජාතික සත් සාමාජික සංචිතය හා ශ්‍රී ලංකා නාවික හමුදා සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මැට් ලී හට, වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන පුහුණුකාරීත්වය ද හිමිවී ඇත.

ඔලිම්පික් සිහින පොදිබැඳන් ශ්‍රී ලංකාව කොරියාවට!

2020 ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග ………

තරුණ ක්‍රීඩකයින් හැසිරවීමට මනා දක්ෂතාවයක් ඇති මැට් ලී පසුගිය ජුනි මාසයේ දී, නවක ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් සමඟ ඔමල්ක ගුණරත්නගේ නායකත්වය යටතේ ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාවය සඳහා සහභාගී වූ යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේය. 

එම තරගාවලියේ දී පිලිපීනයට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත ලෙස පරාජය වූවත්, ඉන්පසුව පැවති තරගයේ දී තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 72-17ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

චීනයේ දී දෙසැම්බර් මස 11 සිට 14 දක්වා පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය හොඳින් අඳුනන මැට් ලීට මෙය නව අභියෝයක් වනු ඇත.

නව නියමුවෙක් සමඟ ගුවන් හමුදාව ඉගිළෙන්නට සූදානම්!

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ………

ශ්‍රී ලංකාව පසුගිය වසරේ පැවති 19න් පහළ ආසියානු ශූරතාවයේ දී පළමු කාණ්ඩය දක්වා පහත වැටුණු අතර මෙවර පළමු කාණ්ඩයේ දී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ඇත්තේ චීනය, පිලිපීනය හා තායිලන්තය සමඟිනි.

ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතය ද භාරව කටයුතු කරන මැට් ලී මේ වන විට දකුණු කොරියාවේ දී පැවැත්වෙන ඔලිම්පික් තේරීම් තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය සමඟ පුහුණුවීම් කටයුතු කරමින් සිටින අතර එම තරගාවලියෙන් පසුව ඔහුට ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ වැඩ පැවරෙනු ඇත. තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<