මන්කාඩ්ගෙන් පස්සේ මාලිංගගේ නිපන්දුව IPL රත්කරයි

415
Malinga

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (IPL) තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ඊයේ (28) බැංගලෝර් හිදී පැවැත්වුණු තරගය ලකුණු 6කින් ජය ගැනීමට මුම්බායි කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව සමච්චලයට ලක් කළ එංගලන්ත ක්‍රීඩිකාවෝ T20 කිරුළත් දිනති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති..

කෙසේ නමුත් එම තරගය පිළිබඳව මුළු ක්‍රිකට් ලෝකයේම අවධානය මේ වන විට යොමු වී ඇත්තේ මුම්බායි කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග ක්‍රියාත්මක කළ අවසන් පන්දුවේ දී යැවුණු, විනිසුරු හා තෙවැනි විනිසුරු නෙත නොගැටුණු නිපන්දුවක් පිළිබඳවයි.

එම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම ඔවුන්ගේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 187ක් රැස්කරගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක රෝහිත් ශර්මා ලකුණු 48ක් ලබා ගන්නා ලදි.

බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් අවසන් පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කළ ක්‍රීඩකයින් හට දැඩි පිති ප්‍රහාරයක් දියත් කළ දකුණතින් පිතිකරණයේ නිරත වන හාර්ඩික් පාණ්ඩ්‍යා 6 පහර 3ක් හා 4 පහර 2ක් එල්ල කරමින් පන්දු 14ක් තුල නොදැවී රැස්කරගත් ලකුණු 32* රැස් කරන්නට සමත් විය.

තරගකාරී ලකුණු මට්ටමක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුණු බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් නායක විරාත් කෝලි හා ඒ. බී. ඩිවිලියර්ස් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ වේගවත් ලකුණු 49 සබඳතාවය අඩිතාලමක් කරගෙන ඩිවිලියර්ස් සිය කණ්ඩායම ජයග්‍රහණය අභියසට රැගෙන ආවේය.

එංගලන්ත ක්‍රීඩිකාවෝ වේලාසනින්ම තරගාවලිය නිමා කරති

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නොනවතින පරාජයන් රැල්ලට හසු වූ තවත් එක් තරගයක් බවට…

සෑම විටම තරගයේ ජය පැරදුම දෙපිල අතර දෝලනය වන්නට වූ මේ තරගයේ අවසන් පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කළේ ජස්ප්‍රිට් බුම්රා හා ලසිත් මාලිංග විසිනි. ඔවුන් දෙදෙනා තරගයේ තීරණාත්මක හා වැදගත්ම පන්දුවාර කිහිපය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කිරීමට සමත් විය. බුම්රා ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාර 3 තුල ලකුණු 8කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ වසර දෙකකට පසුව IPL පිටියට පිවිසි ලසිත් මාලිංග වෙතයි. ලසිත් මාලිංග විසින් යැවූ අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවේ දී බැංගලෝර් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් ද, සුපිරි පන්දුවාරයකට තරගය රැගෙන යාම සඳහා ලකුණු 6ක් ද අවශ්‍ය විය.

එහි දී මාලිංග විසින් ක්‍රියාත්මක කළ අවසන් ෆුල්ටොස් පන්දුවට ඒ. බී ඩිවිලියර්ස් විසින් වාර්තා කළේ එක් ලකුණක් පමණි. එහෙත් එය නිපන්දුවක් බව දැකගන්නට ලැබුණේ විනිසුරුවන් හෝ තෙවැනි විනිසුරුවරුන් අතින් නොව, ක්‍රීඩාංගණයේ සවි කර තිබූ දැවැන්ත පුළුල් තිරය මතයි. ඒ වන විට සිය ජය පරාජයේ දුක සතුට බෙදා ගනිමින් සිටි දෙපිලේම ක්‍රීඩකයින්ගේ අවධානය යොමු වූයේ එය දෙසටයි.

වත්මන් ක්‍රිකට් නීතිය යටතේ පවතින නිදහස් පහරේ නීතිය (Free – Hit) නිසා අදාළ නිපන්දුව විනිසුරු විසින් සටහන් වූයේ නම්, ඒ වන විට ලකුණු 70*ක් ලබා සිටි ඩිවිලියර්ස් අතින් ඕනෑම දෙයක් සිදුවන්නට තිබූ බව ප්‍රතික්ෂේප කළ නොහැකිය.

අදාළ නිපන්දුවේ දර්ශන දුටු බැංගලෝර් නායක කෝලි තරගය අවසන් වූ වහාම පවත්වනු ලබන සම්මුඛ සාකච්ඡාවේ දී පවසා සිටියේ මෙවැන්නකි.

“මේ අප ක්‍රීඩා කරන්නේ යම් රටක දේශීය ක්‍රිකට් තරගාවලියක් නොවේ. මේක ලොවක් අවධානය දිනා ගන්නා IPL තරගාවලිය. තරග විනිසුරුවරුන් සෑම විටම හොඳ විමර්ශනයෙන් ඉන්න ඕන. විශේෂයෙන්ම ජයග්‍රහණය සඳහා මේ වගේ තියුණු සටනක් යන වේලාවක ගොඩක් අවධානයෙන් හිටියේ නැතිනම් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ ඒ වෙලාවේ දී ඇත්තටම මොකද වුනේ කියලා.”

සාන්ත ජෝසප් හා සාන්ත තෝමස් විද්‍යාලය අවසන් 4ට

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටිය තවදුරටත් උණුසුම් කරවන සිංගර් කුසලාන වයස අවුරුදු 19න්..

එසේම මේ තරගය යම් හෙයකින් බැංගලෝර් කණ්ඩායම ජය ගත්තා නම් එහි දී තරගයේ වීරයා වනු ඇත්තේ ඩිවිලියර්ස්ය. නමුත් මේ තරගයේ ඩිවිලියර්ස් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම පළමු ස්ලිප් කලාපයේ සිටි යුවරාජ් සිං වෙත උඩපන්දුවක් පැමිණි නමුත් ඔහුට එය රැකගැනීමට නොහැකි විය. එහි දී පන්දු යවමින් සිටියේ මායන්ක් මාර්කන්දේ විසිනි.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලබාගත් පළමු ජයග්‍රහණය ඊයේ (28) රාත්‍රියේ දී වාර්තා කරන විට, බැංගලෝර් කණ්ඩායම ඔවුන් සහභාගී වූ දෙවැනි තරගයෙන් ද පරාජයට පත්විය.  

තරගයේ වීරයා – ජස්ප්‍රිට් බුම්රා (මුම්බායි)

මුම්බායි ඉන්දියන්ස් – 187/8 (20): රෝහිත් ශර්මා 48, සූර්ය කුමාර්යාදෙව් 38, හාර්ඩික් පාණ්ඩ්යා 32*, යුස්වෙන්ද්ර චහාල් 4/38.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – 181/5 (20): ඒ. බී. ඩිවිලියර්ස් 70*, විරාත් කෝලී 46, ජස්ප්රිට් බුම්රා 3/20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<