IPL ශූරයින්ට මාලිංගව නැතුවම බැරිවෙයි!

126

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තුල ක්‍රීඩකයෙක් ලෙස තවදුරටත් රඳවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරිත්වය පසුගිය සිකුරාදා තීරණය කර තිබේ.

සොනාල්ගේ අවසන් වෑයම අපතේ යයි

සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර කුල්නාහිදී පැවති …

13 වැනි වරට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ මාර්තු 23 වැනිදා සිට මැයි 12 වැනිදා දක්වා පැවැත්වේ. කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය සඳහා දැනටමත් ඒ ඒ කණ්ඩායම් ක්‍රීඩකයින් අධ්‍යනය කරමින් ගියවර ඔවුන්ගේ සංචිත නියෝජනය කළ ක්‍රීඩකයින් අතරින් මෙවර රඳවා ගන්නා ක්‍රීඩකයින් හා රඳවා නොගෙන වෙන්දේසිය සඳහා මුදා හරින ක්‍රීඩකයින් තෝරාගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බොහෝමයක් ඇලුම් කරන මුම්බායි කණ්ඩායම මාලිංගට අමතරව රෝහිත් ශර්මා, ජස්ප්‍රිට් බුම්රා, හර්දික් පාන්ඩ්‍යා, ක්වින්ටන් ඩි කොක්, කිරන් පොලාර්ඩ්, ඉශාන් කිෂාන්, රාහුල් චහාර්, සූර්යකුමාර් යාදෙව්, මිචෙල් මැක්ලනගන් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් තවදුරටත් සංචිතය තුල රඳවා ගැනීමට තීරණය කර ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පසුගිය වසරේ පැවති IPL අවසන් මහා තරගයේ දී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක් අත්කර දීමට ද සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මාලිංග සමත් විය. 

ලසිත් මාලිංග IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 122ක් ක්‍රීඩා කරමින් කඩුලු 170ක් දවාගෙන තිබෙන අතර දැනට IPL ක්‍රිකට් ඉතිහාසය තුල වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන තිබෙන පන්දු යවන්නා ද වේ.

අලුත් මුහුණුවරකින් එන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මීළඟ වසරේ සිට ඉන්දීය ක්‍රීඩකයන්…

ඊට අමතරව විස්සයි විස්ස තරග 300කට අධික ප්‍රමාණයක් මෙන්ම ජාත්‍යන්තර එක්දින තරග 200කට පමණ සිය දායකත්වය දැක්වීමට මාලිංග සමත් වී තිබේ.

ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරම්භයේ සිටම ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වන අතර ඔහු පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස ද කලක් මුම්බායි කණ්ඩායමට සේවය කළේය. 

IPL ක්‍රිකට් තරග ඉතිහාසයේ දැනට වැඩිම වතාවක් ශූරතාව දිනාගෙන තිබෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වර්තමාන ශූරයින් ලෙස මෙවර තරගාවලියට අවතීර්ණ වන අතර පසුගිය වසරේ දී ඒ සඳහා මුම්බායි කණ්ඩායම මෙහෙයවූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙක් වන මහේල ජයවර්ධන මෙවරත් මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

2020 IPL තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වැනිදා කොල්කටා හිදී පැවැත්වීමට දැනට කටයුතු සූදානම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<