මාලිංග කැනඩාව දෙවනත් කරන්නට සැරසේ

1894

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමා වීමෙන් පසු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග, කැනඩා ග්ලෝබල් විස්සයි විස්ස තරගාවලියට (Global T20 Canada league) එක්වීමට නියමිතයි.

ලසිත් මාලිංග සමඟම පන්දුව පලුදු කිරීම නිසා තරග තහනමට ලක්වූ ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්, ක්‍රිස් ගේල්, ෂහිඩ් අෆ්රිඩි, ඩැරන් සැමි, සුනිල් නරින්, ඩේවිඩ් මිලර් හා ඩ්වෙන් බ්‍රාවෝ වැනි සුපිරි ක්‍රීඩා තරු රැසක් මෙම තරගාවලියට එක්වීමට නියමිතයි. ජුනි 28 වැනිදා ආරම්භ වන මේ තරගාවලිය මාසයක් පුරා පැවැත්වීමට නියමිතයි.

කෝලිගේ රසිකයින්ට කණගාටුදායක ආරංචියක්

ඉන්දියානු කණ්ඩායම ටෙස්ට් තරග පහක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත අතර එම …

තරග තහනමට ලක්වීමෙන් පසුව හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් හට ඕස්ට්‍රේලියාවෙන් පිටත දේශීය තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ලබා දී ඇති අතර ඔහුත් සමඟම තරග තහනමට ලක්වූ ඩේවිඩ් වෝනර් ද මෙම තරගාවලියට එක්වීමට ඉඩකඩ ඇතැයි ද වාර්තා වේ.

ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වනු ඇත. කැනඩාවේ නගර නියෝජනය කරමින් එඩ්මන්ටන් රෝයල්ස්, මොන්ට්‍රියෙල් ටයිගර්ස්, ටොරන්ටෝ නැෂනල්ස්, වැන්කුවර් නයිට්ස් හා විනිපෙග් හෝක්ස් කැනඩාවෙන් මෙම තරගාවලියට එක්වන අතර සයවැනි කණ්ඩායම ලෙස බටහිර ඉන්දීය කොදෙව් දූපත්  නියෝජනය කරමින් කණ්ඩායමක් එක්වනු ඇත.

කැනඩා ක්‍රිකට් පාලක මණ්ඩලය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය අතර තිබෙන නිල සබඳතාවකට අනුව කොදෙව් කණ්ඩායමක් මෙම තරගාවලියට එක්වන අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානි ඩේව් කැමරන් මහතා තරගාවලිය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

ක්‍රිකට් පිටිය කැළඹූ ඩිවිලියර්ස්ගේ ප්‍රකාශය

වර්තමාන ක්‍රිකට් පිටියේ අද්විතීයම පිතිකරුවෙකු ලෙස සැලකිය හැකි දකුණු අප්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස් …

“බටහිර කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් මම කැනඩා ග්ලෝබල් විස්සයි විස්ස තරගාවලියට සුබ පතනවා, කලාපයේ ක්‍රිකට් සංවර්ධනයට මෙවැනි තරගාවලි වල සාර්ථකත්වය ඉතා වැදගත්, අපි කැනඩා ක්‍රිකට් පාලක මණ්ඩලයට උපරිම සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා.”

තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය මැයි 31 වැනිදා පැවැත්වේ. තරග 22ක් මෙම තරගාවලිය පුරා දියත්වන අතර ජූලි 16 වැනිදා අවසාන මහා තරගය පැවැත්වෙනු ඇත. සියලු තරග ටොරෙන්ටෝ නගරයට උතුරෙන් ඇති මේපල් ලිෆ් ක්‍රිකට් සමාජයේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන අතර අසුන් 7000කට එම ක්‍රීඩාංගණය නවීකරණය කරනු ඇත. “ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස තරගාවලිය තමයි ICC සම්පූර්ණ සාමාජිකත්වය නොලැබූ රටක් දියත් කරන පළමු ප්‍රධාන විස්සයි විස්ස ලීග් තරගාවලිය, මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය දියුණුවට හේතු වේවි, ලෝකයේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් දැක බලා ගැනීමට කැනඩා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබේවි, මම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තුති කරන්න කැමතියි කැනඩාවේ ක්‍රිකට් නගා සිටුවන්න ඔවුන් දෙන සහයෝගය පිළිබඳ.” කැනඩා ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානි රන්ජිත් සයිනි ප්‍රකාශ කර සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<