ෆාසිල් මරීජාගෙන් ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳව හැඟීම්බර ප්‍රකාශයක්

628

‘Fly-half’ ස්ථානයේ ක්‍රීඩා කරන විශිෂ්ට ක්‍රීඩකයෙකු වන, මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද සුවිශාල මෙහෙවරක් ඉටු කළ 32 හැවිරිදි ෆාසිල් මරීජා, මෙම ‘Dialog’ ක්‍රීඩා සමාජ රග්බි තරග වාරය අවසානයේ ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිත අතර ඔහු ඒ පිළිබඳව ‘Instagram’ සමාජ වෙබ් අඩවිය හරහා නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට අත්පොත් තබන මරීජා සිය වෘත්තීමය රග්බි දිවියේ පළමු තරගයට ක්‍රීඩා කරන්නේ 2004 වසරේ දී ය. ඒ අනුව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දී ශූරතා 3ක සාර්ථකත්වය අත්විඳින ඔහු එම වසරේ දීම සිය වෘත්තීමය රග්බි දිවියට පා තබන්නේ සිය ප්‍රදේශයේම ක්‍රීඩා සමාජය වන මහනුවර ක්‍රීඩා සමාජය හරහා ය. ඔහු ක්‍රීඩා කළ මෙම වසර 13ක කාලය පුරාවට ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව තුළ විශාල පෙරළියක් සිදුකරන්නට ඔහු සමත් විය.

තරගාවලියට අභියෝග කරමින් මහනුවර සටනට

මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය නාමය ඉහළින්ම රඳවා සිටින ප්‍රබල කණ්ඩායමක්…

ලයක් පුරාවට ඔහු ආදරය කළ සහ ක්‍රීඩා කළ රග්බි ක්‍රීඩාවට ඔහු ස්තූතිවන්ත වන බවයි.

“මගේ වයස අවුරුදු 18ක් විතරයි. රග්බි ක්‍රීඩාව වෘත්තීමය ලෙස ක්‍රීඩා කරන්න ගන්නකොට මම පාසල් ගිහින් අවසන් කරලා තිබුණෙත් නැහැ. එදා ඉදන් මේ ක්‍රීඩාව තමයි මගේ ජීවිකාව වුනේ. ඒ වගේම මම ජීවිතයේ ලබාගත්ත සෑම දෙයකම ගෞරවය මම රග්බි ක්‍රීඩාවට පුද කරනවා.”

ක්‍රීඩා සමාජ රග්බි තරගාවලි වාර 14ක දී මරීජා 12 වරක් ශූරතාවය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි අතර ඉන් අවස්ථා 2ක දී ශූරතාවය දිනාගත් කණ්ඩායමේ නායකත්වය දරා ඇත්තේ ද ඔහු ය.

“2018 වසරට වෘත්තීමය රග්බි ක්‍රීඩාවේ වසර 15ක් සම්පූර්ණ කරන වේලාවේ ක්‍රීඩාවෙන් සමුගන්න ගත්ත තීරණය ගොඩක් අමාරු එකක්.”

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ මෙන්ම ජාතික සත් සාමාජික කණ්ඩායමේ ද නායකත්වය කිහිප වරක්ම දරා ඇති මරීජා ශ්‍රී ලංකාවට අවස්ථා කිහිපයක දී ම කීර්තියක් අත්කර දෙන්නට සමත් විය. 2015 වසරේ දී ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගනිමින්, ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල ලබාගත් ඉහළම ස්ථානය වන 38 වෙනි ස්ථානය වෙත රැගෙන යාමට මරීජා සමත් වීම ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ ඔහු ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය වනු ඇත.

මෙවර තරග වාරය අවසානයේ ක්‍රීඩාවෙන් සමුගන්නා ඔහු පැළඳි අංක 10 ජර්සිය යටතේ ඔහු ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට සිදු කළ ඉමහත් මෙහෙවර ශ්‍රී ලංකා රග්බි ඉතිහාසය තුළ රන් අකුරින් ලියවෙනු ඇති බව නොඅනුමාන ය.

ඡායාරූපය උපුටා ගැනීම – ෆාසිල් මරීජාගේ ‘Instagram’ ගිණුම

රූපවාහිනී තෙවන විනිසුරු මෙවර රග්බි ලීගයටත්

මේ සති අන්තයේ දී ආරම්භ වන ඩයලොග් රග්බි ලීග් තරගාවලියට, මෙවරත් රූපවාහිනී තෙවන විනිසුරු තාක්ෂණය අන්තර්ගත…

සම්පූර්ණ ප්‍රකාශය:

“2018 තරග වාරය අවසානයේ මම ශ්‍රී ලංකා සහ මහනුවර ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමෙන් නිල වශයෙන් සමු ගන්නවා. රග්බි ක්‍රීඩාවට මං ගාව තියෙන ආදරය පටන් ගන්නේ වයස අවුරුදු 9දී මම මගේ පාසල වුන කිංස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරන්න පටන් ගන්නකොට. මම මේ ක්‍රීඩාවට වසර 23ක කාලයක් ආදරය කළා වගේම ඒක ක්‍රීඩා කළා.

