මෙවර මහා ක්‍රිකට් තරග සමයේ විශිෂ්ටතම දක්‍ෂතා

509

‘March Madness’ මහා ක්‍රිකට් තරග සමය මේ වනවිට අවසන් වී හමාර ය. මේ එළඹ තිබෙන්නේ එහිදී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් දැක්වූ හොඳම දක්‍ෂතා ලෙස හැරී බැලීමේ කාලය යි.  ඒ අනුව මෙම වසරේ දී පවත්වනු ලැබූ අන්තර් පාසල් මහා ක්‍රිකට් තරග වල ක්‍රීඩකයින් දැක්වූ හොඳම දක්‍ෂතා 7 මෙසේ ය. (දෙදින සහ තුන්දින තරග පමණි)

ජොෆ්රා ආචර් එංගලන්තයට ගිය හැටි

​​බාබෙඩෝස් නම් කුඩා දූපතේ උපන් ජෝෆ්රා ආචර් එංගලන්තය විසින් නෙළාගෙන ඇත. ඔහුව අයත්….

7. අවිශ්කගෙන් ආනන්දයට ප්‍රහාරයක්

ඉතා වේගයෙන් පිත්ත හැසිරවීමට සුවිශේෂී හැකියාවක් දක්වන කොළඹ නාලන්දා විද්‍යාලයීය කඩුලු රකින ක්‍රීඩක අවිශ්ක පෙරේරා, ආරම්භක පිතිකරුවෙක් ලෙස ඉහළ දස්කම් දක්වන්නට සමත්ව තිබූ අතර ඔහුගෙන් එල්ල විය හැකි පීඩනය පිළිබඳව ආනන්දයීයන් පසුවූයේ ඉතා හොඳ අවබෝධයකිනි. කෙසේ නමුත් 90වන වරට මෙවර පැවති සුළෝහිත සංග්‍රාමයේ දී ලකුණු ලබාගන්නටත් පෙර අවිශ්කව දවාගන්නට ලැබුණු අවස්ථාව ආනන්දයීය කණ්ඩායමේ ‘slip’ ක්‍රීඩකයෙක් අතින් ගිලිහී ගියේය.

ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත් අවිශ්ක, ආනන්ද විද්‍යාලයේ පන්දු යවන්නන් හට පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේ වසර 66කට පසුව නාලන්දා විද්‍යාලයට මහා ක්‍රිකට් තරග ජයග්‍රහණයක් හිමිකර දීමේ බලාපොරොත්තු ද ඉහළ නංවමිනි.

ඔහුගේ ඉනිම හතරේ පහර 17කින් වර්ණවත් වූ අතර ‘stump’ කිරීමකට හසුවී ඔහු දැවී යන විට පන්දු 134ක දී ලකුණු 120ක් ලබාගන්නට සමත්ව තිබුණි.

  1. අයියලරාසන්ගෙන් පිත්තෙන් සහ පන්දුවෙන් විශිෂ්ට දස්කම්

යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ අයියලරාසන් කමලරාසා හට උතුරු මහා සටනේ දින 3 පුරාවටම පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද සුවිශාල කාර්යභාරයක් ඉටුකිරීමට සිදුවිය.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට පළමුව පන්දු යොමුකිරීමට සිදුවීමත් සමඟ සාන්ත ජෝන් විද්‍යාලයීය පිතිකරණ බලඇණිය තනිව විනාශ කර දැමූ අයියලරාසන්, කඩුලු 5කට හිමිකම් කියන්නට සමත් විය. අනතුරුව සිය කණ්ඩායමේ පළමු ඉනිමේ දී පිත්තෙන් ද කණ්ඩායම වෙනුවෙන් සිය වගකීම ඉටුකළ ඔහු පන්දු 239කට මුහුණ දෙමින් ඔවුන්ගේ ඉනිම ශක්තිමත් කරන්නට සමත් විය.

ඔහු එහිදී ලබාගැනීමට සමත් වූයේ ලකුණු 77ක් පමණක් වුවත් යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට තරගය පරාජයට පත්වීමේ සිට එය ජය-පරාජයකින් තොරව අවසන් කරගැනීම දක්වා ඉදිරියට පැමිණීමට හැකිවූයේ ඔහුගේ එම ඉනිම හරහා ය.

