මුම්බායි ඉන්දියන්ස් මාලිංගව එපා කියයි

1503

අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ දා පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගව එළඹෙන වසරේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ සිට නිදහස් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ.

උණුසුම් සටන ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර කල්කටා හිදී පැවැත්වූ පළමු ටෙස්ට් තරගය..

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නිත්‍ය සාමාජිකයින් 4-5ක් පමණක් රඳවා ගැනීමට සිදුවීම නිසාවෙන් මාලිංගගේ වර්තමාන දක්ෂතා සැලකිල්ලට ගෙන ඔහුව සිය කණ්ඩායමෙන් නිදහස් කිරීමට තීරණය කළ බව මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ කළමනාකාරිත්වය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

ලසිත් මාලිංග දඟපන්දු යවන්නෙක්?

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය, ටීජේ ලංකා සමාගම හා එල්. බී ෆිනෑන්ස්..

ඒ නිසාවෙන් එළඹෙන අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිට මාලිංගව ප්‍රසිද්ධ වෙන්දේසියකින් අයි. පී. එල් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම්වලට තෝරා ගැනීමට හැකි වේ.

2009 වසරේ සිට අයි. පී. එල්. තරග ඉතිහාසය තුළ තරග 110කට ක්‍රීඩා කර ඇති මාලිංග එහි දී කඩුලු 154ක් දවා ගැනීමට සමත් වී ඇති අතර තවද අයි. පී. එල්. තරග ඉතිහාසය තුල දැනට වැඩිම කඩුලු ලාභියාව සිටින්නේ ද මාලිංගයි. ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 19.01 පමණ වේ. මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි. පී. එල්. කුසලානයේ වර්තමාන හිමිකරුවන් ද වේ.

මෙම තරගාවලියේ 11 වන දිග හැරුම ලබන වසරේ අප්‍රේල් මස 4 වන දා සිට මැයි මස 31 වන දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<