ලෝක කුසලානයේ දී මාලිංග ප්‍රබල තුරුම්පුවක් – චමින්ද වාස්

1072

ලොව එතෙක් මෙතක් බිහි වූ සුපිරි වේගපන්දු යවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට වැදගත්ම තුරුම්පුවක් වනු ඇති බව පවසා තිබේ.

“ඉන්දියාව එක්ක වගේ අපි හැම තරගයක්ම සෙල්ලම් කරනවා” – සෆ්රාස් අහමඩ්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන සෑම තරගයක දී..

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පසුගිය සතියේ දී ප්‍රකාශයට පත්කළ අතර දිගු නිහැඬියාවක් පෙන්නුම් කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම නැවත වතාවක් සංචිතයට කැඳවීම බොහෝ දෙනාගේ කතා බහට ලක්විය.

“ගෙවී ගිය අවසන් මාස කිහිපයක කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එතරම් සුබදායී වුනේ නැහැ. නමුත් අපි ලෝක කුසලානයට තෝරාගෙන තිබෙන ශ්‍රී ලංකා සංචිතයේ සංයුතිය බැලූ විට තේරීම් කමිටුව ඔවුන්ට කළ හැකි උපරිම දේ සිදු කොට හොඳ සංයුතියක් සහිත සංචිතයක් තෝරාගෙන තිබෙනවා කියලා මට හිතෙනවා. ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන්ගේ රට වෙනුවෙන් සිය උපරිම දස්කම් දක්වයි කියලත් මට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි චමින්ද වාස් පවසයි.

“මට කවදාවත් ඒ දසුන අමතක නොවේවි” – දසුන් ශානක

පසුගිය පාස්කු ඉරිදා දිනයේ ඇති වූ පිපිරුම් මාලාවට හසුවීමට ගිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක…

2017 වසරේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ වාස් ලසිත් මාලිංග ලොව විශ්වාසය දිනා ගත් අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස සලකයි. “කිසිම ප්‍රශ්නයක් සැකයක් නැහැ මාලිංග කියන්නේ ලෝක පූජිත දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුගේ කර මත තමා අපේ පන්දු යවන බල ඇණියේ වැඩි බරක් තියෙන්නේ. ඔහුට හොඳ නායකත්ව ගුණාංගයක් තියෙනවා කියලත් මම හිතනවා.” යැයි චමින්ද වාස් වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍ය වෙත පැවසීය.

“මාලිංග ඕනෑම වෙලාවක 100% කණ්ඩායම වෙනුවෙන් සිය ජවය ලබා දෙනවා. ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙනුත් ක්‍රීඩා කරන කොට අපි එය ඔහුගෙන් දුටුවා. ඔහු අයි. පී. එල් තරගාවලිය තුල ශ්‍රී ලංකාවේ පැවැත්වුණු සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියටත් සහභාගී වෙලා දස්කම් පෙන්නුවා. ඔහු එළඹෙන ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට ප්‍රබල තුරුම්පුවක් වෙයි කියල මට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි වාස් ලසිත් මාලිංග පිළිබඳව පවසන ලදි.

2015 වසරේ පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වරට එක්දින තරගයක් ලෙස ක්‍රීඩා කර තිබෙන දිමුත් කරුණාරත්න ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අතර ගෙවී ගිය වසර දෙකක කාලය තුල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ දී ශ්‍රී ලංකා එක්දින නායකත්වය ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අතර නිරන්තරයෙන් හුවමාරු විය.

ලොව පුරා කාන්තා ක්‍රිකට් නංවාලිය යුතුයි – එලයිසා හීලි

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකාරිනියක් වන එලයිසා හීලි ලොව පුරා කාන්තා…

වමතින් වේගපන්දු යවන චමින්ද වාස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල කඩුලු 355ක් හා එක්දින පිටිය තුල කඩුලු 400ක් දවාගෙන ඇති සුපිරි පන්දු යවන්නෙකි. “නායකත්වය තමයි මට පොඩ්ඩක් හරි ගැටලුවක් වෙලා තිබුණේ, නමුත් දිමුත් කරුණාරත්න ඔහුට ලැබුණු මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන හොඳ දස්කම් අතරට එයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔහු ගැන ලොකු විශ්වාසයක් තියලා වෙන්න ඕන තේරීම් කමිටුව ඔහුව ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නායකයා ලෙස තෝරාගෙන තිබෙන්නේ. අපේ කණ්ඩායම එකට එකතු වෙලා හොඳට ක්‍රීඩා කළොත් ලෝක කුසලානයේ දී ලොකු දෙයක් කරන්න පුළුවන්.” වාස් අවසන් වශයෙන් එසේ පැවසීය.

2019 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙනු ලබන පළමු තරගය ජුනි 1 නවසීලන්තය සමඟ පැවැත්වෙන අතර ඒ තරගය එංගලන්තයේ කාර්ඩිෆ් හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<