ඒ අනුව තරගයේ සිව්වන ඉනිමේ අවසාන භාගයේ දී සාන්ත ජෝන් විද්‍යාලයීය ක්‍රීඩකයින් පන්දුවෙන් ඔවුන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වුවත් තරගයේ අවසන් දිනය නිමාවන විට යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබා සිටීම නිසා තරගය ජය-පරාජයෙන් තොරව අවසන් විය.

1992 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම්

1987 වසරේදී සිව්වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමෙන් අනතුරුව 1991 වසරේදී පස්වන……

5. ශතකයක් සහ කඩුලු ත්‍රිත්වයක් සමඟින් නුවනිඳුගෙන් යෝධ උත්සාහයක්

මෙවර පැවති 69 වන මොරටු මහා රන් සටනේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබූ නුවනිඳු ප්‍රනාන්දු එහිදී මහා ක්‍රිකට් තරග සමයක නායකයෙක් දැක්වූ විශිෂ්ටතම දස්කම් අතරට එක්වන දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.

තරගයේ ඔහු යොමුකළ පළමු පන්දුවාරයේ දීම කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කියන්නට සමත් වීමත් සමඟ ඔහුගේ දක්ෂතාවය අවසන් වූවා යැයි කෙනෙකුට සිතෙන්නට ඇත. එය මොරටු මහා රන් සටන ඉතිහාසයේ වාර්තා වූ පළමු කඩුලු ත්‍රිත්වය වූ අතර ඔහු එම ඉනිම අවසන් කළේ කඩුලු 4ක් දවාගනිමින් සිය කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වෙමිනි.

අනතුරුව තරගයේ දෙවන දිනයේ දී පිත්තෙන් ද විශිෂ්ට දස්කම් දැක්වූ ඔහු අගනා ශතකයක් වාර්තා කරගැනීමට සමත් වූයේ සිය කණ්ඩායමේ ලකුණු තත්වය 220ක් දක්වා රැගෙන යමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කරගැනීමේ අරමුණින් ඉනිම අත්හිටුවමිනි. ඒ අනුව නුවනිඳු ප්‍රනාන්දු පාසැල් ක්‍රිකට් පිටියේ වාර්තාවෙන් වාර්තාව බිඳදැමීමට සමත් වීමත්, ඔහුගේ වැඩිමහල් සොහොයුරු වන විශ්ව ප්‍රනාන්දු ඊට සති කිහිපයකට පෙර ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී වාර්තා කරගත් පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාමට දැක්වූ දක්ෂතාවනුත් නිසා ඔවුන්ගේ දෙමාපියන්ට එය මහත් ආඩම්බරයක් වනු නොඅනුමාන ය.

  1. සඳරුට කඩුලු 10ක් සමඟින් තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 10ක ජයක්   

මෙවර සහෝදරයින්ගේ සංග්‍රාමයේ දී තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දැරූ සඳරු ඩයස් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ඉසිපතන විද්‍යාලයීය පිතිකරණ බලඇණිය අඩපණ කරමින් කොළඹ ‘SSC’ ක්‍රීඩාංගණයේ දී සිය කණ්ඩායමට කඩුලු 10ක ජයග්‍රහණයක් හිමිකර දෙන්නට සමත් වූයේ අඛණ්ඩව පසුගිය වසර 19 පුරාවටම තීරණයකින් තොරව අවසන් වූ සහෝදර සංග්‍රාම රැල්ලට තිත තබමිනි.   

ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම සිය ඉනිම් දෙකේ දී පිළිවෙලින් ලකුණු 169කට සහ ලකුණු 144කට සීමා කිරීමට තර්ස්ටන් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වූ අතර එහිදී වැඩි බරක් කරට ගත් සඳරු තරගය තුළ ප්‍රතිවාදීන්ගේ බිඳවැටුණු  කඩුලු භාගයකටම හිමිකම් කියන්නට සමත් විය.

