සාන්ත ආනාවරුන්ගේ බලාපොරොත්තුව සුන්වේ

985

කුරුණෑගල සාන්ත ආනා සහ මලියදේව විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතෙක් හිමිව නොමැති ජයග්‍රාහී උණුසුම ලබා ගැනීමේ වැඩි වාසි මෙවර තරගයේ දී සාන්ත ආනාවරුන් සතු වූවද, මලියදේව ක්‍රීඩකයන්ගේ වාසනාවත්, නායක දුලාජ් රණතුංගගේ සටන්කාමී දෙවැනි ඉනිමත් හේතුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය තවත් වසරටත් කල් දැමුණි.

ඇතුගල්පුර සටනේ පළමු දිනයේ වැඩි ගෞරවය සාන්ත ආනාවරුන්ට

ඇතුලගල්පුර අයිතිකාරයින් වන කුරුණෑගල සාන්ත ආනා සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර 35 වැනි….

අද (07)  කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී අවසන් වූ 35 වැනි ඇතුගල්පුර සටන ජය පරාජයෙන් තොරව නිමා වූයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සියලු අංගෝපායන්ගෙන් සන්නද්ධව පැමිණි සාන්ත ආනාවරුන්ගේ බලාපොරොත්තු සහමුලින්ම විනාශ කර දැමීමට අයහපත් කාලගුණ තත්ත්වය ආකාරුණික වීම හේතුවෙනි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට මලියදේව ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීමට යන ඉනිමේ සාන්ත ආනාවරුන්ට වඩා ලකුණු 20ක් ඉදිරියෙන් සිටියේ තවත් කඩුලු 4ක් පමණක් අතැතිව ය. තරගයේ අහිමි වූ කාලය පැය 3කට ආසන්න ය.

ලකුණු 153ක් පිටුපස සිටිමින් දෙවැනි දිනය ආරම්භ කළ මලියදේවයන් තම ඉනිම, දිනයේ යැවූ 25 වැනි පන්දුවේ දී අහිමි කර ගත්තේ ලකුණු පුවරුවට තවත් ලකුණු 6ක් පමණක් එක් වෙද්දී ය. ඒ අනුව මලියදේව පළමු ඉනිම ලකුණු 89කට සීමා විය.

දිනයේ පළමු කඩුල්ල ලබා ගැනීම භාග්‍ය ලබා ගැනීමට වනිත වන්නිනායක සමත් විය. ඒ අනුව මලියදේව පළමු ඉනිම අවසන් වන විට ඔහුගේ පන්දු යැවීම කියැවුණේ ලකුණු 33කට කඩුලු 4ක් ලෙසිනි. ඊට අමතරව රන්දීර රණසිංහ කඩුලු 3ක් ද, පුබුදු ගනේගම කඩුලු 2ක් දවා ගත්හ.

මෙවර ඇතුගල්පුර මහා සටනේ ජයග්‍රහණය කා හට ද?

විශිෂ්ට තරග වාරයක අත්දැකීම් ද සමඟින් තිස්පස්වැනි ඇතුගල්පුර මහා සටනට හෙට (09) සහ අනිද්දා (10)…….

ලකුණු 147ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම වෙනුවෙන් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයෝ පළමු ඉනිමේ දී වූ අඩුපාඩු මඟ හරිමින් ක්‍රීඩා කිරීම කැපී පෙණුනි. ඒ අතරින් වඩාත් කැපී පෙණුන ක්‍රීඩකයා වූයේ මලියදේව නායක දුලාජ් රණතුංග ය. ඔහු අද නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තේය. වමතින් පිත්ත හැසිර වූ ඔහුගේ ඉනිම පන්දු 93ක් පුරා විහිදුණ අතර ඊට හතරේ පහර 8ක් සහ හයේ පහරක් එක්ව තිබුණි.

පළමු කඩුල්ල ලකුණු 4 දී දැවී ගිය පසු කණ්ඩායම වෙත නැවත අවාසනාව ඒ දෝ යන සැකයෙන් යුතුව පන්දුවට පහර දුන් මුදිත ප්‍රේමදාස සහ චාලුක අතපත්තු (26) දෙවැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් ගොඩ නගමින් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ආහ. එය මලියදේව දෙවැනි ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාවය ද විය.

ඉනිමක පරාජිත ලකුණු හඹා යන ඉනිමේ දිවා විවේකය වෙද්දී මලියදේවයෝ කඩුලු 2ක් දැවී ලකුණු 82ක් ලබා යම් ඉසුඹුවක් ලබමින් සිටියහ. ඒ වෙද්දී කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක වමත් පිතිකරු මුදිත ප්‍රේමදාස තම කණ්ඩායම වෙනුවෙන් ඉන් ලකුණු හරි අඩකටත් වඩා (42) ලබා සිටියේය. අනෙක් අන්තයෙන් සිටියේ ලකුණු 4ක් ලබා සිටි දුලාජ් රණතුංග ය.

