මාලිංග ජාත්‍යන්තරයෙන් සමුගන්නා කාලය නිවේදනය කරයි

232

ලොව සිටින අත්දැකීම් බහුලතම විශිෂ්ට වේගපන්දු යවන්නෙක් සහ වත්මන් ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර විස්ස කණ්ඩායම් හි නායකත්වය දරණ ලසිත් මාලිංග, ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ. ඒ එළඹෙන 2020 ලෝක කුසලාන පන්දුවාර විස්ස විස්සයි ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුවයි.

IPL වලට වඩා මාලිංග රට ගැන සිතා තීරණයක් ගනී

වර්තමාන ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අද (23) ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී (IPL) මුම්බායි…

දකුණු අප්‍රිකාවට එරෙහි තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් පසු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග මේ බව ප්‍රකාශ කර තිබේ.

එළඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු තමන් ජාත්‍යන්තර එක්දින දිවියට සමුදීමට තීරණය කර ඇති බව ද මාලිංග ප්‍රකාශ කර තිබේ.

35 හැවිරිදි මාලිංග වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ලෝක කුසලානයෙන් පසු තමන්ගේ ක්‍රිකට් දිවිය අවසන් වන බවත්, 2020 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වන තෙක් සිය දායකත්වය පන්දුවාර විස්සයි විස්ස පිටියට ලබා දෙන බවත්ය.

ලෝක ක්‍රිකට් පිටියේ යෝකර් රජු ලෙස හැඳින්වෙන මාලිංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පිවිසියේ 2004 වසරේ දී ය. එම වසරේ සිට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ මාලිංග ටෙස්ට් පිටියට සමුදුන්නේ පසුගිය 2010 වසරේ දී ය. ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ඔහු ඉන්දියාවට එරෙහිව තරග වැදීය. ටෙස්ට් තරග 30ක දී මාලිංග කඩුලු 101ක් දවාගෙන තිබේ.

2004 වසරේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නා මාලිංග ටෙස්ට් පිටියෙන් පසු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කළ මාලිංග මේ වන විට එක්දින තරග 218ක දී කඩුලු 322ක් දවාගෙන තිබේ.

ලෝකයේ පන්දුවාර විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභියා වීමට මාලිංගට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු දෙකක් පමණය. ලොව පන්දුවාර විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභියාට හිමි වාර්තාවට මේ වන විට හිමිකම් කියන්නේ පාකිස්තානයේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශහීඩ් අෆ්රිඩිය. ඔහු පන්දුවාර විස්සයි විස්ස කඩුලු 98ක් දවා ගෙන තිබේ.

පන්දුවාර විස්සයි විස්ස තරග 72ට ක්‍රීඩා කර ඇති මාලිංග මේ වන විට දවාගෙන ඇති කඩුලු ගණන 97කි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<