සාර්ථක පුහුණු කඳවුර ගැන ඇන්ජෙලෝගේ ප්‍රශංසාව

1533
Mathews

ශ්‍රී ලංකා කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය පිළිබඳ සැකසංකා මතුව තිබියදීත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ප්‍රධානතම පිතිකරු වන ඇන්ජෙලෝ මැතිව්ස් තවමත් තරගකාරී තරගාවලියක් සඳහා බලාපොරොත්තුවෙන් සිටියි.

ශ්‍රී ලංකා කොදෙව් සංචාරය අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග තුනක් සඳහා එළඹෙන ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව්…

තරගාවලියේ කාල සටහනට අනුව ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනත්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණ දී ඇති ආර්ථික ගැටලු නිසා එක ටෙස්ට් තරගයක් කෙටි එක්දින තරගාවලියක් බවට පත්වනු ඇතැයි වාර්තා වේ.

කොදෙව් සංචාරයට සූදානම් වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර දී දින අටක පුහුණු කඳවුරක් සඳහා සහභාගී වූ අතර ලබන සතියේ දී කණ්ඩයම කැරිබියන් දූපත් සඳහා පිටව යාමට නියමිතයි.

”පුහුණු කඳවුර විශේෂිත හා අරමුණක් සහිත එකක් වුනා, ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා එම කඳවුර ඉතා හොඳින් සංවිධානය කර තිබුණා, අපි අපේ ශාරීරික සුවතාවය පිළිබඳ හොඳින් අවධානය යොමු කළා, තුන් ඉරියව්වම හොඳින් පුහුණුවීම් කළ අතර මේක හොඳ පුහුණු කඳවුරක් වුනා.” Cricbuzz වෙබ් අඩවියට අදහස් දක්වමි හිටපු ටෙස්ට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පැවසිය.  

කෙටි කාලීනව ශ්‍රී ලංකා පුහුණු කඳවුරට එක්වූ දඟපන්දු යැවීමේ විශේෂඥ පීටර් ස්ලිප්, වේගපන්දු යැවීමේ විශේෂඥ ටීම් මැක්කැස්කිල් හා මනෝ විද්‍යා විශේෂඥ වෛද්‍ය ෆිල් ජෝන්සි සමඟ ශ්‍රී ලංකා කණ්ඩයම මෙම පුහුණු කඳවුරට එක්විය.

මැතිව්ස් හා සුරංගගේ කොදෙව් ගමන ස්ථීරයි

ආබාධවලට ලක්ව සිටි හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා වේගපන්දු යවන ක්‍රීඩක …

”ඔවුන් බොහොම මහන්සි වුනා, විශේෂයෙන්ම පන්දු යවන්නන්ට ඔවුන් උදව් කළා, අනෙක් පුහුණුකරුවනුත් ඉතා හොඳින් කටයුතු කළා, අපි මේ පුහුණු කඳවුරෙන් බොහෝ දේ උපයා ගත්තා, වර්ෂාව හේතුවෙන් අපිට රාත්‍රියේ පුහුණු වීම් කරන්න බැරි වීම කණගාටුදායක වුනත් කඳවුර බොහොම සාර්ථකයි.”

මැතිව්ස් මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සංචාරයේ නිරත වී තිබුණ ද, ටෙස්ට් තරගාවලියකට කොදෙව් දූපත්වල සංචාරයේ යෙදෙන්නේ පළමු වතාවටයි.

”මම කොදෙව් දූපත්වල ක්‍රීඩා කරන්න ආසයි, නමුත් මේ මම එහි ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරන පළමු වතාව, කොදෙව් දූපත් හි ප්‍රේක්ෂකයින් බොහොම මිත්‍රශීලීයි, විනෝදකාමී හා ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි.”

ශ්‍රී ලංකාව පළමු වරට එංගලන්තයේ දී එංගලන්ත කණ්ඩයම ටෙස්ට් තරගාවලියකින් පරාජය කළ කණ්ඩයමේ නායකයා ඇන්ජෙලෝ මැතිව්ස් වූ අතර ශ්‍රී ලංකාව කොදෙව් දූපත් හිදී තවමත් ටෙස්ට් තරගාවලියක් ජය ගෙන නැති නිසා ඇන්ජෙලෝ ප්‍රමුඛ කණ්ඩායමට මේ තරගාවලිය ඉතා වැදගත් වනු ඇත.

”බටහිර ඉන්දීය කොදෙව් හිදී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීම අපිට විශිෂ්ට ජය සලකුණක් වේවි, අපි තවමත් එහි තරගාවලියක් ජය ගැනීමට සමත් වී නැහැ”

බංගලාදේශ සංචාරයේ දී ආබාධයකට ලක්වීමෙන් අනතුරුව ඇන්ජෙලෝ මාස හතරක් පුරා ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි අතර මේ තරගාවලිය ආබාධයෙන් අනතුරුව ඇන්ජෙලෝ සහභාගී වන පළමු තරගාවලිය වනු ඇත.

”මට පසුගිය වසරේත් තරග රැසක් අහිමි වුනා, නැවත පැමිණීමට හැකි වීම ගැන සතුටුයි, මම හොඳින් පුහුණුවීම් කළා, සියලු දෙනා මට හොඳින් සහයෝගය දුන්නා.” ඇන්ජෙලෝ මැතිව්ස් පැවසිය.

Mathews lauds successful training camp ලිපියේ පරිවර්තනයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<