මහා සංග්‍රාමය මඟ හැරුනත් එක්දින ජයග්‍රහණය සාන්ත ආනාවරුන්ට

1599

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 23 වැනි වරටත් පැවති ඇතුගල්පුර සටන වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (08) වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ සාන්ත ආනාවරුන්ට ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා දෙමිනි.

වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී තමන්ට අහිමි වූ ජයග්‍රහණය මෙම තරගයේ දී ලබාගත් සාන්ත ආනාවරුන් 2018 වසරේ ඇතුගල්පුර අභිමානනීය ක්‍රිකට් කණ්ඩායම බවට මෙම තරග ජයග්‍රහණයත් සමඟ පත් විය.  

සාන්ත ආනාවරුන්ගේ බලාපොරොත්තුව සුන්වේ

කුරුණෑගල සාන්ත ආනා සහ මලියදේව විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතෙක්

පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ආනා විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 207ක් ලබාගත් අතර දෙවැනි වර පන්දුවට පහර දීමට පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 174ක් පමණි.

කාසියේ වාසිය දිනූ මලියදේවයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ආනාවරුන්ගේ ඉනිමේ තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දී නිමා කිරීමට ප්‍රතිවාදීන් සමත් වූ හ. නිමා වූ එම ඉනිමේ දී කවිඳු රණසිංහ අර්ධ ශතකයක් වාර්තා කරමින් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේය. වමතින් පිත්ත හැසිර වූ කවිඳු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය.

ඔහුට අමතරව වනිත වන්නිනායක ද දැවැන්ත ඉනිමක් ගොඩ නගමින් පන්දු 63කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් තම කණ්ඩායම වෙනුවෙන් දායාද කළේය. ඔහුට අමතරව දිනෙත් චන්දිමාල් (31) ලසිත් වර්ණකුලසූරිය (නොදැවී 22) සහ රන්දීර රණසිංහ (21) ද ලකුණු අතරට පැමිණිය හ.

ශ්‍රී ජයවර්ධනපුර සටන මෙවරත් ජය පරාජයෙන් තොරයි

වෙනුක් හෙට්ටිආරච්චිගේ පන්දු යැවීමත්, සොනාර කරුණාතුංග, නුරාජ් ප්‍රසංග හා තිමිර මල්ෂාන්ගේ .

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන නවීන් මධුරංග කඩුලු 3ක් දවා ගත් අතර නිසංජය හෙට්ටිආරච්චි සහ පසිඳු තෙන්නකෝන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයෝ තවත් පන්දුවාර 5ක් ඉතිරිව තිබිය දී තම ඉනිම නිමා කර ගත්හ. එම ඉනිමේ දී ද අර්ධ ශතයක් වාර්තා වූ අතර එහි හිමිකාරීත්වය දකුණතින් පන්දුවට පහර දුන් නායක දුලාජ් රණතුංග සතු විය. ඔහු පන්දු 69කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය.

ඉලක්කගත අභියෝගය කරා යෑමේ දී චාලුක අතපත්තු (29), සුපුන් සුමනරත්න (22) සහ මුදිත ප්‍රේමදාස (22) ඉලක්කම් දෙකේ ලකුණු ලබාගත්ත ද එය ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් නොවුණි.

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යැවූ පසිඳු තෙන්නකෝන් කඩුලු 4ක් ලබා ගනිමින් මලියදේව ඉනිමේ කොඳු නාරටිය බිඳ දමද්දී, ධනංජය බණ්ඩාර කඩුලු 3ක් ද, පුබුදු ගනේගම කඩුලු 2ක් ද ලබා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දුණි.

තරගය අවසානයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී තරගයේ දක්ෂතම පිතිකරු සම්මානය ලබා ගැනීමට පරාජිත මලියදේව විද්‍යාලයේ නායක දුලාජ් රණතුංග සමත් විය. ඔහු ඊයේ (07) නිමා වූ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ද දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන ලැබීම කැපී පෙණුනි. මෙම සම්මාන දෙකම ඔහු වෙත හිමි වූයේ තරගයේ අවසාන ඉනිමේ දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කරමින් දැක්වූ දක්ෂතා හේතුවෙනි.

පෙර තරගයේ දී සේ ම අනෙකුත් සම්මාන සියල්ල ම සාන්ත ආනාවරුන් සතු වූ අතර ඒ අනුව තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් ලසිත් වර්ණකුලසූරිය ද දක්ෂතම පන්දු යවන්නා ලෙසින් පසිඳු තෙන්නකෝන් ද සහ තරගයේ වීරයා ලෙසින් කවිඳු රණසිංහ ද සම්මානයට පාත්‍ර වූහ.

>> මහා සංග්‍රාමයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

සාන්ත ආනා විද්‍යාලය; සියලුම දෙනා දැවී 207 (48.5) වනිත වන්නිනායක 44, දිනෙත් චන්දිමාල් 31, කවිඳු රණසිංහ 54, රන්දීර රණසිංහ 21, ලසිත් වර්ණකුලසූරිය නොදැවී 22, නවීන් මධුරංග 3/22, පසිඳු තෙන්නකෝන් 2/34, නිසංජය හෙට්ටිආරච්චි 2/14

මලියදේව විද්‍යාලය; සියලුම දෙනා දැවී 174 (45.0) දුලාජ් රණතුංග 51, චාලුක අතපත්තු 29, සුපුන් සුමනරත්න 22, මුදිත ප්‍රේමදාස 22, පසිඳු තෙන්නකෝන් 4/30, පුබුදු ගනේගම 2/17, ධනංජය බණ්ඩාර 3/25

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<