ප්‍රබලයින් දෙදෙනෙක් නැවතත් ඕස්ට්‍රේලියාවට

538

2019 ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි සතිය මේ වන විට ආරම්භ වී ඇති අතර පෙර තරගාවලි වලට වඩා මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම කැපී පෙනෙන කාරණයක් වී ඇත.

සෑම කණ්ඩායමකම එක ක්‍රීඩකයෙක් හෝ ආබාධයට ලක්ව ඇති අතර ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු විය. මෙලෙස ක්‍රීඩකයන් ආබාධයට ලක්වීම නිසාවෙන් තරගයෙන් තරගයට තම සංචිත වෙනස් කිරීමට සිදුවීම මෙම තරගාවලියේ දී කණ්ඩායම් වලට ඇති ප්‍රබල ගැටලුවක් බවට පත්ව හමාරය.

මෝගන් පිටිය සිසාරා 6 පහරවල් එල්ල කරද්දී රෂීඩ්ටත් වාර්තාවක්

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර ….

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන මාකස් ස්ටොයිනිස් ද එලෙස ආබාධයට ලක්වූ අතර එම නිසා ඔහුට තරග දෙකක් මගහැරිනි. කෙසේ වෙතත් හෙට (20) පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් ස්ටොයිනිස් ට්‍රෙන්ට් බ්‍රිජ් හි පැවැත්වෙන පුහුණු සැසිය සඳහා සහභාගි වී තිබේ.

ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැංගර් පවසා සිටියේ ඔහු බංග්ලාදේශ තරගය ක්‍රීඩා කිරීම තවමත් තහවුරු වී නැති නමුත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම සඳහා ඔහු එසේ පුහුණුවීම් වලට යොමු කළ බවයි.

“තවමත් තහවුරු කරන්න බෑ. නමුත් ඔහුට අවස්ථාවක් තියනවා. ඔහු පන්දුවට පහර දීම හොඳින් කළා පුහුණුවීම් වලදී. අපි ඔහුව නිරීක්ෂණය කරනවා. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු වෘත්තීය ක්‍රීඩකයෙක්. ඔහු පුළුවන් හැමදේම කලා යෝග්‍යතාවය ලබා ගැනීමට. ඔහු ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි කර ගන්නේ නැති වෙයි. ඔහු දැඩි අධිෂ්ඨානයකින් ඉන්නවා. ඔහු දැන් ඉන්න තත්වය ගැන මට පුදුමයක් නෑ. මේකේ ගෞරවය ඔහුට හිමි විය යුතුයි. ඒ වගේම අපේ වෛද්‍ය කණ්ඩායමටත් ගෞරවය හිමි විය යුතුයි. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔහු තරගාවලියේ ලොකු බලපෑමක් කරාවි කියලා.”

ස්ටොයිනිස්ගේ ආබාධයත් සමඟින් කණ්ඩායමේ සමතුලිතතාවය පිළිබඳව ගැටලුවකට මුහුණ දීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමට සිදු විය. පැවති පාකිස්තාන හා ශ්‍රී ලංකා තරග දෙකම ඔවුන් ජයග්‍රහණය කළ ද ඔවුන්ගේ පන්දු බලඇණියේ යම් අසමතුලිතතාවයක් දක්නට ලැබුණි. අතිරේක පන්දු යවන්නන් ලෙස ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත් හා ඒරන් ෆින්ච් ද යොදාගැනීමට ඕස්ට්‍රේලියාවට සිදු විය.

“අපි මේ සංයුතියත් එක් හොඳින් ක්‍රීඩා කළා කියලා මම හිතනවා. අපි ඩුබායි හිදී ඉන්දියාව සමඟින් ක්‍රීඩා කළා දඟපන්දු යවන්නන් දෙදෙනෙක් යොදාගෙන. මට විශ්වාසයි අපි මොන සංයුතිය යොදා ගත්තත් අපිට දස්කම් දක්වන්න පුළුවන් කියලා. තරගාවලිය ආරම්භයේ දී අපිට ගොඩක් විකල්ප තිබුණා. ඕනෑම සංයුතියක් යොදාගෙන ක්‍රීඩා කරන්න පුළුවන්. ඒක තමයි අපේ ශක්තිය. මට තේරෙනවා ගොඩක් අය හිතන්නේ අපිට විකල්ප ගොඩක් තියන එක අපේ දුර්වලකමක් කියලා. ඒත් මම හිතන්නේ ඒක තමයි අපේ ශක්තිය කියලා. අපිට පුළුවන් අපේ ප්‍රතිවාදියාට අනුව කණ්ඩායම හදාගන්න, ක්‍රීඩාංගණ අනුව, ක්‍රීඩක කළමනාකරණය අනුව අපිට කණ්ඩායම හදාගන්න පුළුවන්. ඒක දුර්වලකමක් නෙමෙයි. “

ලෝක කුසලානය ගැන සංගා දැඩි අසතුටෙන්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විවිධ ස්වභාවයන් ….

ශ්‍රී ලංකා තරගයට සහභාගි නොවූ නේතන් කෝල්ටර් නයිල් ද බංග්ලාදේශ තරගය සඳහා ක්‍රීඩා කිරීමේ යෝග්‍යතාවකින් පසුවේ. කොන්දෙහි ඇතිවූ ආබාධයක් නිසා ඔහුට තරගය ක්‍රීඩා කිරීමට නොහැකි විය.

