මාලිංගගේ IPL ගමනට වීසා ලැබෙයි

488

ශ්‍රී  ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා වේ.

IPL වලට වඩා මාලිංග රට ගැන සිතා තීරණයක් ගනී

වර්තමාන ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ….

දකුණු අප්‍රිකාවේ සිට අද (26) ශ්‍රී ලංකාව බලා පැමිණි ලසිත් මාලිංග මේ මස 28 වැනිදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගය හා මේ මස 30 වැනිදා කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගවල දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා වේ.

එම තරග දෙක ක්‍රීඩා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් මාලිංග දිවයිනට පැමිණීමට නියමිත අතර සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසුව (අප්‍රේල් 10) නැවතත් ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානමින් සිටියි.

කෙසේ වෙතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටින්නේ IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සිදු කරන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියක් පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොතිබූ බවයි.

එංගලන්ත ක්‍රීඩිකාවෝ වේලාසනින්ම තරගාවලිය නිමා කරති

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නොනවතින පරාජයන් ….

“ඉන්දීය  ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර අප සිතුවේ ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස්  කණ්ඩායම වෙනුවෙන් සෑම තරගයක්ම ක්‍රීඩා කරන එකක් නැහැ කියලා. කොහොම නමුත් අපි මාලිංගව IPL තරගාවලියේ හැකි සෑම තරගයක්ම ක්‍රීඩා කරන්න පුළුවන් විදියට අවස්ථාව සලසා දීලා තියෙන්නේ කියලා ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දීලා තියෙනවා.

IPL වගේ ලෝක මට්ටමේ තරගාවලියක් ක්‍රීඩා කරනවා කියන්නේ ඕනෑම ක්‍රීඩකයෙක්ට විශාල අත්දැකීම් රැසක් ලැබෙනවා. මේ  වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන ජාස්ප්‍රිට් බුම්රා ආබාධයකට ලක්වෙලා ඉන්න නිසා මාලිංගට වැඩි අවස්ථාවක් තියෙනවා සෙල්ලම් කරන්න.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා Daily News වෙත  පවසා තිබේ.

මේ වන විට මතුව ඇති මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද මැදිහත් වී ඇති අතර මෙම තත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව විවේචනය කර ඇති බව එරට ක්‍රීඩා මාධ්‍ය විසින් වාර්තා කරයි.

අසන්ත ද මෙල් සහ ඇන්ජලෝ මැතිව්ස් අතර හමුවක්

ලබන මැයි මාසයේ එංගලන්තයේ දී පැවැත්වෙන …..

“මාලිංග IPL ගියා කියලා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේවත්, අපේවත් ඊට කිසිම විරුද්ධත්වයක් නැහැ. එක්දින තරගවල අපිට ඉන්න වේගපන්දු යවන්නන් අතරින් ඉන්න හොඳම පන්දු යවන්නෙක් තමයි මාලිංග කියන්නේ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා අසන්ත ද මෙල් මහතා පැවසීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වඩා සාර්ථකම පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග හඳුන්වන අතර ඔහු IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ද වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පළාත් අතර පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් පමණක් ලෝක කුසලාන සංචිතයට නම් කරන බවයි.

මාලිංග අප්‍රේල් 4 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා  සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර එම  තරගාවලියේ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය තෝරාගන්නා නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවී සිටීමට තීරණය කර තිබූ නමුත් ගිවිසුම් ගත වී ඇති කොන්ත්‍රාත්තුව අනුව එය කිරීමට අපහසු බව මුම්බායි ඉන්දියන් කණ්ඩායම් කළමනාකාරිත්වය අදහස් දක්වා තිබුණි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ මාලිංගට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කළ හැකි සෑම තරගයක්ම ක්‍රීඩා කරන ලෙසයි.

නවතම තත්ත්වය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (26) සවස මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටියේ, තරගකාරී හා ලොව ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එකිනෙකා හමුවන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්, ලසිත් මාලිංගව දේශීය පළාත් තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබෙන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<