එහිදී ඉසිපතන විද්‍යාලයීය පළමු ඉනිමේ පළමු කඩුල්ලත් දෙවන ඉනිමේ අවසන් කඩුල්ලත් දවාගැනීමට ඔහු සමත්වීම සුවිශේෂී සිදුවීමක් වූ අතර ඒ අනුව ඔහු එහිදී දැක්වූ විශිෂ්ට පන්දු යැවීම වෙනුවෙන් ඔහුව තරගයේ හොඳම පන්දු යවන්නාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.

විරල දේ අතර සුලබ වුණු ක්‍රිකට් ලෝක කුසලානේ ලකුණු සමවීම්

ලොව ක්‍රීඩා අතර අවිනිශ්චිතම ක්‍රීඩාව ලෙස සැලකෙන්නේ ක්‍රිකට් යන්න නොරහසකි. ඇතැම්….

  1. තවීෂ-දිලුම් දෙපළගෙන් මිස්බා-අසාර් ගණයේ ඉනිමක්

2014 වසරේ ‘Sharjah’ හී සිදුවූ අඳුරු සිදුවීම ඔබට මතක ද? එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුවත් පාකිස්තාන ක්‍රීඩකයින් තරගයේ සිව්වන ඉනිමේ ප්‍රදර්ශනය කළ දක්‍ෂතා හේතුවෙන් තරගය පරාජය වන්නට සිදුවිය. පන්දුවාර 60ක දී පමණ ලකුණු 302ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔවුන් වෙනුවෙන් එහිදී අසාර් අලි විශිෂ්ට ශතකයක් වාර්තා කරන විට මිස්බා උල් හක් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 68ක් වාර්තා කරගැනීමට සමත් වූයේ පාකිස්තාන කණ්ඩායම දැඩි අපහසුතාවයකින් තොරව ජයග්‍රාහී සීමාව වෙත රැගෙන යමිනි.

එවන් සිදුවීමක් මෙවර 114වන වරට පැවති ආදරවන්තයින්ගේ සටනේ දී ද අපට දැකබලා ගැනීමට හැකිවිය. එහිදී පන්දුවාර 45ක දී ලකුණු 215ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට රැගෙන ගිය දිලුම් සුදීර සහ තවීෂ අභිෂේක් අප පෙර සඳහන් කළ මිස්බා-අසාර් ගණයේ විශිෂ්ට සබඳතාවයක් එක්කරන්නට සමත් වූහ. තරගයේ ඊට පෙර මහින්ද විද්‍යාලයීය පිතිකරණ බලඇණිය අසරණ කර දැමූ දිලුම් ඉනිම් දෙක තුළ ලකුණු 90කට කඩුලු 9ක් දවාගන්නට ද සමත් විය. ඉන් අනතුරුව තරගයේ සිව්වන ඉනිමේ දී ක්‍රියාත්මක වූ ඔහු පන්දු 42ක දී ලකුණු 42ක් වාර්තා කරගන්නට සමත් වූ අතර තරගයේ අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරයේ දී ඔහු දුවද්දී දැවී යාමකට හසුවී දැවී ගියේය.  

අනතුරුව රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට නම් ඔවුන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 8ක ඉලක්කයක් හිමිවූ අතර එහිදී ක්‍රියාත්මක වූ නායක තවීෂ එම පන්දුවාරය යොමුකළ වේගපන්දු යවන ක්‍රීඩක නිපුන් මාලිංග හමුවේ හතරේ පහරවල් දෙකක් එල්ල කරමින් මිස්බා උල් හක් 2014 වසරේ දී සිදුකළ ආකාරයට සිය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිකර දෙන්නට සමත් විය.

ඔවුන් තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නා විට තවීෂ නොදැවී ලකුණු 99ක් ලබාසිටි නමුත් ඔහුට ඒ පිළිබඳව කිසිඳු දුකක් නොමැති බව නම් නොඅනුමාන ය.

  1. සාන්ත, ගැලවුම්කරු, සුපිරි සන්තුෂ්

2000 දශකයේ මුල් භාගයේ දී පමණ ‘සන්තුෂ්’ යන නාමය ශ්‍රී ලාංකිකයින් හට හුරුපුරුදු නාමයක් වන්නට විය. නමුත් මේ වනවිට එය ශ්‍රී ලංකාවේ පාසැල් ක්‍රිකට් පිටිය තුළ ප්‍රතිවාදී කණ්ඩායම් බියගන්වන නාමයක් බවට පත්වී අවසාන ය. ඒ සන්තුෂ් ගුණතිලක නිසාවෙනි.

සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම මෙවර සාන්තුවරයින්ගේ සංග්‍රාමයේ ජයග්‍රහණයෙන් බේරාගැනීමට නම් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වූ සන්තුෂ් දක්‍ෂතා අතරට පැමිණීම අනිවාර්ය වූ අතර ඔහු එය අති විශිෂ්ට අන්දමින් සිදුකිරීමට සමත් විය. ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ සිහින බොඳකර දැමූ ඔහු විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 161ක් වාර්තා කරගැනීමට සමත් වූයේ කණිෂ්ක මදුවන්ත සමඟ එක්වෙමින් ලකුණු 211ක නොබිඳුණු සබඳතාවයක් ද එක්කරමිනි.

සාන්තුවරයින්ගේ සංග්‍රාමයේ සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවය එය වූ අතර තවදුරටත් සන්තුෂ් තරගයේ ඉනිම් දෙක තුළ වාර්තා කරගත් ලකුණු 233 සාන්තුවරයින්ගේ සංග්‍රාම ඉතිහාසයේ ඕනෑම ක්‍රීඩකයෙක් ඉනිම් දෙක තුළ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද ඉතිහාසයට එක්විය.

අම්ලා සහ ඩුමිනි ද. අප්‍රිකානු ලෝක කුසලාන සංචිතයට

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු එක්දින….

1. ආචාරය – කලණ පෙරේරා රාජකීයයන් දණගස්වයි

2019 මහා ක්‍රිකට් තරග සමයේ හොඳම දක්ෂතාවය මෙය වන බවට කිසිඳු සැකයක් නොමැත. ඒ මෙවර 140 වන වරට පැවති නිල් මහා සටනේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක කලණ පෙරේරා පන්දුවෙන්, පිත්තෙන් මෙන්ම ඔහුගේ ආක්‍රමණශීලීභාවය ඔස්සේ දැක්වූ දක්ෂතාවන් හරහා රාජකීයයන් දණගැස්වූ ආකාරය නිසාවෙනි.

කලණගේ පන්දුව ‘swing’ කිරීම් සහ පන්දුව ඉලිප්පීම් හමුවේ රාජකීයයන් තරගයේ ආරම්භයේ සිට තරගයේ අවසානය දක්වාම නිරුත්තර වූ අතර ඔහු පළමු ඉනිමේ දී දවාගත් කඩුලු 6, තරගයේ ජයග්‍රහණය සාන්ත තෝමස් කණ්ඩායම වෙත යොමුවන්නට ප්‍රබල දායකත්වයක් සැපයීය.

එමෙන්ම මෙහිදී ඔහු පිත්තෙන් ද දැක්වූ දක්ෂතාවය පිළිබඳව සඳහන් කළ යුත්තේ සිය කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිමේ දී කඩුලු 8ක් දැවී ලකුණු 169ක් පමණක් ලබා සිටිමින් තරමක් අසීරු තත්වයක පසුවෙද්දී ඔහු උමයංග සුවාරිස් සමඟ එක්වෙමින් ඔවුන්ගේ ඉනිම රාජකීයයන්ගේ පළමු ඉනිමට වඩා ලකුණු 138ක් ඉදිරියට රැගෙන යාමට ඔහු ගත් උත්සාහය හේතුවෙනි. ඒ අනුව එහිදී ඔහු පන්දු 59ක් පමණක් වැයකරමින් ලබාගත් ලකුණු 62 සාන්ත තෝමස් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට බෙහෙවින් ඉවහල් විය.

තරගය තුළ කඩුලු 9 දවාගනිමින් සහ ලකුණු 62ක් වාර්තා කරගනිමින් ඔහු දැක්වූ දක්ෂතාවය වෙනුවෙන් ඔහුව තරගයේ හොඳම දක්ෂතාවයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔහු දවාගත් සෑම කඩුල්ලක් අවසානයේම ඔහු සිදුකළ ආචාර කිරීම් වසර ගණනාවක් පුරාවට රාජකීයයන් හට අමතක නොවනු ඇති බව නොඅනුමාන ය.  


                                  >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<