“ඔහුගේ ඉතිහාසය හා කොන්ද එක්ක ඔහුට යම් අපහසුතාවයක් තිබුණා. ඔහු ගොඩ කාලයකට පස්සේ දින 7ක් තුල තරග 3ක් ක්‍රීඩා කරලා තිබුණා. ඔහු බංග්ලාදේශ තරගයට සුදුසු යෝග්‍යතාවකින් පසුවෙනවා.” ලැංගර් පවසා සිටියා.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දඟපන්දු බලඇණියේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ඇඩම් සැම්පා පසුගිය තරග දෙක ක්‍රීඩා නොකළ අතර නේතන් ලයන් තවමත් ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කර නැත. දඟපන්දු විශේෂඥයෙක් යොදාගැනීමට වඩා අතිරේක දඟපන්දු යවන්නන් යොදාගැනීම සුදුසු බව ඕස්ට්‍රේලියානු පුහුණුකරු ලැංගර්ගේ අදහස වී ඇත.

“අපිට එහෙම කරන්න වුනේ ස්ටොයිනිස් ආබාධයට ලක්වීම නිසා. වේගපන්දු ‍යවන්නන් දෙදෙනා තරගයේ මැද පන්දුවාර වලදී කඩුලු ලබා ගැනීම ගොඩක් වටිනවා. එක්දින තරගවල වැදගත්ම දෙය මැද පන්දුවාර වලදී කඩුලු ලබා ගැනීම. මෙවර තරගාවලියේ මුල් පන්දුවාර වලදී එතරම් කඩුලු දැවී යන්නේ නෑ. අපේ වේගපන්දු ‍යවන්නන් පාකිස්තාන හා ශ්‍රී ලංකා තරගවල දී මැද පන්දුවාර වලදී කඩුලු ලබා ගත්තා. ඒක විශිෂ්ටයි.”

“මේ වගේ තත්වවල දී අපිට හිතන්න දෙයක් තියනවා. මේ තරගාවලියේ දී ගොඩක් වේගපන්දු වලට තමයි අවස්ථාව තියෙන්නේ. නමුත් පසුගිය වසර කිහිපය තුල දී දඟපන්දුවට තමයි ලොකු අවස්ථාවක් තිබ්බේ. ඒ තත්වය වෙනස් වේවි. තෙතමනය වැඩි වීම, වලාකුළු සහිත වීම, තණතීරුව වියළි ස්වාභාවයක් ගන්න හින්දා වේගපන්දුවට වාසිදායක වුනා. මේ තත්වය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් වලදී වෙනස් වෙන්න පුළුවන්. තණතීරුව වියළි එකක් වුනොත් අපි දඟපන්දු ‍යවන්නන් දෙදෙනෙක් යොදා ගන්නවා. විකල්ප ගොඩක් තියන එක වැදගත් වෙනවා.”

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට බංග්ලාදේශය සුළුකොට සැලකිය නොහැකි අතර බංග්ලාදේශය ප්‍රබල කොදෙව් කණ්ඩායම එල්ල කළ ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත් විය. එම තරගයේ දී ශකීබ් අල් හසන් තමන් ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට තහවුරු කළේ ශතකයක් වාර්තා කරමිනි. මේ දක්වා බංග්ලාදේශ කණ්ඩායම මුහුණ දුන් තරග 4 දී ශකීබ් ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් වාර්තා කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත. තරගාවලියේ මේ දක්වා ඔහු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 5කි.

ශකිබ් සහ ලිටන් වාර්තා පොත් අලුත් කරයි!

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් ……

“අපිට ඔහුව දවා ගන්න සැලසුම් තියනවා. ඒත් ඔහු හොඳින් ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ඔහු තමයි අංක එකේ ක්‍රීඩකයා. ඒකේ පුදුමයක් නෑ. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. අපි ඔහුට සූදානම් වෙලා ඉන්නේ. “

ශකීබ් හා බංග්ලාදේශය ඕස්ට්‍රේලියාව වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත. ඔවුන් 2008 සිට ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයකට එක්ව නැති අතර එය බංග්ලාදේශයේ අත්දැකීම් වලට අඩුවක් වී ඇත. බංග්ලාදේශය ප්‍රබල එක්දින කණ්ඩායමක් වූවත් ඔවුන් ඕස්ට්‍රේලියාව සමඟින් එතරම් තරග සංඛ්‍යාවකට මුහුණ දී නොතිබීම බංග්ලාදේශයේ ප්‍රධානම අභියෝගය වේ.

“අපි ඔවුන් සමඟ එතරම් ක්‍රීඩා කරලා නෑ. ක්‍රීඩා කළත් ඒ කරන්නේ ඔවුන්ගේ ක්‍රීඩාංගණවල. අපි ඔවුන්ව හොඳින් නිරීක්ෂණය කරලා සැලසුම් හදලා තියෙන්නේ. තරගාවලියේ වැදගත් තරගයක් වේවි මේ තරගය. හැම තරගයක්ම වැදගත් ඒත් මේ තරගය වඩාත් වැදගත් වේවි. මේ තරගයේ ජයග්‍රහණය අපිට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියේ රැඳී සිටින්න උපකාරී වේවි. අපේ කණ්ඩායමම ඒක දන්නවා” ලැංගර් පවසා සිටියා.

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<