මම වෘත්තීමය රග්බි පිටියට පිවිසෙන්නේ 2003 වසරේ දී. එතකොට මගේ වයස අවුරුදු 18යි. එහෙම රග්බි ක්‍රීඩාව වෘත්තීමය ලෙස ක්‍රීඩා කරන්න ගන්නකොට මම පාසල් ගිහින් අවසන් කරලා තිබුණෙත් නැහැ. එදා ඉදන් මේ ක්‍රීඩාව තමයි මගේ ජීවිකාව වුනේ. ඒ වගේම මම ජීවිතයේ ලබාගත්ත සෑම දෙයකම ගෞරවය මම රග්බි ක්‍රීඩාවට පුද කරනවා. ඒ වගේම මගේ හැකියාවන් හඳුනා ගෙන ඒවා දියුණු කරගන්න මට සහයෝගය දුන්න පවුලක උපත ලබන්න ලැබීම මගේ වාසනාවක්.

2018 වසරට වෘත්තීමය රග්බි ක්‍රීඩාවේ වසර 15ක් සම්පූර්ණ කරන වේලාවේ ක්‍රීඩාවෙන් සමුගන්න ගත්ත තීරණය ගොඩක් අමාරු එකක්. ලබන මාසයේ දී ආරම්භ වෙන තරග වාරය තමයි මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් මගේ අවසන් තරග වාරය. වසර 15ක් වැනි කාලයක් පුරාවට මගේ නිවස වුනේ මහනුවර ක්‍රීඩා සමාජය. මේ වටිනා ක්‍රීඩා සමාජයේ දී විශිෂ්ට රග්බි ක්‍රීඩකයින් සමඟින් ක්‍රීඩා කරලා මම ඉගෙන ගත්ත දේවල් වචනෙන් කියලා අවසන් කරන්න බැහැ.

සිංගප්පූරුව පරදා මහනුවරට විශිෂ්ට ජයක්

මහනුවර ක්‍රීඩා සමාජය හා සිංගප්පූරු ජාතික රග්බි කණ්ඩායම අතර රග්බි තරගයක් අද (21) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී…

හැමදාමත් වගේ තාමත් මගේ හදවතේ තියෙන්නේ රග්බි ක්‍රීඩාව. ඒ නිසා ක්‍රීඩාවෙන් සමුගන්න මම ගත්ත තීරණය ගැන ගොඩක් දුකයි. නමුත් මම මේ තීරණය ගත්තේ අලුත් දක්ෂයින්ට අවස්ථාව ලබා දෙන්න. වසර 15ක කාලයක් පුරාවට මම ජාතික කණ්ඩායමේ වගේම මහනුවර ක්‍රීඩා සමාජයේ ද අංක 10 ජර්සියේ ආධිපත්‍ය පතුරවාගෙන සිටියා. දැන් ඒක වෙන කෙනෙක්ට බාරදෙන්න කාලය ඇවිත්.

මගේ ජීවිතයට ගොඩක් දේවල් ලබා දුන්න මෙම විශිෂ්ට ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන්නේ නැතුව මම යන්නේ නැහැ. වයස අවුරුදු 3-7 අතර දරුවන් සඳහා රග්බි ක්‍රීඩාවේ මූලික දේවල් ඉගැන්වීමේ අරමුණ ඇතිව මම මේ වෙන කොට ශ්‍රී ලංකාවේ පළමු රග්බි පෙර පාසල වන ‘School of Rugby by Fazil Marija’ ආරම්භ කරලා තියෙන්නේ. එතකොට ඔවුන්ගේ තමන්ගේ පාසල වෙනුවෙන් ක්‍රීඩා කරන්න ආරම්භ කරන කොට ඔවුන් හොඳ තත්වයක සිටියි.

මම පළමුව ස්තූතිවන්ත වෙන්න ඕනේ මලික් සමරවික්‍රම මහතාට. ඔහු මට පියෙක් වගේ සිටියා වගේම ඔහු තමයි අද මම සිටින ස්ථානයට එන්න මට උදව් කළේ. ඒ වගේම මට මගේ හැකියාවන් වැඩිදියුණු කරගන්න උදව් කරපු වගේම, ක්‍රීඩා පිටිය තුළ මට මගේ දක්‍ෂතාවන් පෙන්නන්න අවස්ථාව ලබා දුන්න, දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් ද මාව පුහුණු කරපු සියලුම පුහුණුකරුවන්ට ද මම ස්තූතිවන්ත වෙනවා. පසුගිය අවුරුදු 23ක කාලය පුරාවට මාත් සමඟ එකට ක්‍රීඩා කළ මගේ සියලුම සඟයින්ටත් මගේ ජීවිතයේ හොඳම කාලය මාත් සමඟ ගත කිරීම වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ජයග්‍රහණ ගැන ලියලා අපි සිදුකරන දේවල් ගැන ලෝකය දැනුවත් කළ සියලුම මාධ්‍යවේදීන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.”

උපුටා ගැනීම: ෆාසිල් මරීජාගේ ‘Instagram’ ගිණුම 

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<