මුදිත අර්ධ ශතකය පෙනි පෙනී තිබිය දී අවාසනාවන්ත ලෙසින් තම ඉනිම නිමා කර ගත්තේ දිවා විවේකයෙන් පසුව ලකුණු 6ක් පමණක් තම ඉනිමට එක් වෙද්දී ය. එම ලකුණු 6ම කණ්ඩායමේ ලකුණු පුවරුවට ද එක් වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 88ක් ලෙසිනි.

මුදිත පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේය. ඉන් අනතුරුව කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට සාන්ත ආනාවරුන් ඉඩ නොදුන්න ද එක් වරෙක නායක දුලාජ් රණතුංග සිව්වැනි කඩුල්ල සඳහා අනෙක් අන්තයෙන් සංජීවන් ප්‍රියදර්ශන (03) තබාගෙන ලකුණු 39ක සබඳතාවක් ගොඩ නැගුවේය.

ටිම් පේන්, ඕස්ට්‍රේලියානු වේදනාව නිවාවිද?

2 018 මාර්තු 29 වැනි දිනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය කඳුලින් තෙත් කළ දිනයකි. ඕස්ට්‍රේලියානුවන් පමණක් නොව මුළුමහත් ලෝක ක්‍රිකට් ප්‍රජාවම …….

සාන්ත ආනාවරුන්ගේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 20ක් ඉදිරියට පැමිණි මලියදේවයන්ගේ දෙවැනි ඉනිම කඩුලු 6කට ලකුණු 167ක් ලෙසින් කියැවෙද්දී, දැවැන්ත ඇතුගල ද නහවමින් ඇද හැලුණ වර්ෂාව තරගයේ පැවැත්මට බාධා වුණි. දිවා විවේකයෙන් පසුව විනාඩි 100ක කාලයක් පමණක් ක්‍රීඩා කිරීමට ඉඩ ලැබූ එම ඉනිම එතැනින් පසුව නැවත ආරම්භ කිරීමට පිටියේ විනිසුරුවන් වූ ප්‍රසාද් අමරසිංහ සහ උපුල් වැවගේ යන මහත්වරුන් අවස්ථා ගණනාවක දී ම පිටිය නිරීක්ෂණය කළහ.

නමුත් තරගයක් පවත්වා ගෙන යෑමට උචිත ආලෝක තත්ත්වයක් වෙලගෙදර ක්‍රීඩාංගණයේ නොතිබීම හේතුවෙන් දෙපිලේ නායකයන් ද ගිවිස ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ තරගයක් ලෙසින් අවසන් කෙරුණි.

තරගයේ පළමු ඉනිමේ දී ඉතාම අවාසනාවන්ත ලෙසින් පසුපසට වූ මලියදේව ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමේ නැගී සිටීමත් සමඟින් ත්‍යාග මේසයේ වඩාත්ම වැදගත් සම්මානයකට හිමිකම් කීමට සමත් වීම කැපී පෙණුනි. ඒ අනුව තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන ලැබීමට මලියදේව නායක දුලාජ් රණතුංග සමත් විය.

අනෙකුත් ත්‍යාග සාන්ත ආනාවරුන් සතු වූ අතර ඒ අනුව දක්ෂතම පන්දු රකින්නා ලෙසින් දිනෙත් චන්දිමාල් ද, දක්ෂතම පන්දු යවන්නා ලෙසින් වනිත වන්නිනායක ද සහ තරගයේ වීරයා ලෙසින් රන්දීර රණසිංහ ද නම් කෙරුණි.

සාන්ත ආනා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 236 (65.4) දනංජය බණ්ඩාර 57, දිනේෂ් චන්දිමාල් 21, වනිත වන්නිනායක 31, රන්දීර රණසිංහ 30, පුබුදු ගනේගම 33, සංජීව ප්‍රියදර්ශන 3/45, නවීන් මධුරංග 3/60, නිසංජය හෙට්ටිආරච්චි 2/47

මලියදේව විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 89 (27.3) දුලාජ් රණතුංග 13, චාලුක අතපත්තු 13, රන්දීර රණසිංහ 3/27, වනිත වන්නිනායක 4/33, පුබුදු ගනේගම 2/15

මලියදේව විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 167 (51.1) දුලාජ් රණතුංග නොදැවී 69, මුදිත ප්‍රේමදාස 48, චාලුක අතපත්තු 26, රන්දීර රණසිංහ 2/50, පුබුදු ගනේගම 2/56

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<